
සුවපත් මනසක් සුවබර දිවියක්
24 කොටස:
භාවනාව
වේදනාකාරී අභ්‍යාසයක් කර ගන්න එපා
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත
Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.
ප්‍රතිඵල රහිත ව විසි අවුරුද්දක් වැනි දිගු කලක් වූව ද ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක
සිහියෙන් සිටීම කළ හැකි ය. එය ඔබගේ තීරණය යි. කනගාටුවීම සිහියෙන් නොසිටින තවත්
ක්‍රමයක් පමණි. සිහියෙන් නොසිටි බව මතක්වීම ම සිහිය පවත්වා ගැනීමේ ක්‍රියාවයි.
එබැවින් මෙම ක්‍රියාවලිය නොකඩවා කරන්න. චිත්තවේගාත්මක ප්‍රතික්‍රියාවක් හේතුවෙන්
ඔබගේ අරමුණින් බැහැර නොයන්න.
සියුම් වැරැදි
භාවනාවේ යෙදීමට සිත් නොදෙන අවස්ථා ඇත. එම අදහස පවා අප්‍රසන්න ලෙස දැනෙනු ඇත. එක
භාවනා කාලයක් මඟ හැරීම එතරම් වැදගත් නොවූන ද ඉතා පහසුවෙන් එය පුරුද්දකට යා හැකියි.
විරෝධය මැඩ ගෙන භාවනාවෙහි යෙදීම නුවණට හුරු ය. එම අකැමැත්ත නිරීක්ෂණය කරන්න. බොහෝ
විට එය ඔබ ඉදිරියේ මොහොතකින් ඇතිවී නැතිවී යන්නකි.
ඔබ භාවනාවට වාඩි වී විනාඩි පහකින් එය පහව යා හැකි ය. අනෙක් අවස්ථාවල දී ඔබගේ අයහපත්
චිත්ත ස්වභාවය හේතුවෙන් ඇති වන විරෝධය තරමක කාලයක් රැ¼දී පවතියි. කෙසේ වුව ද එය පහව
යයි. විනාඩි විස්සක හෝ තිහක භාවනා කාලයක දී එය ඉවත් කිරීම, එයට ඔබගේ සම්පූර්ණ දිනය
ම විනාශ කිරීමට ඉඩ දීමට වඩා සැබැවින් ම යහපත් ය.
තවත් විටෙක, විරෝධය ඔබ පුහුණුවේ ම අත්දකින කිසියම් දුෂ්කරතාවක් නිසා හට ගැනීමට ද ඉඩ
තිබේ. එම දුෂ්කරතාව ඔබ දැන හෝ නොදැන හෝ සිටිය හැක. එය ඔබ දැනගෙන සිටියි නම් පොතෙහි
අඩංගු ක්‍රම උපයෝගී කර ගෙන එය සමඟ ගනුදෙනු කරන්න.
ගැටලුව ඉවත් වූ විට විරෝධය ද ඉවත් වෙයි. ඔබ ගැටලුව නොදනී නම් ඔබ එය අමාරුවේ දැමිය
යුතු ය. විරෝධය නොතකා වාඩි වී, එය දෙස හොඳීන් බලන්න. එය ඉවත් ව යනු ඇත. එවිට එයට
පාදක වූ ගැටලුව ඉස්මතු වුවහොත් ඔබට එය හසුරුවා ගැනීමට හැකියාව ලැබෙයි.
මීළඟ කොටස පොසොන් පුර පසළොස්වක පෝදා කලාපයේ |