[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ඉපැරැණි සිරිලක අසිරි සිරි ගැන්වූ වෙසක් පූජෝත්සව

ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හර පද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි. පූ. 3 වැනි සියවසේ දී නොහොත් බුද්ධවර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව ය. එබැවින් බුදු සමයේ ආභාෂය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීන ව සමාජගත ව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක් වූහ. අවිහිංසාව, ශ්‍රද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කරගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමඟ ම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීම යි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන් ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින් ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසා ය. මෙම උත්සව අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකට ම වඩා වැදගත් ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේ දී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මඟුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත් චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි. පුරාතන ශ්‍රී ලංකාවේ පැවති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි. පූ. 101-77) රාජ්‍ය සමයේ දී ය. “මහා වේසාඛ පූජා ච චතුවීසති කාරයිං” යනාදී වශයෙන් දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතරක් පැවැත් වූ බව එහි කියැවෙයි. ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුව ද වෙසක් උත්සවය එයට පෙර ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකි ය. දේවානම්පියතිස්ස රජු වෙසක් උත්සවය සිදුකරන්නට ඇතැයි, පිළිගැනීම හේතු යුක්ති සහගත ය. ඒ අනුව පෙනෙන්නේ බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත්වූ බව යි.


වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]