[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විදුලකර අබිමන් - 03

විදුලකර අබිමන් - 03

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 150 වැනි සැමරුම නිමිත්තෙනි

යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් පසු නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නාහිමියන් සිවු වසරක කාලයක් පරිවේණාධිපති ධුරය හෙබවීය.

ඉන්පසු ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියෝ තිස් වසරකට වැඩි කාලයක් පරිවේණාධිපති ධුරය ඉසිලූහ. වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන්ගේ ක්‍රියාකාරීත්වය කැපී පෙනුනේ මෙරට ආගමික හා සමාජයීය කටයුතුවල දී ලබා දුන් විශාල දායකත්වය නිසාවෙනි. විද්‍යාලංකාර පිරිවෙනේ අභිමානය සුරැකීම පිණිස නාහිමිපාණන් වහන්සේ නොපැකිළ ක්‍රියා කළහ.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගෙන් පසු නාවින්නේ ශ්‍රී සුගුණධම්ම නාහිමියන් පස් මසකට ආසන්න කාලයක් පරිවේණාධිපති ධුරයේ කටයුතු සිදු කළ අතර, ඉන්පසු වර්තමාන පරිවේණාධිපති වැලමිටියාවේ ශ්‍රී ඤාණරතන නාහිමියෝ පත් වූ සේක.

ගෙවී ගිය සියවස් එකහමාරක කාලය හැඩිපන්නල ප්‍රඥාලෝක හිමි, මාදෝවිට ඤාණානන්ද හිමි, කොටහේනේ ප්‍රඥාකීර්ති හිමි, සියඹලාගහරුප්පේ විජිතධම්ම හිමි, වක්කුණුවල අතුලධම්ම හිමි, නාපාගොඩ සුමනතිස්ස හිමි ආදී හිමිපාණන් වහන්සේ උපපරිවේණාධිපති ධුර දරා ඇති අතර, වර්තමානයේ හරංකහවේ ධම්මාලංකාර නාහිමියන් සහ මහාචාර්ය මල්වානේ චන්දරතන හිමියන් උපපරිවේණාධිපති ධුර දරති.

බැදිගම රතනපාල නාහිමි, අඹන්වැල්ලේ ධම්මානන්ද අනුනාහිමි, කොස්ගොඩ ධම්මවංස මහනාහිමි, වල්පොළ රාහුල හිමි, රඹුක්වැල්ලේ විපස්සි මහනාහිමි, මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලී හිමි, මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමි, හිඟුල්වල සරණංකර හිමි, රත්කරැව්වේ විමලධම්ම හිමි, ඇතුල්ගම දේවරක්ඛිත නාහිමි, හේනේපොල ගුණරතන නාහිමි, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ආචාර්ය කිරින්දේ ධම්මානනන්ද හිමි, මහාචාර්ය

කුඹුරුගමුවේ වජිර හිමි වැනි දහස් සංඛ්‍යාත ශිෂ්‍ය හා ආචාර්ය පාදයන් වහන්සේ විද්‍යාලංකාර පිරුවන ඇසුරින් තම දිවිමඟ සකස් කොට ගෙන තිබේ.

එසේම ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ශ්‍රීමත් නිකලස් ආටිගල, ජුලියස් ද ලැනරෝල් වැනි සම්භාවනීය ගිහි පඬිවරුන් ද විද්‍යාලංකාරයෙන් අධ්‍යාපනය ලබා තිබේ.විද්‍යාලංකාර පිරිවෙනෙහි ආදිශිෂ්‍ය හිමිවරුන් විසින් ආරම්භ කළ පිරිවෙන් සංඛ්‍යාව ද විශාල ය.

පාරිවේණික අධ්‍යාපන ආයතනයක් වශයෙන් ශාස්ත්‍රදානය කරන අතර ම, පැරැණි පොත්පත් සංස්කරණය කිරීම, ඉතා ඉහළ ශාස්ත්‍රීය අගයකින් හෙබි පොත් හා ශාස්ත්‍රීය ලිපි රචනා කිරීම, ගිහි දරුවන් වෙනුවෙන් පාසල් ගොඩනැංවීම, රටපුරා වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම, අර්බුද පැන නැඟුණු කල්හි ඒවා විසඳීමට පෙරට පැමිණීම සේ ම මහජන සම්මතයෙන් රටේ ආණ්ඩු පිහිටුවීම දක්වා වූ සෑම කාර්යයක ම විද්‍යාලංකාර පිරුවනෙහි වැඩ සිටි හිමිපාණන් වහන්සේ නිරත වූ බව ඉතිහාසය හැදෑරීමේ දී පසක් වෙයි.

විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් සිදු කරන ලද විශේෂ පුණ්‍ය මහෝත්සව මාලාව ඔක්තෝබර් මස 27 වන දින සිට නොවැම්බර් මස 02 වන දින දක්වා සිදු කෙරුණි.

පුරා විසි වසරකට ආසන්න කාලයක් ගොඩනැඟුණු විද්‍යාලංකාර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීම, ධාතු ප්‍රදර්ශන, පිරිත් පින්කම්, ශාස්ත්‍රීය සම්භාෂණ, ත්‍යාග ප්‍රදානෝත්සව, වෛද්‍ය සායන, සමරු උත්සව, ශාස්ත්‍රීය ග්‍රන්ථ එළිදැක්වීම් ඇතුළු උත්සව රාශියක් මේ වෙනුවෙන් සිදු කෙරුණි.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]