ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වෙසක් පුන් සඳ බැබළි බැබළී නුබගැබේ හිනැහෙයි සසරෙ කළ පින් මතක් වී හද සොම්නසින් පිනැවෙයි නෙතු පියන් පියවෙන්න කලියෙන් සිත් සතන් සැනසෙයි උතුම් බුදු හිමි සසර දිනුවේ අද වගේ දිනෙකයි - ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
මැයි 11 ඉරිදා අ.භා. 08.03 පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ. 12 සඳුදා සිල්
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
ක්‍රි.පූ. 236 වැන්නෙහි දී දෙවනපෑතිස් රජ දවස සම්බුදු දහම මෙරටට ලැබුණු දින සිට අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බව මහාවංශය, දීපවංශය ආදී වංශ කතා සාක්ෂි දරයි. දෙවනපෑතිස් රජුගේ දෙවන රාජාභිෂේකය සිදු කරන ලද්දේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක බවත්, එතැන් පටන් සම්බුදු තෙමඟුල රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බවත් එහි සඳහන් ය. දුටුගැමුණු රජතුමා විසි හතර වසරක් ද, භාතිකාභය රජු විසි අට වසරක් ද, වසභ රජු හතළිස් හතර වසරක් ද, වෙසක් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බවත් මෙයට අමතරව සද්ධාතිස්ස, උත්තිය, භාතිකාභය, වෝහාරිකතිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස, සේන, පළමු පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරු ද වෙසක් තෙමඟුල සැමරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් බවත් වංශ කතාව සඳහන් කරයි. තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි, ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ ද සහාය ඇතිව ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවාසී ජනතාවට ශ්‍රී බු.ව. 2569 රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජන කොටස්වලින් ද, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ආගමිකයන් ද සමන්විත ශාසනික වශයෙන් මෙන් ම, භූගෝලිය වශයෙන් ද ඉතා වැදගත් දිස්ත්‍රික්කයකි. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ විශේෂත්වය වන්නේ බෞද්ධ ජනතාව පමණක් නොව හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමිකයන් ද සම්බන්ධ කර ගනිමින්, ඔවුනගේ ද සහාය ඇතිව මෙම වෙසක් මහෝත්සවය සිදු කිරීමයි.
බුදු උපත සිදුවූ ක්‍රි.පූ. 6 වැනි සියවස ඉන්දියාවේ බ්‍රාහ්මණ ආධිපත්‍යය, ඒකාධිකාරය බලවත්ව ක්‍රියාත්මක වූ අවධියකි. එනිසා ම මනුෂ්‍ය සමානත්වය පිළිබඳව දේශනා කිරීමටත්, ප්‍රායෝගික ව භික්ෂු සමාජයෙහි සියලු මනුෂ්‍යයන්ට, ශ්‍රාවකයන්ට, සමානාත්මතාවෙන් සැලකීමට, සමාන වරප්‍රසාද හිමි කර දීමට බුදුරදුන් දැඩි වෙහෙසක් දැරූ සැටි පැහැදිලි වේ. එවකට පැවති චතුර් වර්ණය ම සමානාත්මතාවයෙන් දැක්වූ බුදුරදුන් “චත්තාරො වණ්ණා සම සමා’ යනුවෙන් බ්‍රාහ්මණයන්ට පිළිතුරු දුන් අයුරු සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රයෙන් විස්තර වේ. ඒ පිළිබඳ බුදුරදුන් සමඟ වාදයට පැමිණ බ්‍රාහ්මණයන්ට මිනිසුන්ගේ උපතින් වෙනසක් නොමැති බවත්, කි‍්‍රයාවෙන්, භාවිතයෙන් ම වෙනස්කම් දැකිය යුතු බවත් පැහැදිලි කළහ. සුත්ත