සංස්කෘතිය ජාතියක අනන්‍යතාවයි
දම්බරාවේ සෝභිත හිමි
සංස්කෘතිය යනු උපතින් පසුව මිනිසා විසින් අත්පත් කර ගන්නා ලද සියලු දැනුම කුසලතා,
ගති ලක්ෂණ, වටිනාකම් එකට සම්මිශ්‍රණය වූවකි.
එය මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද්දක් වන අතර, උගත යුතු දෙයක් ලෙස හඳුන්වා දිය
හැකි ය. මිනිස් සමාජය හා අනෙකුත් සත්ත්ව සමාජ, වෙන් කරන ප්‍රධාන සාධකය සංස්කෘතිය
වේ.
එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සමාජයෙන් ඉගෙන ගන්නා ලද චර්යාවන් මිනිස් සමාජයේ
සංස්කෘතිය ලෙස විග්‍රහ කළ හැකි ය. සංස්කෘතියට ආගන්තුක පුද්ගලයකුට වුව ද එම
සංස්කෘතියට හැඩගැසීමට දැනුම අවශ්‍ය වන අතර, එම දැනුම උත්පාදනය කරන්නේ අධ්‍යාපනය
මඟිනි.
අධ්‍යාපනය හරහා, සංස්කෘතියක් සතු ව පවතින ආකල්ප, කුසලතා, සිරිත් විරිත්, චාරිත්‍ර
වාරිත්‍ර, ඇදහිලි, විශ්වාස, වටිනාකම් හා හර පද්ධතීන් යන සියල්ල අනාගත පරපුරට දායාද
කරයි. දරුවකු උපතේ දී ම කිසියම් සංස්කෘතියකට අයත් වේ. එම උප සංස්කෘතියෙන් මහා
සංස්කෘතියකට දරුවා රැගෙන යන්නේ අධ්‍යාපනයෙනි.
භාෂාව යනු සංස්කෘතියේ පදනම යි. අධ්‍යාපනයෙන් තම මාතෘ භාෂාව පමණක් නොව වෙනත් භාෂා ද
ඉගැන්වීමෙන් ඔවුන්ගේ දැනුමේ පරාසය පුළුල් කර ගැනීමටත්, වෙනත් සංස්කෘතීන් පිළිබඳ
ඉගෙන ගැනීමටත් අවස්ථාව ලබා දෙයි. එමෙන් ම තම ජාතියේ ඉතිහාසය, සංස්කෘතිය, ජාතික
උරුමයන් පිළිබඳ ව ඉගැන්වීමෙන් ඔවුන් තුළ ජාතික අනන්‍යතාවක් ගොඩනැඟීමට උපකාරී වේ. |