ඉවසීමේ ගුණය
අසීමිත ව
වැඩිය යුතු
ප්‍රතිපදාවකි
ඌරුගමුවේ අස්සජී හිමි
මනුෂ්‍ය ජීවිතයේ උපතේ සිට මරණය තෙක් විවිධ අවස්ථා පිළිබඳ සලකන විට ලාභ - අලාභ, අයස
- යස, නින්දා - ප්‍රශංසා, සැප - දුක යන අටලෝ දහමේ සුබ, අසුබ දෙපක්ෂයට ම මුහුණදීම
ස්වභාවික ය. අටලෝ දහම අනුව නින්දා අපහාස, අවනම්බු නොලැබූවකු ලොව නොමැත. එම
අවස්ථාවන් හි දී අවශ්‍යම ගුණාංගයක් වන්නේ ඉවසීමයි. බුදුරජාණන් වහන්සේ අකම්පිත ව
ඉවසීමේ මහා ගුණය මැනවින් ප්‍රකට කළ සේක.
බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ආරාම පිළිගැනීමට වඩිනා ගමනේ දී අතරමඟ කල්මාසදම්‍ය නම්
නියම් ගමට වැඩම කළ සේක. එහිදී මාගන්දිය නම් බමුණා බුදුරදුන් දැක තම දියණියට සුදුසු
ස්වාමියකු ලැබුණේ යැයි සොම්නසට පත් වුණි. මාගන්දිය දියණිය බුදුරදුන්ට විවාහ කර දීමට
සිතා ඇය සර්වාභරණයෙන් සරසා උන්වහන්සේ වෙත පැමිණ වී ය. එහිදී රූපයේ අසාරත්වය පිළිබඳ
ව බුදුරදුන් කළ දේශනාව අසා තම රූපයට නින්දා කළේ යැයි කලකිරී කෝපයට පත්වූ ඇය
බුදුරදුන්ට වෛර බැන්දා ය. එහෙත් ඇයගේ මවුපියෝ බුදුරදුන් වදාළ බණ අසා සෝවාන් වූහ.
බුදුරදුන් කොසඹෑනුවරට වැඩම කරන විට මාගන්දිය උදේනි රජුගේ අගමෙහෙසිය බවට පත්ව එනුවර
වැසි අවිනීත තරුණයන් ලවා බුදුරදුන්ට ඇනුම් බැනුම්, නින්දා අපහාස, හිරිහැර කරවීමට
ක්‍රියා කළා ය. ඒවා ඉවසිය නොහැකි වූ ආනන්ද හිමි මෙම නගරය අතහැර වෙනත් නගරයකට යාමට
යෝජනා කළත් බුදුරජාණන් වහන්සේ එම නින්දා අපහාසයන්ගෙන් අකම්පිත ව ඉවසීමෙන් එහිම වැඩ
සිටියහ.
බුදුරජාණන් වහන්සේට හා ආර්ය මහා සංඝ රත්නයට මහජනයාගෙන් ලැබෙන පුද පූජා, ගරු සත්කාර
නො ඉවසූ අන්‍ය තීර්ථකයෝ උන්වහන්සේට නින්දා අපහාස කිරීම සඳහා සුන්දරී නම්
පරිබ්‍රාජිකාව යොදා ගත්හ. සුන්දරී මනාව සැරසී සවස මහජනයා බණ අසා විහාරයෙන් පිටත්ව
යන වේලාවට විහාරයට ඇතුළු වී රාත්‍රීයේ නගරයට යන්නී ය. නැවතත් උදෑසන විහාරයට පැමිණ
සුගන්ධ කුටිය ආශි‍්‍රත ප්‍රදේශයෙහි හැසිරෙන්නී ය. මේ ගැන සැදැහැවතුන් ප්‍රශ්න කරන
විට සුන්දරී අවස්ථානුකූල ව යම් යම් පිළිතුරු ලබා දුන්නා ය.
මෙසේ කලක් ගත වන විට දිනක් අන්‍ය තීර්ථකයෝ රහසේ ම සුන්දරී පරිබ්‍රාජිකාව මරා
ජේතවනාරාමයෙහි පොකුණ අසල පරමල් දමන තැන වැළලූහ. එසේ කළ ඔවුහු සුන්දරී පරිබ්‍රාජිකාව
නැතැ යි, කියා මහජනයා අතර ප්‍රචාරයක් ගෙන ගියහ. මේ පුවත කොසොල් මහරජුට ද දැන්වූ හ.
එතුම ගේ ද අවසරය ඇති ව ජේතවනාරාමයට ගිය තීර්ථකයෝ ඔවුන් ම වැළලූ තැනින් සුන්දරීගේ මළ
සිරුර ගොඩගෙන නගරයට ගෙන ගොස්, බුදුරදුන් හා භික්ෂූන් වහන්සේ විසින් සුන්දරී
පරිබ්‍රාජිකාව ඝාතනය කරන ලදැ’යි, මහජනයා ඉදිරියේ චෝදනා කළහ.