නිපාතයේ සුන්දරික භාරද්වාජ බමුණා අමතා “මා ජාතිං ප්‍රචාර චරණංච ප්‍රචාර යනුවෙන් ජාති ගෝත්‍ර නො විමසන්න. හැසිරීම, ක්‍රියාකාරිත්වය ම විමසන්න. යනුවෙන් ක්‍රියාව ම අගය කළහ. ‘නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො යනුවෙන් උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නොවන බවත් “කම්මනා වසලො හොතිකම්මනා හොති බ්‍රාහ්මණො යනුවෙන් ක්‍රියාවෙන් ම වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වන බවත් පැහැදිලි කළහ. කුල, ගෝත්‍රවාදයෙන් අතිශය පීඩාවට පත්ව සිටි සමාජයට අස්වැසිල්ලක්, සැනසිල්ලක් උදා වූයේ කරුණු සහිත ව මනුෂ්‍ය සමානත්වය පිළිබඳ ව බුදුරදුන් ඉදිරිපත් කළ දේශනා තුළිනි. පුද්ගල සහ සමාජ ක්‍රියාකාරකම් පුද්ගලයාගේ හා සමාජයේ යහපත, අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ එම ක්‍රියාකාරකම්හි ධාර්මිකත්වය අනුව ම බව ඒ අනුව පැහැදිලි ය. වර්තමාන සමාජයෙහි වුව ද අධම, උත්තම පුද්ගලයන් හඳුනාගත යුත්තේ ක්‍රියාකාරකම් අනුව ම බව බුදු දහමෙන් ලැබෙන උපදේශය යි. එහෙත් සමාජය හැඩගැසී ඇත්තේ දහමට අනුව නොවන හෙයින් මුදල සහ දරන තනතුර අනුව පුද්ගලයන් වර්ග කරන බව පෙනේ. ගුණය වල්වැදී ඇත්තේ එහෙයිනි.
ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී නොහොත් බුද්ධවර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව ය. එබැවින් බුදු සමයේ ආභාෂය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීන ව සමාජගත ව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක් වූහ. අවිහිංසාව, ශ්‍රද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමඟ ම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීම යි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන් ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින් ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසා ය. මෙම උත්සව අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකට ම වඩා වැදගත් ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේ දී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මඟුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත් චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි. පුරාතන ශ්‍රී ලංකාවේ පැවති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි. පූ. 101-77) රාජ්‍ය සමයේ දී ය. “මහා වේසාඛ පූජා ච චතුවීසති කාරයිං” යනාදී වශයෙන් දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතරක් පැවැත් වූ බව එහි කියැවෙයි.
මනුෂ්‍යයකුට ආගමක් අවශ්‍ය වන්නේ තම තමාගේ විමුක්තිය සඳහා පින් රැස් කර ගැනීමට යි. පින් අවශ්‍ය වන්නේ ඒ ඒ මිනිස් ජීවිතය සඵලවත් කර ගැනීමටත්, සසර දුකින් නිදහස් වීමටත් ය. