ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ පසුගිය දා (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අභිමානවත් ලෙස පැවැත්විණි. ඒ බෞද්ධාලෝක සාහිත්‍ය උළෙලේ පළමු අදියර ලෙසිනි. බෞද්ධ තේමාවන් ඔස්සේ නිර්මාණය වන සුවිශේෂී ග්‍රන්ථ හා ශ්‍රව්‍ය දෘෂ්‍ය සාහිත්‍ය නිර්මාණ බෞද්ධ සමාජයක උන්නතිය වෙනුවෙන් සිදුකරන බලපෑම ඉමහත් ය. එවැනි කෘතීන් ඇගයීමෙන් නිර්මාණකරුවන් සාහිත්‍යකරණයෙහි ලා තව තවත් උනන්දු වීම හා වඩාත් ප්‍රශස්ත නිර්මාණ බිහිවීමෙහි ලා උත්තේජනයකි. එහෙත් මෙවන් නිර්මාණ ඇගයීමෙහි නිසි ක්‍රමවේද නොමැති වීම අඩුපාඩුවකි. බෞද්ධාලෝක පදනම මඟින් ඇරඹූ මෙම සද්කාර්ය භාරය ඒ අඩුව පුරවාලීමේ ව්‍යායාමයක් බව එහි සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි. බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ තෛ‍්‍රනිකායික අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ හා ගිහි සම්භාවණීයයන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් විණි. මෙවර බෞද්ධ සාහිත්‍ය උලෙළේ දී මෙරට බෞද්ධ සාහිත්‍යය, පුරාවිද්‍යාව හා කලාව වෙනුවෙන් කරන ලද අපරිමිත මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ආචාර්ය මිලිනා සුමතිපාල අනුස්මරණ විශිෂ්ටතා සම්මානය පිරිනමනු ලැබුවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් වෙත ය. සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා වෙත පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නා හිමි ගෞරව විශිෂ්ටතා සම්මානය පිරිනැමුණු අතර, සෞන්දර්යය කලාවේදී එච්.ඒ. කරුණාරත්න මහතා වෙත කලාසූරී ආචාර්ය මාපලගම විපුලසාර නාහිමි අනුස්මරණ විශිෂ්ටතා සම්මානය පිරිනැමුණි.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]