ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ව වැඩ විසූ ආචාර්ය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් මෙම මස 08 වන දිනට දස වසරක් සම්පූර්ණ වේ. මෙම ලිපිය උන්වහන්සේට උපහාර වශයෙනි. අපේ සෝභිත මාහිමියන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේට ම ආවේණික වූවකි. තමන් වහන්සේ අයත් කෝට්ටේ මහා සංඝ සභාව මඟින් අවස්ථා ගණනාවක දී ලබා දීමට සූදානම් වූ සියලු නායක පදවි ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ කාරක සභික ධුරයක් පමණක් දරමින් සංඝ සභාවට විශිෂ්ට මෙහෙවරක් කළහ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි පරාර්ථචර්යාව අකුරටම ක්‍රියාත්මක කළ උන්වහන්සේ ජාතික සංඝ සභාව, ජාතික වීර පදනම, සිංහල බල මණ්ඩලය, මවුබිම සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ආදී කලින් කලට රටේ මතු වන විවිධ අභියෝග ජය ගැනීම උදෙසා විවිධ සංවිධාන නිර්මාණය කොට ගිහි පැවිදි කාගේත් සහයෝගය වාට ලබා ගනිමින් ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් ඉටු කළ මෙහෙවර අමිල ය. කිසිදා වරප්‍රසාද වෙනුවෙන් තමන් වහන්සේගේ ප්‍රතිපත්ති පාවා නොදුන් උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ගිහි පැවිදි කවුරුත් පි‍්‍රය කළහ. කිව යුතු දෙය කිව යුත්තාට නොබියව කීමත්, අව්‍යාජ නායකත්වයත්, වරප්‍රසාද වෙනුවෙන් අතරමඟින් සටන් අත් නොහැරීමත්, ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තියත්, සුවිශේෂී පෞරුෂත්වයත්, කුමන අවස්ථාවක දී වුව ශ්‍රමණ ස්වරූප්යයට හානි නොවන ලෙස ක්‍රියා කිරීමත් ඉහත කී ප්‍රසාදයට හේතු වූහ. ආණ්ඩු කරවන පාලකයන්ට නිසි මඟ පෙන්වාදීමත්, එම පාලකයන් ද වැරැදි මඟ යන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමටත් පසුගිය දශක කිහිපය තුළ උන්වහන්සේට හැකි වූයේ කිසිදු පක්ෂයකට හෝ දේශපාලනඥයකුට අමුතු හිතවත්කමක් හෝ පක්ෂපාතී බවක් හෝ නොවූ බැවිනි. උන්වහන්සේ හැමදාම සිටියේ පාලකයාගේ හෝ ආණ්ඩුවේ පැත්තේ හෝ නොව මහජනයාගේ පැත්තේ ය. එබැවින් සමහරු උන්වහන්සේ පි‍්‍රය කළහ. තවත් සමහරු උන්වහන්සේ අපි‍්‍රය කළහ. මේ කිසිවක් උන්වහන්සේගේ ප්‍රතිපත්ති හෝ සාධාරණ විවේචන හෝ නැවැත්වීමට අසමත් වූහ.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]