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි පුඤ්ඤාභිසන්ද සූත්‍රයෙහි පින් රැස්කර ගන්නා ආකාරය පැහැදිලි කළහ. ස්වර්ග මෝක්ෂ සියලු සැප සම්පත් ගෙන දෙන්නා වූ කුසලෝත්පත්ති තුනක් ප්‍රධාන වශයෙන් එහි දැක්වෙයි. බුදුන් සරණ යාම, ධර්මය සරණ යාම, සංඝයා සරණ යාම යන තෙරුවන් සරණ යාම බුදු සසුනෙහි උසස් ම කුසල මාර්ගයන් ලෙසයි එහි ප්‍රකාශ කොට ඇත්තේ. එම තෙරුවන් ගුණ දැනහැඳින සසරින් මිදීම සඳහා ඒ තෙරුවන සරණ කර ගත්, පිහිට කර ගත් තැනැත්තා බෞද්ධයා යැයි අපි සලකමු. බුදුරජාණන් වහන්සේ “තුම්මේහි කිච්චං ආතප්පං - අක්ඛාතාරො තථාගතෝ” යන දේශනාවෙන් තමාගේ දියුණුූව තමා විසින් ම සලසා ගත යුතු බව පෙන්වා වදාළහ. බුදුරජාණන් වහන්සේට කළ හැක්කේ නිවැරැදි මාර්ගය ලෝකයාට පෙන්වා දීම පමණයි. කෙනකුගේ ජීවිතය තවත් කෙනකුට සකස් කර දිය නො හැකි ය. “අත්තාහි අත්තනො නාථෝ” තම තමන්ගේ ජීවිතවලට වග කිවයුතු එම තැනැත්තා ම ය. “සුද්ධි අසුද්ධි පච්චත්තං - නාඤ්ඤ මඥේඤා විසොධයෙ” තමා හොඳ කෙනකු කරන්නේත්, නරක කෙනකු කරන්නේත් තමා විසින් ම ය. බෞද්ධකම හෙවත් බුද්ධ ශ්‍රාවක බව ලබා ගැනීම ද පරම දුර්ලභ කාරණයකි. ඒ සඳහා මිනිසත් බවත්, සම්බුදු සසුනත් විශේෂයෙන් අවශ්‍ය වේ. එබැවින් කරන ලද බොහෝ කුසල් ඇති කෙනකුට විනා අනෙකකුට නියම බෞද්ධයෙක් විය නොහැකි ය. සතර මහා දිවයිනට අධිපති සක්විති රජ පදවියක් ලබනවාට වඩා මම හොඳ බෞද්ධයෙක්මි’යි යමෙකුට අවංක ව ප්‍රකාශ කරන්නට පුළුවන්කමක් ඇතොත් මනුලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ඔහු ලෙස සැලකිය හැකි ය.
බෝසතාණන් වහන්සේට බුද්ධත්වය පිළිබඳ මූල බීජය සිද්ධි ඇති කරනු ලැබුවේ මව්තුමිය විසිනි. මුහුදු ගමනක් අතරතුර ගමන් කළ නැව බිඳී මුහුදු බත් වූ විට තම මෑණියන් කර තබා ගෙන පිහිනා මවගේ ජීවිතය බේරාගත් අවස්ථාවේ තම පුතා අමතා “පුතේ උඹ මතු බුදු වෙයන්” යයි ප්‍රාර්ථනා කළ බෝසත් මෑණියෝ එදා තම පුතාගේ මනස තුළ බුදුබව පිළිබඳ පළමු අපේක්ෂාව ඇති කළා ය. එම අවස්ථාවේ බෝසතුන්ගේ සිත්හි ලා ධාරණය වූයේ, " මම බුදු බව අවබෝධ කර ගෙන අන් අයට ද අවබෝධය ලබා දෙමි. මම මේ සසරින් මිදී අන් අය ද සසර කතරින් මුදවාලමි. මම මේ සසර තරණය කොට අන් අය ද සසරින් එතෙර කරවමි" යනුවෙනි. මේ සසර නම් වූ රෝගය මහා බියජනක ය. බෝසතාණන් වහන්සේ අනන්ත වූ සසර ගමනට පිවිසෙන්නේ මේ උතුම් සිතිවිල්ල සිත දරා ගෙන ය. එතුමාට සසර ගමනේ දී හමුවන දීපංකර බුදුරජාණන් වහන්සේ එකල සුමේධ තාපස නමින් සිටි බෝධිසත්වයන් වහන්සේට නියත විවරණ ලබා දෙන්නේ මතු ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන බව ස්ථිර වශයෙන් ප්‍රකාශ කරමිනි. මින් තවත් ධෛර්යවත් වන උන්වහන්සේ් අනන්ත වූ සංසාර ගමනෙහි නොයෙකුත් ආත්ම භාවයන්හි ඉපිද බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කොට තව්තිසා දෙව්ලොව ඉපිද පස්මහා බැලුම් බලා (කාලය, දීපය, දේශය, කුලය, මව්) දඹදිව කිඹුල්වත්පුර නුවර සුද්ධෝදන රජුට දාව මහාමායා දේවිය කුස පිළිසිඳ, දස මස් ඇවෑමෙන් ලුම්බිණි සල් උයනේ දී වෙසක් පුන් පෝ දින මව්කුසින් බිහි ව අභීත ප්‍රකාශයක් කළේ ය.එම උතුම් අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා විසිනම වැනි වියේ දී සියලු සැප අතහැර මහාභිණිෂ්ක්‍රමණය කොට තවුස් පැවිද්දෙන් පැවිදි ව, වසර හයකටත් වැඩි කාලයක් ගුණදම් පූර්ණය කොට, විදසුන් වඩා ප්‍රඥා ලෝකයෙන් සියලු කෙලෙසුන් මුලින් සිඳ දමා තිස්පස්වන වියේ දී උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගත්හ.
මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය ස්‍යාමෝපසම්පදා විනය කර්මය
“ධම්මයාත්රා” ඉංගි්රසි ත්‍රිපිටක පොත් බෙදා දීමේ පුණ්යාත්සවය
සිරිපතුල අනුරුවක් පූජා කිරීමේ පුණ්‍යමහෝත්සවයක්
සඳමෙත් අරණට දාන ශාලාවක්
රිල්පොල රාහුල හිමියෝ සංඝ නායක පදවියෙන් පිදුම්ලබති
බුදුසරණ පුවත්පත් 500ක් බෙදාදීම ඇල්පිටියේදී
බුදුසරණ පුවත්පත් බෙදාදීම සීනිගොඩ දී
“සංකල්ප” විහාරයේ වෙසක් පින්කම්
සද්ධර්ම ප්‍රභා රශ්මි වෙසක් කලාපය
ශ්‍රී සුගත වෙසක් කලාපය
කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවයක්
පෝදා පින්කම්
පිහිට පතයි
පැන විසඳුම්
ඉතිරිය»
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා දිට්ඨි: ජීවිතයේ සහ ලෝකයේ ඇස
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා සංකප්ප: නිර්වාණගාමී පටිපදාව ශක්තිමත් කරන පාදම නිවැරැදි කල්පනාවයි
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා වාචා: දෙවියන්ගේත් ප්‍රසාදය ලැබෙන සුභාෂිතය
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා කම්මන්ත: මිනිසියාවෙන් පිරුණු දිවියක ගුණ සුවඳ
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා ආජීව: මිච්ඡා ආජීවයෙන් දුරුවන ත්‍රිවිධ විරති
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා වායාම: කෙලෙස් සතුරන් මඟ හරින්නට සිත සිහිය පිහිටුවමු
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා සති: ඇලීම් ගැටීම් දුරු කරන්නට යහපත් සිහිය
නිවන් දොර අරින අරි අටැඟි මඟ - සම්මා සමාධි: කුසල් සිත්හි සිත එකඟ කර ගැනීමට ...
සුවපත් මනසක් සුවබර දිවියක් 24 කොටස: භාවනාව වේදනාකාරී අභ්‍යාසයක් කර ගන්න එපා
සතුට සැනසුම උරුම සැහැල්ලු පැවතුම් ඇති අයටයි
සිහි කර සම්බුදු ගුණ කඳ සමුදා - පින් පුරවා ගමු දිවි මඟ සරසා
ධර්මාවබෝධයට අප්රමාදී වන්න
පුර පෑළවිය සඳ - 18 කොටස
පරමාදර්ශී රාජ්‍යයකට සම්බුදු දහමේ පූර්වාදර්ශය
උපසම්පදාවෙන් අඩසියවස සපුරණ බද්දේගම සිරිරතන නා හිමියෝ
ඓතිහාසික උරුමයක අභිමානනීය සලකුණ අනුරාධපුර දළදා මාලිගය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]