ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අන් කවර කලෙකටත් වඩා අද බොහෝ පහසුකම් තිබේ. ඉඩ ප්‍රස්ථාව ද ලැබේ. මේ සඳහා බොහෝ පිරිස් උනන්දු වනු ද පෙනේ. එහෙත් ඒ අතරින් කෙනෙක් ඉඳගෙන අසන ධර්මය එතැනින් නැඟිට ගිය සැණින් අමතක කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.
ඇසූ බණ ධාරණය වූ බවක් නොපෙනේ. මතකයේ ද නොවේ. ඇතැම් විට මතකයේ තිබුණ ද ජීවිතයට ගළපා ගන්නා බවක් නැත.
ඒ සඳහා වීර්යය ගන්නේ ද නැත. එය දුර්වලකමකි. මිනිසත්කමට නොගැලපෙන්නකි.
මනුස්සයා යනු මනසින් උසස් පුද්ගලයා ය. මනුසත්වයා යන නාමයෙහි යම් හෙයකින් ‘මනු’ ඉවත්වූයේ නම් ඉතිරි වන්නේ සත්ත්වයා යන කොටස ය.
එය යහපත් නොවේ. එසේ වුවහොත් තිරස්චීන ගත සතුන්ට ආවේණික ගති මත පිහිටා කටයුතු කරන්නට මිනිසාට සිදු වේ. දහම් මඟ යන පුද්ගලයා කිසි දිනෙක එවැනි අභාග්‍ය සම්පන්න තැනකට නොවැටෙන්නේ ය.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]