ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කැලණිය රාජමහා විහාරය සේයාරුව නිශ්ශංක විජේරත්න
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ පසුගිය දා (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අභිමානවත් ලෙස පැවැත්විණි. ඒ බෞද්ධාලෝක සාහිත්‍ය උළෙලේ පළමු අදියර ලෙසිනි. බෞද්ධ තේමාවන් ඔස්සේ නිර්මාණය වන සුවිශේෂී ග්‍රන්ථ හා ශ්‍රව්‍ය දෘෂ්‍ය සාහිත්‍ය නිර්මාණ බෞද්ධ සමාජයක උන්නතිය වෙනුවෙන් සිදුකරන බලපෑම ඉමහත් ය. එවැනි කෘතීන් ඇගයීමෙන් නිර්මාණකරුවන් සාහිත්‍යකරණයෙහි ලා තව තවත් උනන්දු වීම හා වඩාත් ප්‍රශස්ත නිර්මාණ බිහිවීමෙහි ලා උත්තේජනයකි. එහෙත් මෙවන් නිර්මාණ ඇගයීමෙහි නිසි ක්‍රමවේද නොමැති වීම අඩුපාඩුවකි. බෞද්ධාලෝක පදනම මඟින් ඇරඹූ මෙම සද්කාර්ය භාරය ඒ අඩුව පුරවාලීමේ ව්‍යායාමයක් බව එහි සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි. බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ තෛ‍්‍රනිකායික අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ හා ගිහි සම්භාවණීයයන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් විණි. මෙවර බෞද්ධ සාහිත්‍ය උලෙළේ දී මෙරට බෞද්ධ සාහිත්‍යය, පුරාවිද්‍යාව හා කලාව වෙනුවෙන් කරන ලද අපරිමිත මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ආචාර්ය මිලිනා සුමතිපාල අනුස්මරණ විශිෂ්ටතා සම්මානය පිරිනමනු ලැබුවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් වෙත ය. සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා වෙත පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නා හිමි ගෞරව විශිෂ්ටතා සම්මානය පිරිනැමුණු අතර, සෞන්දර්යය කලාවේදී එච්.ඒ. කරුණාරත්න මහතා වෙත කලාසූරී ආචාර්ය මාපලගම විපුලසාර නාහිමි අනුස්මරණ විශිෂ්ටතා සම්මානය පිරිනැමුණි.
වාර්ෂික ව විහාරස්ථානයක එක් වරක් පමණක් පැවැත්විය හැකි පූජාව කඨින චීවර පූජාවයි. වස් කාල සීමාවේ කූටප්‍රාප්තිය ලෙස සැලකෙන කඨින චීවර පූජාව සෑම බෞද්ධයකු විසින් ම ඉමහත් බැතියෙන් හා ගෞරවයෙන් සිදු කරනු ලබන සුවිශේෂි පින්කමකි. ‘කඨින’ යන වචනයේ තේරුම තද, ශක්තිමත් යන්න යි. මහපොළොව මෙන් කම්පා නොවන, මහාමේරුව මෙන් සුළඟට නොසෙල්වෙන, වජ්‍ර පර්වතයක් මෙන් බිඳීය නොහැකි, ඉතා ශක්තිමත් වූ පින්කම ‘කඨිනය’ නම් වන බව ‘පඨවිරිව න ජාතු කම්පනේ - න චලති මේරුරිවාතිවායුනා’ යනුවෙන් නාගිතාපදානයේ සඳහන් ගාථා පාඨයෙන් කියැවෙයි. කඨින පින්කම යනු අටමහා කුසල්වලින් එකකි. ගරුක කුසල කර්මයකි. එය ඕනෑ ම භවයක යහපත් විපාක ලබා දිය හැකි පින්කමකි. දුගතිගාමී නොවීමට ද හේතු වේ. එම නිසා චූල සෝතාපත්ති ඵලයට පැමිණීම හා සමාන ය. එනම් සසර බැඳ තබන දස සංයෝජන අතුරින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම තුන තණ්හා, මාන සහ දිට්ඨි ලෙස ගැනීම වැරැදි යැයි වැටහීම යි. ඒ නිසා සසරෙහි විඳීන්නට තිබෙන දුක් ප්‍රමාණය ද අඩු වේ. සතර අපායෙහි ද නොවැටේ. ඒ නිසා ම සක්විති රජකමටත් වඩා, දිව්‍ය - බ්‍රහ්ම ලෝකවල උප්පත්තියටත් වඩා ශ්‍රේෂ්ඨ ඵල ලබා ගත හැකි පින්කමක් ලෙස කඨින චීවර පූජාව සැලකේ.
බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතය ගැන ගැඹුරින් ම අපට කියලා දුන්නේ. අපේ ජීවිතය මෙහෙයවන බලවේගය තමයි කර්මය කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මිහිපිට උපන් මිනිසා නිතරම මේ දෙය මෙනෙහි කරන්නට ඕනෑ. කුමක්ද? කාන්තාවක් වේවා, පිරිමියෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතරම මේ කරුණ මෙනෙහි කරන්න ඕනෑ. මම කර්මය උරුමය කරගෙන, කර්මය දායාද කරගෙන, කර්මය ඥාතියා කරගෙන, කර්මය උත්පත්ති ස්ථානය කරගෙනයි ජීවත් වන්නේ. මාගේ උපත, පැවැත්ම, මරණය, නැවත ඉපදීම, සැපත, දුක, ලෙඩ රෝග ඇති නැති බව, සැප සම්පත් ඇති නැති බව මේ සමස්තය පිණිස සෘජුව ම බලපාන්නේ ම’ විසින් සිදු කළ කර්මය යි යන කාරණය, නිතර නිතර ගිහි පැවිදි උභය පාර්ශ්වය ම මෙනෙහි කළ යුතුයි කියලා ධර්මරාජ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුමක් නිසාද එලෙස දේශනා කළේ? එලෙස මෙනෙහි කරන පුද්ගලයා නිතර ම කල්පනා කරනවා කර්මය උරුමය නම්, මෙබඳු කර්මයක් මා කළේ නම්, ඒ කර්මයට විපාකයක් මා කරා එනවා නම්, කිසිම මොහොතක දුක් ලැබෙන දේ ම’ විසින් නොකළ යුතු යි, සැපත පිණිස හේතුවන දේ කරන්නට මා දක්ෂ විය යුතුයි යන වැටහීම, අවබෝධය සහ වුවමනාව ශ්‍රාවකයාගේ හදවතේ ඇතිවෙනවා. ඔය කියන කරුණමයි පින්වතුනි පුද්ගලයෙක් සම්මා දිට්ඨිය වෙත පමුණුවන්නේ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ව වැඩ විසූ ආචාර්ය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් මෙම මස 08 වන දිනට දස වසරක් සම්පූර්ණ වේ. මෙම ලිපිය උන්වහන්සේට උපහාර වශයෙනි. අපේ සෝභිත මාහිමියන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේට ම ආවේණික වූවකි. තමන් වහන්සේ අයත් කෝට්ටේ මහා සංඝ සභාව මඟින් අවස්ථා ගණනාවක දී ලබා දීමට සූදානම් වූ සියලු නායක පදවි ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ කාරක සභික ධුරයක් පමණක් දරමින් සංඝ සභාවට විශිෂ්ට මෙහෙවරක් කළහ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි පරාර්ථචර්යාව අකුරටම ක්‍රියාත්මක කළ උන්වහන්සේ ජාතික සංඝ සභාව, ජාතික වීර පදනම, සිංහල බල මණ්ඩලය, මවුබිම සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ආදී කලින් කලට රටේ මතු වන විවිධ අභියෝග ජය ගැනීම උදෙසා විවිධ සංවිධාන නිර්මාණය කොට ගිහි පැවිදි කාගේත් සහයෝගය වාට ලබා ගනිමින් ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් ඉටු කළ මෙහෙවර අමිල ය. කිසිදා වරප්‍රසාද වෙනුවෙන් තමන් වහන්සේගේ ප්‍රතිපත්ති පාවා නොදුන් උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ගිහි පැවිදි කවුරුත් පි‍්‍රය කළහ.
අරන්තලා පින්බිමේ මහසෑරදුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අදයි
බෙරන්නාවේ විමල නා හිමි
කොබවක සුමනාරාමයේ විශේෂ පින්කම් මාලාවක්
විදුලකර අබිමන් - 03
හපුගල සුධර්මාරාමයට අභිනව සංඝාවාසයක්
නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නාහිමි
මාපලානේ ආනන්ද නාහිමි
ඉතිරිය»
බද්ධ වෛරයේ ඉරණම පැරදුමයි
නූපන් කුසල් උපදවා ගන්න පියවරෙන් පියවර ඉහළට එන්න - කොබෙයිගනේ නාරද හිමි
නිර්වාණගාමී ප්‍රතිපදාවට සතර සම්‍යක් ප්‍රධානවල උපයෝගීතාව
මනුලොව ද සුගතියකි
දුගඳ හමන පවිටු ඇසුර
අයහපත යහපතට මෙහෙයවන ප්‍රඥාව
පුර පෑළවිය සඳ - 24 කොටස
සසුනඹර ඒකාලෝක කළ සුපුන් සඳ දෙමළහිරියේ අනෝමදස්සි නා හිමියෝ
ජාතික ආගමික මෙහෙවරට ජීවය දුන් හීනටියන ශ්‍රී ධම්මාලෝක මහ නාහිමි
රාහුල මාතා - 02
සිල් ගුණ දම් නිති සුරකිමු
වඩිනු මැනවි බුදු සමිඳුනි!
මහ සෑ වඳිමි
හොඳට නරකට දෙකට කට ම ය
මනසින් උසස් සත
සියවස් ගණනක ඉතිහාසය සැඟවුණු මනරම්ය පුදබිම මැදිලිය ටැම්පිට විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]