[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නොබිඳෙන නොසැලෙන පින්කමක අරුත

වාර්ෂික ව විහාරස්ථානයක එක් වරක් පමණක් පැවැත්විය හැකි පූජාව කඨින චීවර පූජාවයි. වස් කාල සීමාවේ කූටප්‍රාප්තිය ලෙස සැලකෙන කඨින චීවර පූජාව සෑම බෞද්ධයකු විසින් ම ඉමහත් බැතියෙන් හා ගෞරවයෙන් සිදු කරනු ලබන සුවිශේෂි පින්කමකි. ‘කඨින’ යන වචනයේ තේරුම තද, ශක්තිමත් යන්න යි. මහපොළොව මෙන් කම්පා නොවන, මහාමේරුව මෙන් සුළඟට නොසෙල්වෙන, වජ්‍ර පර්වතයක් මෙන් බිඳීය නොහැකි, ඉතා ශක්තිමත් වූ පින්කම ‘කඨිනය’ නම් වන බව ‘පඨවිරිව න ජාතු කම්පනේ - න චලති මේරුරිවාතිවායුනා’ යනුවෙන් නාගිතාපදානයේ සඳහන් ගාථා පාඨයෙන් කියැවෙයි. කඨින පින්කම යනු අටමහා කුසල්වලින් එකකි. ගරුක කුසල කර්මයකි. එය ඕනෑ ම භවයක යහපත් විපාක ලබා දිය හැකි පින්කමකි. දුගතිගාමී නොවීමට ද හේතු වේ. එම නිසා චූල සෝතාපත්ති ඵලයට පැමිණීම හා සමාන ය. එනම් සසර බැඳ තබන දස සංයෝජන අතුරින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම තුන තණ්හා, මාන සහ දිට්ඨි ලෙස ගැනීම වැරැදි යැයි වැටහීම යි. ඒ නිසා සසරෙහි විඳීන්නට තිබෙන දුක් ප්‍රමාණය ද අඩු වේ. සතර අපායෙහි ද නොවැටේ. ඒ නිසා ම සක්විති රජකමටත් වඩා, දිව්‍ය - බ්‍රහ්ම ලෝකවල උප්පත්තියටත් වඩා ශ්‍රේෂ්ඨ ඵල ලබා ගත හැකි පින්කමක් ලෙස කඨින චීවර පූජාව සැලකේ. එවන් වැදගත් මහානිසංස ලබා ගත හැකි පින්කමකි. සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වන පූජා අතර තෙවරක් ම පූජා සිදු කරන පින්කම ද වන්නේ මෙය යි. දායකයන් විසින් වස්ත්‍රයක් වශයෙන් පළමුවත්, චීවරයක් වශයෙන් පොදුවේ මහසඟරුවනටත්, මහා සංඝයා විසින් විනය කර්ම වාක්‍යයක් මඟින් එක් භික්ෂුවකටත් මෙම චීවරය පූජා කෙරේ. මෙයින් දායකයා තුළ ගොඩනැඟෙනුයේ මහා කුසල සම්භාරයකි. කඨින චීවරයක් පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට ලැබෙන ප්‍රතිඵලය මෙන් ම, එය පූජා කළ පින්වතුන්ට ද ආනිසංස විශාල ප්‍රමාණයක් හිමි වේ. අහස උසට සිවුරු පූජා කළත් ප්‍රමාණ කළ නොහැකි එක් කඨින චීවරයක් පමණක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳ ව නාගිත නම් රහතන් වහන්සේ බුදුහිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේ පන්සිය නමක් ඉදිරියේ පෙර ආත්මයක තමන් කළ කඨින පූජාමය පින්කමක ප්‍රතිඵල ලෙස ලැබූ ආනිසංස පිළිබඳ ව කර ඇති ප්‍රකාශනයෙන් පැහැදිලි වේ.


ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]