[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

පන්සිල් කියන සමාජයක සිල්පද රකින මිනිසෙක් වෙන්න

දවසක් බුදුපියාණන් වහන්සේ මහසඟරුවන සමඟින් කොසොල් නුවර ධර්ම චාරිකාවේ වඩින සේක් වේහලින්ග නම් ග්‍රාමය හමුවූ අවස්ථාවේ දී හිටිහැටියේම බුදුපියාණෝ ගමන නවතා මඟ නතර වූ සේක. මඳ සිනහ පෑසේක. මෙය දුටු අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවෝ බුදුරදුන් අමතා “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කුමක් නිසා මෙලෙස අතරමඟ දී ගමන නවතා මඳ සිනහ පාන්නේ දැයි විමසා සිටියහ. මෙහිදී බුදුපියාණෝ අතීත සිද්ධියක් ඉස්මතු කරමින් එම කතා පුවත ගෙනහැරපෑ සේක. එදා මේ ගම්බිම වේහලින්ගයැයි පවසා මාර්ගයේ පසකට වී නැවතත් උන්වහන්සේ පවසන සේක්, මේ සොඳුරු ගම්මානයේ වාසය කළ සොඳුරු මිනිසකු මුල්කොට ගෙන මේ කතාන්දර දිගහැරුණු බැව් පවසා සිටි සේක. මේ මිනිසා ඉතා අහිංසක ය. දිළිඳු ය. ඔහුගේ ජීවිකාව වූයේ් වළං සෑදීමය. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයා ඔහු ය. ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පිදීමට ඔබ, මා පොහොසත් නොවූව ද එදා මේ වළං හැදූ ඝටීකාර නම් දුප්පත් තැනැත්තා භාග්‍යවන්තයෙක් වූයේ ය. මේ කුඹල් වැඩ කරන, වළං හදන ඝටීකාරගේ පි‍්‍රයශීලි මිතුරා - ළෙන්ගතුම යහළුවා වූයේ ජෝතිපාල නම් අයෙකි. ඝටීකාර නිතර නිතර කාශ්‍යප බුදුරදුන් වෙත ගොසින් ඇපඋපස්ථාන සිදුකරතත්, ජෝතිපාල නම් කිසිදිනෙක පන්සල වෙත පිය නොනැඟුවේ ය. “මුඩු මහණෙකි, හමුවීමෙන් ඇති ඵලය කුමක්දැ’යි යනුවෙන්. ජෝතිපාලට බුදුරදුන් සමීපයට යාමට යෝජනා කළ සෑමවිට ම එය ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ ය.

 

විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැන ගත යුතු ධර්මය

ජීවත්වීම යනු අප වෙත එළැඹෙන අභියෝග හමුවෙහි නිවැරැදි පිළිතුරු සොයා ගැනීම යි. නිවැරැදි පිළිතුර සොයා ගැනීමේ දී අප මෙහෙයවන ශක්තිය ඥාන ශක්තිය යි. ඥානය යනු සමාජයේ යහපත, අයහපත, හොඳ නරක, පින පව හඳුනා ගත හැකි ශක්තිය යි. අර්බුද ගොඩනැඟෙන්නේ මෙම තෝරා ගැනීමට ඇති අපහසුතාව නිසයි. සඤ්ඤා යනු සංකේතනාත්මක ව යමක් දැකීම යි. මසැස, මනැස, නැණැස තුළින් අප සියල්ල දකියි. දකින දේ මනස තුළින් දැකීම විඤ්ඤා ලෙස දක්වයි. මනසින් දකින දේ උසස් අයුරින් විශිෂ්ට අයුරින් දැකීම අභිඤ්ඤා නම් වෙයි. එය වෙනස් අයුරින් පෙර කිසිවකු නො දුටු අයුරින් දැකීම පරිඤ්ඤා නම් වෙයි. එසේ දැක ලොවෙහි සත්‍ය අවබෝධ කර ගැනීම පඤ්ඤා නම් වේ. අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයේ අභිඤ්ඤා වර්ගයේ අභිඤ්ඤා සූත්‍රය තුළ විශිෂ්ට ඥානය තුළින් අප කළ යුතු කාරණා හතරක් පිළිබඳ ව දක්වයි. විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දත යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් බැහැර කළ යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් ප්‍රගුණ කළ යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරගත යුතු ධර්ම දක්වයි. විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැනගත යුතු ධර්මය නම් පඤ්චස්ඛන්ධය යි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වු ධර්ම යි. මෙම ධර්ම හට ගන්නා අයුරු, පවතින අයුරු හා නැතිවන අයුරු පිළිබඳ ව හොඳින් දැන ගැනීම පිරිසිඳ දැනීම යි.

 

සම්භාවනීය සඟ පරපුරක උත්තරීතර නියමුවාණෝ අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමිපාණන් වහන්සේ

දකුණු ලක නිල්වලා ගං තෙරේ ගැමි සුවඳ විහිදුවන මාතර, කඹුරුපිටිය, කරගොඩ, උයන්ගොඩ නම් සුන්දර ගමෙහි දොන් සාදිරිස් අබේවික්‍රම වීරමන් හා ඇම්.වී. අබේවික්‍රම නම් දම්පතීන් යුවළ 1946 වර්ෂයේ ඔක්තෝබර් පළමු වැනිදා තුන්වැනි දරුවා ලෙස මෙලොව දායාද කළ පින්වත් කුමරෙකි. සුපින්වත් කුල කුමරු වයස අවුරුදු දහතුනේ දී සියලු සැප සම්පත් හා වංශවත් පෙළපත ආදී සියල්ල ම අත්හැර දා එවකට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ සෙවණට පත්විණි. අනතුරුව උගත මනා බණ දහම් හැදෑරූ කුල කුමරුවාණෝ වර්ෂ 1962 ජුනි මස 18 වැනි දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ශාසනික පැවිද්ද ලබනුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති යන පැවිදි නාමයෙනි. අතිගරු මහ නාහිමියන්ගේ සෙවණෙහි වැඩ සිටිමින් සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය හා ඉංගී‍්‍රසි ආදී භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය විෂයයන් පිළිබඳ මූලික දැනුම සිය ගුරු දේවයන් වහන්සේගෙන් උගත්හ. පසුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව ශ්‍රී සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම ආදී විභාග මැනවින් සමත් කර ගත්හ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ සාමර්ථ්‍යය සහිත ව විශේෂවේදී උපාධිය ලබා එම විශ්වවිද්‍යාලයේ ම දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]