[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සිත් නිවන පුදබිම බුද්ධංගල ආරණ්‍ය සෙනසුන

බුද්ධංගල ආරණ්‍යය වසර 2300කට වඩා පැරැණි ඉතිහාසයකට හිමිකම් කියන පුදබිමකි. අක්කර 1280ක පමණ වපසරියක් පුරාවට පිහිටා ඇති මේ පුණ්‍ය භූමිය එකල දිගාමඬුල්ලේ පාලකයා වූ දීඝායුකුමාරයා විසින් දියුණු කරන ලදැයි සැලකේ. ඒ වගේ ම ඉන්පසුව බිහි වූ පාලකයන් කිහිප දෙනෙකුගේ ද නොමද අනුග්‍රහය ලැබී ඇති බවට සාක්ෂි හමුව තිබේ. මෙම පුදබිම අතීතයේ දී “කරක්ධිගල’ යනුවෙන් හඳුන්වා ඇති බව ද පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසය යි. ශත වර්ෂ ගණනාවක් ම රහතන් වහන්සේ වැඩ සිටි බවට සඳහන් මෙම ආරණ්‍ය සේනාසනය කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු මිනිස් වාසයෙන් ඈත් වූ බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ. නමුත් කාලයෙන් කාලයට භික්ෂූන් වහන්සේ භාවනායෝගී ව මෙහි වැඩ සිටිය ද ඒ ඒ කාලයන්හි දී සිදු වූ විවිධ හේතුන් නිසා ද කාලයෙන් කාලයට මෙම ආරණ්‍ය මෙන් ම ඒ අවට ප්‍රදේශය ද ජන ශූන්‍ය වී ඇති බව ද ඉතිහාසයේ සඳහන් ය. බුද්ධංගල පුදබිම බොහෝ කාලයක් මහ වනයෙන් වැසී තිබුණි. එය නැවත බොදු දනන්ගේ වන්දනා මානනයට ලක්වන්නේ 1964 වසරේ දී ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියේ දී නැවත ප්‍රතිසංස්කරණයට ලක්වීමෙන් පසුව ය.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]