ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදු උපත සිදුවූ ක්‍රි.පූ. 6 වැනි සියවස ඉන්දියාවේ බ්‍රාහ්මණ ආධිපත්‍යය, ඒකාධිකාරය බලවත්ව ක්‍රියාත්මක වූ අවධියකි. එනිසා ම මනුෂ්‍ය සමානත්වය පිළිබඳව දේශනා කිරීමටත්, ප්‍රායෝගික ව භික්ෂු සමාජයෙහි සියලු මනුෂ්‍යයන්ට, ශ්‍රාවකයන්ට, සමානාත්මතාවෙන් සැලකීමට, සමාන වරප්‍රසාද හිමි කර දීමට බුදුරදුන් දැඩි වෙහෙසක් දැරූ සැටි පැහැදිලි වේ. එවකට පැවති චතුර් වර්ණය ම සමානාත්මතාවයෙන් දැක්වූ බුදුරදුන් “චත්තාරො වණ්ණා සම සමා’ යනුවෙන් බ්‍රාහ්මණයන්ට පිළිතුරු දුන් අයුරු සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රයෙන් විස්තර වේ. ඒ පිළිබඳ බුදුරදුන් සමඟ වාදයට පැමිණ බ්‍රාහ්මණයන්ට මිනිසුන්ගේ උපතින් වෙනසක් නොමැති බවත්, කි‍්‍රයාවෙන්, භාවිතයෙන් ම වෙනස්කම් දැකිය යුතු බවත් පැහැදිලි කළහ. සුත්ත නිපාතයේ සුන්දරික භාරද්වාජ බමුණා අමතා “මා ජාතිං ප්‍රචාර චරණංච ප්‍රචාර යනුවෙන් ජාති ගෝත්‍ර නො විමසන්න. හැසිරීම, ක්‍රියාකාරිත්වය ම විමසන්න. යනුවෙන් ක්‍රියාව ම අගය කළහ. ‘නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො යනුවෙන් උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නොවන බවත් “කම්මනා වසලො හොතිකම්මනා හොති බ්‍රාහ්මණො යනුවෙන් ක්‍රියාවෙන් ම වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වන බවත් පැහැදිලි කළහ. කුල, ගෝත්‍රවාදයෙන් අතිශය පීඩාවට පත්ව සිටි සමාජයට අස්වැසිල්ලක්, සැනසිල්ලක් උදා වූයේ කරුණු සහිත ව මනුෂ්‍ය සමානත්වය පිළිබඳ ව බුදුරදුන් ඉදිරිපත් කළ දේශනා තුළිනි. පුද්ගල සහ සමාජ ක්‍රියාකාරකම් පුද්ගලයාගේ හා සමාජයේ යහපත, අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ එම ක්‍රියාකාරකම්හි ධාර්මිකත්වය අනුව ම බව ඒ අනුව පැහැදිලි ය. වර්තමාන සමාජයෙහි වුව ද අධම, උත්තම පුද්ගලයන් හඳුනාගත යුත්තේ ක්‍රියාකාරකම් අනුව ම බව බුදු දහමෙන් ලැබෙන උපදේශය යි. එහෙත් සමාජය හැඩගැසී ඇත්තේ දහමට අනුව නොවන හෙයින් මුදල සහ දරන තනතුර අනුව පුද්ගලයන් වර්ග කරන බව පෙනේ. ගුණය වල්වැදී ඇත්තේ එහෙයිනි.
මැයි 11 ඉරිදා අ.භා. 08.03 පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ. 12 සඳුදා සිල්
පසළොස්වක
මැයි 12
අව අටවක
මැයි 20
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]