ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ජීවත්වීම යනු අප වෙත එළැඹෙන අභියෝග හමුවෙහි නිවැරැදි පිළිතුරු සොයා ගැනීම යි. නිවැරැදි පිළිතුර සොයා ගැනීමේ දී අප මෙහෙයවන ශක්තිය ඥාන ශක්තිය යි. ඥානය යනු සමාජයේ යහපත, අයහපත, හොඳ නරක, පින පව හඳුනා ගත හැකි ශක්තිය යි. අර්බුද ගොඩනැඟෙන්නේ මෙම තෝරා ගැනීමට ඇති අපහසුතාව නිසයි. සඤ්ඤා යනු සංකේතනාත්මක ව යමක් දැකීම යි. මසැස, මනැස, නැණැස තුළින් අප සියල්ල දකියි. දකින දේ මනස තුළින් දැකීම විඤ්ඤා ලෙස දක්වයි. මනසින් දකින දේ උසස් අයුරින් විශිෂ්ට අයුරින් දැකීම අභිඤ්ඤා නම් වෙයි. එය වෙනස් අයුරින් පෙර කිසිවකු නො දුටු අයුරින් දැකීම පරිඤ්ඤා නම් වෙයි. එසේ දැක ලොවෙහි සත්‍ය අවබෝධ කර ගැනීම පඤ්ඤා නම් වේ. අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයේ අභිඤ්ඤා වර්ගයේ අභිඤ්ඤා සූත්‍රය තුළ විශිෂ්ට ඥානය තුළින් අප කළ යුතු කාරණා හතරක් පිළිබඳ ව දක්වයි. විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දත යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් බැහැර කළ යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් ප්‍රගුණ කළ යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරගත යුතු ධර්ම දක්වයි. විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැනගත යුතු ධර්මය නම් පඤ්චස්ඛන්ධය යි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වු ධර්ම යි. මෙම ධර්ම හට ගන්නා අයුරු, පවතින අයුරු හා නැතිවන අයුරු පිළිබඳ ව හොඳින් දැන ගැනීම පිරිසිඳ දැනීම යි.
මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ. 13 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
අමාවක
මාර්තු 29
පුර අටවක
අප්‍රේල් 05
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]