රාජ්‍ය වෙසක් මහෝත්සවය
නුවරඑළිය ජාත්‍යන්තර
බෞද්ධ මධ්‍යස්ථානයේ දී
ක්‍රි.පූ. 236 වැන්නෙහි දී දෙවනපෑතිස් රජ දවස සම්බුදු දහම මෙරටට ලැබුණු දින සිට
අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බව මහාවංශය, දීපවංශය
ආදී වංශ කතා සාක්ෂි දරයි.
දෙවනපෑතිස් රජුගේ දෙවන රාජාභිෂේකය සිදු කරන ලද්දේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක
බවත්, එතැන් පටන් සම්බුදු තෙමඟුල රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බවත් එහි සඳහන් ය.
දුටුගැමුණු රජතුමා විසි හතර වසරක් ද, භාතිකාභය රජු විසි අට වසරක් ද, වසභ රජු හතළිස්
හතර වසරක් ද, වෙසක් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කළ බවත් මෙයට අමතරව
සද්ධාතිස්ස, උත්තිය, භාතිකාභය, වෝහාරිකතිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස, සේන, පළමු
පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරු ද වෙසක් තෙමඟුල සැමරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්
බවත් වංශ කතාව සඳහන් කරයි.
තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි, ජනාධිපතිතුමන්ගේ
උපදෙස් පරිදි, ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ ද සහාය ඇතිව
ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබා දෙමින් ශ්‍රී
ලංකාවාසී ජනතාවට ශ්‍රී බු.ව. 2569 රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය
කේන්ද්‍ර කර ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අති උත්කර්ෂවත්
අන්දමින් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, බෞද්ධ
කටයුතු දෙපාර්තමේන්තුවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, සමස්ත ලංකා
ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන ජන කොටස්වලින් ද,
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ආගමිකයන් ද සමන්විත ශාසනික වශයෙන් මෙන් ම, භූගෝලිය
වශයෙන් ද ඉතා වැදගත් දිස්ත්‍රික්කයකි. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ විශේෂත්වය වන්නේ
බෞද්ධ ජනතාව පමණක් නොව හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමිකයන් ද සම්බන්ධ කර ගනිමින්,
ඔවුනගේ ද සහාය ඇතිව මෙම වෙසක් මහෝත්සවය සිදු කිරීමයි. ඒ අනුව බුද්ධ ශාසන, ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි
දෙපාර්තමේන්තුවල මඟපෙන්වීම මත වෙසක් සතියේ වැඩසටහන්වලට සමගාමීව විවිධ වැඩසටහන්
සංවිධානය කිරීම පැසසිය යුතු වේ. එය ජාතික සමගිය මැනවින් පෙන්වන කදිම අවස්ථාවක් ද වී
ඇත.
මෙවර වෙසක් තේමාව භජෙථ මිත්තෙ කල්‍යාණෙ -
භජෙථ පුරිසුත්තමේ, කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු යන්නයි.