ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
රැළපනාවේ ධම්මජෝති නාහිමි
බෝසත් චරිතයේ සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ මවුපියන්ට සැලකීම යි. අප මේ ලෝකයට බිහිකළ පසුව කතා කිරීම, ඇවිදීම සිට පාසල් යැවීමට පෙර සියලු කටයුතු සිදු කරන්නේ මව සහ පියා විසිනි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මවුපියන් පූර්වාචාර්යවරු වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා.
එසේම අවුරුදු සියයක් මවුපියන් වම් උරහිසේ, දකුණු උර හිසෙහි තබාගෙන, බිම නොතබා, ජීවිතාන්තය දක්වා සංග්‍රහ කරතත් අම්ම,තාත්තා කළ උපකාරයට උපකාරයක් සිදු නො වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.
බ්‍රහ්මාති මාතා පිතරෝ - පුබ්බාචරියාති වුච්චරේ -අහුණෙය්‍යාච පුත්තා නං - පජාය අනුකම්පකා
අග මුල හා පරක් තෙරක් නො පෙනෙන මහා සයුර සේ, මවගේ පියාගේ ගුණ මෙ පමණයි කියා සීමාකොට දැක්විය නොහැකි බවයි උන්වහන්සේ දේශනා කොට වදාළේ.
වර්තමාන සමාජය දෙස බලන විට ඇතැම් දරුවන් මවුපියන්ට නැති වැරැදි කියමින් දොස් පවරමින් අත්හැර දමා සිටින අයුරු දක්නට ලැබෙනවා. ඇතැම් දරුවන් වයසක මව්පියන්ට ගහනවා. බනිනවා. මේවා බලවත් අකුසල කර්ම. ඇතැම් මාපියෝ කුසට ආහාරයක් නොමැති ව මහමඟට වැටී සිටිනවා .වැඩිහිටි නිවාසවල ජීවත් වනවා. මෙය වර්තමාන සමාජයේ ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබෙනවා .මේ නිසා මේ උතුම් මැදින් පුර පුන් පොහෝ දිනයේ අපගේ දරුවන්ට සිහිපත් කරන්නේ ඔබ වැදූ හැදූ මවට පියාට ගෞරව කිරීමට සැලකීමට කටයුතු කරමින් උතුම් වූ ධර්ම මඟ යමින් යහපතෙහි යෙදෙන ලෙසයි .
මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ. 13 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
අමාවක
මාර්තු 29
පුර අටවක
අප්‍රේල් 05
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]