මෙම අපහාසය සත්‍යයක් ලෙසින් පිළිගත් සමහරු බුදුරදුන්ට හා භික්ෂූන් වහන්සේට නොයෙක්
ආකාරයෙන් බැණ වදින්නට වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල නිහඬ ව ඉවසූ සේක. නොබෝ
දිනකින් තීර්ථකයන් සැබෑ අපරාධකරුවන් බව දැනගත් මහජනතාව ඔවුන් කෙරෙහි වඩ වඩාත්
අප්‍රසන්න වූහ.
දිනක් දෙව්රම් වෙහෙර දම් සභා මණ්ඩපයෙහි බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිසට දහම්
දෙසමින් සිටින විට එම ස්ථානයට චිංචි නම් මානවිකාවක් පැමිණියා ය. ඇය කුසෙහි දර
මිටියක් බැඳගෙන ගැබිනියක ලෙස වෙස් මවාගෙන පැමිණි අතර, මහ පිරිස මැද බුදුරජාණන්
වහන්සේ ඉදිරියෙහි සිටගෙන මෙසේ චෝදනා කළා ය.
මා කුස හොත් දරුවාගේ පියා ඔබ ය. දැන් මම දරු ප්‍රසූතියට ආසන්න ව සිටිමි. ඒ සඳහා ඔබේ
යුතුකම් කොටස ඉටු කළ යුතු ය.
මෙ වදන් අසා බුදුරජාණන් වහන්සේ කිසිසේත් ම කම්පා නො වූහ. ඉවසීමේ උතුම් ගුණාංගය ම
ප්‍රකට කළහ. මද වේලාවකින් දර මිටිය කඩා වැටීම නිසා මහජනයා ඉදිරියේ චිංචිමානවිකාව
අපමණ නින්දා අපහාස ලැබුවා ය.
බුදුරදුන් දවස භාරද්වාජ නම් බමුණෙක් විසී ය. උගතුන්, සිල්වතුන් වැනි වැදගත් අය දැක
ආක්‍රෝශ පරිභව කොට හෙළා දැකීම ඔහුගේ ස්වභාවය යි. අනුන්ට ආක්‍රෝශ කරන නිසා ම ඔහු
අක්කෝසක භාරද්වාජ නමින් ප්‍රසිද්ධ විය.
දිනක් බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට සිය නිවෙසට ගෙන්වාගත් ඔහු ඉතා පහත් වචන භාවිත
කරමින් බොහෝ වේලාවක් බුදුරදුන්ට නින්දා අපහාස කළේ ය. අවසානයේ දී බුදුරජාණන් වහන්සේ
කිසිදු කම්පාවීමක් නොමැති ව කාරුණික ව පි‍්‍රය වචනයෙන් මෙසේ ඇසූහ.
භෝජන සංග්‍රහයක් සඳහා ඔබෙන් ආරාධනා ලද්දවුන් ඔබ නිවෙසට නොපැමිණිය හොත් ඒ ආහාරපානවලට
ඔබ කුමක් කරන්නෙහි ද?
එයට බමුණාගේ පිළිතුර වූයේ “මමත්, මගේ අඹුදරුවනුත් ඒවා අනුභව කරමු” යන්න ය. එවිට
බුදුරජාණන් වහන්සේ ඔහු අමතා
“ඔබ මෙතෙක් වේලා දුන් දානය මමත් නො පිළිගනිමි” යි, වදාරා ඔහු කළ නින්දා
අපහාසයන්වලින් කම්පා නොවී ඒ ඇනුම් බැණුම් ඔහුට ම පිළිගැනීමට සැලැස්වූහ.
බුදුරදුන් පහළ වූ සමාජ පරිසරය තුළ විවිධ මිථ්‍යා දෘෂ්ටික ආගමික නායකයෝ රැසක්
සිටියහ. ඒ හැම දෙනා ම ස්වකීය ධර්මය හා දර්ශනය හුවාදැක්වූ අතර අන් සියලු ධර්මයන් හා
දර්ශනයන් හෙළා දුටුහ. එහෙත් බුදුරජාණන් වහන්සේ මනා ඉවසීමෙන් යුතු ව කවරකුගේ හෝ
සුදුසු දේ පිළිගැනීමටත් නුසුදුසු දේ බැහැර කිරීමටත් පසුබට නොවූහ.
වස් එළඹීම සහ ගස් වැල් කැපීම පිළිබඳ වූ විනය නීති භික්ෂූන් වහන්සේට පැනවූයේත්,
පන්සිල් හා පෙහෙවස් සමාදන්වීම පිළිබඳ වූ ශික්ෂා පද ගිහි සැදැහැවතුන් වෙනුවෙන් පැන
වූයේත් බුදුරජාණන් වහන්සේ තුළ පැවති අන්‍යයන්ගේ යහපත් මත ඉවසීමේ හා පිළිගැනීමේ
විශිෂ්ට ගුණාංගය නිස යි. |