 රාජ්‍ය වෙසක් මහෝත්සවය
නුවරඑළිය ජාත්‍යන්තර
බෞද්ධ මධ්‍යස්ථානයේ දී
ශාස්ත්‍රපති
වැලිවිටියේ සුජීව හිමි
ක්‍රි.පූ. 236 වැන්නෙහි දී දෙවනපෑතිස් රජ දවස සම්බුදු දහම මෙරටට ලැබුණු දින සිට
අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බව මහාවංශය, දීපවංශය
ආදී වංශ කතා සාක්ෂි දරයි.
දෙවනපෑතිස් රජුගේ දෙවන රාජාභිෂේකය සිදු කරන ලද්දේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක
බවත්, එතැන් පටන් සම්බුදු තෙමඟුල රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බවත් එහි සඳහන් ය.
දුටුගැමුණු රජතුමා විසි හතර වසරක් ද, භාතිකාභය රජු විසි අට වසරක් ද, වසභ රජු හතළිස්
හතර වසරක් ද, වෙසක් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බවත් මෙයට අමතරව
සද්ධාතිස්ස, උත්තිය, භාතිකාභය, වෝහාරිකතිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස, සේන, පළමු
පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරු ද වෙසක් තෙමඟුල සැමරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්
බවත් වංශ කතාව සඳහන් කරයි.
තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි, ජනාධිපතිතුමන්ගේ
උපදෙස් පරිදි, ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ ද සහාය ඇතිව
ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබා දෙමින් ශ්‍රී
ලංකාවාසී ජනතාවට ශ්‍රී බු.ව. 2569 රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය
කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත්
අන්දමින් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, බෞද්ධ
කටයුතු දෙපාර්තමේන්තුවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, සමස්ත ලංකා
ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජන කොටස්වලින් ද,
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ආගමිකයන් ද සමන්විත ශාසනික වශයෙන් මෙන් ම, භූගෝලිය
වශයෙන් ද ඉතා වැදගත් දිස්ත්‍රික්කයකි. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ විශේෂත්වය වන්නේ
බෞද්ධ ජනතාව පමණක් නොව හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමිකයන් ද සම්බන්ධ කර ගනිමින්,
ඔවුනගේ ද සහාය ඇතිව මෙම වෙසක් මහෝත්සවය සිදු කිරීමයි. ඒ අනුව බුද්ධ ශාසන, ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි
දෙපාර්තමේන්තුවල මඟපෙන්වීම මත වෙසක් සතියේ වැඩසටහන්වලට සමගාමීව විවිධ වැඩසටහන්
සංවිධානය කිරීම පැසසිය යුතු වේ. එය ජාතික සමගිය මැනවින් පෙන්වන කදිම අවස්ථාවක් ද වී
ඇත.
මෙවර වෙසක් තේමාව
භජෙථ මිත්තෙ කල්‍යාණෙ -
භජෙථ පුරිසුත්තමේ
කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු යන්නයි.
එසේ ම වෙසක් සතියක් මැයි මස 10 වැනි දින සිට 16 වැනි දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති
අතර එම එක් එක් දිනයන්හි තේමාවන් ද ප්‍රකාශයට පත් කර ඇත.
මැයි 10 දා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට හා ප්‍රාදේශීය මට්ටමින් උත්සවය
පැවැත්වීම, 11 දා පරිසර සංරක්ෂණ වැඩසටහන්, 12 දා වෙසක් පොහෝ දින සීල සමාදාන
වැඩසටහන්, 13 දා සාරධර්ම සංවර්ධන වැඩසටහන්,
දා භික්ෂු, සිල්මාතා පුහුණු වැඩසටහන්, 15 දා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, 16 දා
සිල් සුවඳයි හෙළ දිවියයි - සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳ වැඩසටහන් රාජ්‍ය වෙසක්
මහෝත්සවය හා සමගාමී ව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවත්නා විහාරස්ථාන හා දහම් පාසල්වල
අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ හා වැඩ නිම කිරීම සඳහා ද, නුවරඑළිය බඹරකැලේ ශ්‍රී මහා
විහාර පූජා භූමියක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර, සියලු ආගමික නායකයන්ගේ මඟ
පෙන්වීම අනුව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, බුද්ධශාසන, ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික
කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල
වැනි ආයතන මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ හා දහම් පාසල් දරුවන්ගේ
දැනුම වර්ධනය සඳහා රාජ්‍ය වෙසක් උත්සව භූමියේ දී අතීත උරුමය විදහාපාන ප්‍රදර්ශනයක්
හා චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම, පිරිවෙන් අධ්‍යාපන ආයතන කිහිපයක් සඳහා නිර්දිෂ්ට
ග්‍රන්ථ කට්ටල පරිත්‍යාග කිරීම, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී ව සිදු කිරීමට නියමිත
ය. |