[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළින්...

බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළින්...

බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ පසුගිය දා (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අභිමානවත් ලෙස පැවැත්විණි. ඒ බෞද්ධාලෝක සාහිත්‍ය උළෙලේ පළමු අදියර ලෙසිනි.

බෞද්ධ තේමාවන් ඔස්සේ නිර්මාණය වන සුවිශේෂී ග්‍රන්ථ හා ශ්‍රව්‍ය දෘෂ්‍ය සාහිත්‍ය නිර්මාණ බෞද්ධ සමාජයක උන්නතිය වෙනුවෙන් සිදුකරන බලපෑම ඉමහත් ය. එවැනි කෘතීන් ඇගයීමෙන් නිර්මාණකරුවන් සාහිත්‍යකරණයෙහි ලා තව තවත් උනන්දු වීම හා වඩාත් ප්‍රශස්ත නිර්මාණ බිහිවීමෙහි ලා උත්තේජනයකි. එහෙත් මෙවන් නිර්මාණ ඇගයීමෙහි නිසි ක්‍රමවේද නොමැති වීම අඩුපාඩුවකි. බෞද්ධාලෝක පදනම මඟින් ඇරඹූ මෙම සද්කාර්ය භාරය ඒ අඩුව පුරවාලීමේ ව්‍යායාමයක් බව එහි සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි.


බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා

බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ තෛ‍්‍රනිකායික අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ හා ගිහි සම්භාවණීයයන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් විණි.

මෙවර බෞද්ධ සාහිත්‍ය උලෙළේ දී මෙරට බෞද්ධ සාහිත්‍යය, පුරාවිද්‍යාව හා කලාව වෙනුවෙන් කරන ලද අපරිමිත මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ආචාර්ය මිලිනා සුමතිපාල අනුස්මරණ විශිෂ්ටතා සම්මානය පිරිනමනු ලැබුවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් වෙත ය.

සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා වෙත පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නා හිමි ගෞරව විශිෂ්ටතා සම්මානය පිරිනැමුණු අතර, සෞන්දර්යය කලාවේදී එච්.ඒ. කරුණාරත්න මහතා වෙත කලාසූරී ආචාර්ය මාපලගම විපුලසාර නාහිමි අනුස්මරණ විශිෂ්ටතා සම්මානය පිරිනැමුණි.

බෞද්ධ සංගීත ක්ෂේත්‍රය උදෙසා කරන ලද මෙහෙය වෙනුවෙන් විශේෂ ඇගයීම, පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේව සූරි අනුස්මරණ විශේෂ ඇගයීම විශාරද සෝමතිලක ජයමහ කලාවේදියාණන් වෙත ද, දෙමළ බෞද්ධ සාහිත්‍යය උදෙසා පිරිනැමෙන ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමි අනුස්මරණ විශේෂ ඇගයීම වජිර ප්‍රභාත් විජේසිංහ මහතා වෙත ද පිරිනැමුණි.

මේ හා සමගාමී ව, ‘උතුරු පළාතේ බෞද්ධ උරුමය’ යන මෙවර බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළේ තේමාව අනුව යමින් සුවිශේෂී ග්‍රන්ථ කිහිපයක් එළි දැක්වීම ද මෙදින සිදු කෙරිණි. ඒ අනුව උතුරු පළාතේ අභිලේඛන අන්තර්ගත කොට ශ්‍රී ලංකා අභිලේඛන සංගමය මඟින් සම්පාදනය කළ ‘අභිලේඛනා වෙළුම 01’ ග්‍රන්ථය ද, රාජකීය ආසියාතික සංගමය ශ්‍රී ලංකා ශාඛාව මඟින් උතුරු පළාතේ පුරාවිද්‍යාව, උරුමය, සංස්කෘතිය හා ඉතිහාසය පිළිබඳ පළකළ ලිපි එක්කර සකස් කළ ඒද ඒදබඩධතධඨර ධට ඒපබඪජතඥඵ ටපධථ බඩඥ අධරචත ඒඵඪචබඪජ ධට ඉපඪ තචදඬච මධතභථඥ 01’ ග්‍රන්ථය ද, පී.වීරසිංහ ඉතිහාස ග්‍රන්ථ එකතුව සහ බෞද්ධාලෝක පදනමේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමී ව හෙම්මාතගම පියදස්සී හිමියන් රචිත ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන සංස්කෘතිය ග්‍රන්ථය ද මෙහිදී එළි දැක්වීම සිදු කෙරිණි.

රමණී සුබසිංහ

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]