නොසැලෙන ශ්‍රද්ධාවෙහි
විචිකිච්ඡාවක් නැත
“සත්ත්වයා” “පුද්ගලයා” “මම” යන මේවා වනාහි පඤ්චස්කන්ධයන් සඳහා යොදනු ලබන නම් පමණකි.
මේ සියල්ල අනිත්‍යය. මොහොතින් මොහොත වෙනස් වන සුළු ය. යමක් අනිත්‍ය ද ඒ දුක්ඛය (
යදනිච්ඡං තං දුක්ඛං) කෙටියෙන් පඤ්ච උපාදාන ස්කන්ධයෝ දුක්ඛයහ යන බුද්ධ වචනයේ සැබෑ
තේරුම මෙයයි.
මේ මොහොතේ පවත්නා පඤ්චස්කන්ධයෝ මීළඟ මොහොතේ හටගන්නා පඤ්චස්කන්ධයෝ නොවෙති. ඒවා
මොහොතින් මොහොත උපදවමින් අතුරුදහන් වන ප්‍රවාහයකි.
බ්‍රාහ්මණය, යම් සේ පර්වතයකින් වෑහෙන, වහා ගලන දිය දහර ඇති, හැම දෙයක් ගෙන යන සුළු
නදියක් නතර වන ක්ෂණයක් හෝ මොහොතක් හෝ නැත්තේ ද? යළි යන්නේ ම වේ ද, ගලන්නේ ම වේ ද,
එසේ ම මනුෂ්‍යයන්ගේ ජීවිතය පර්වතයකින් ගලන නදියක් වැනි ය.”
එක් දෙයක් අතුරුදහන් වන්නේ හේතු ඵල පරම්පරාවේ ඊළඟ දෙය පහළ වීමට ප්‍රත්‍යය වෙමින් ය.
මෙහි වෙනස් නොවන සුළු දෙයක් නැත. “නිත්‍ය ආත්මය සත්ත්වයා “මම” යැයි කිවහැකි කිසිවක්
එයට ඇතුළත් නොවේ. රූපය හෝ, වේදනාව හෝ, සංඥාව හෝ, සංස්කාර හෝ, විඤ්ඤාණය හෝ “මම”
යැ'යි හැඳින්විය නොහැකි බව පැහැදිලි ය. එකිනෙකට බැඳී පවත්නා මේ ස්කන්ධ පස කායික,
මානසික යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරන කල “මම” යන හැඟීම පහළ වෙයි. එහෙත් මෙය ඉහත
සඳහන් සතරවැනි ස්කන්ධයට ඇතුළත් සංස්කාරයන්ගෙන් එකක් වන “සක්කාය දිට්ඨි” නමැති හිස්
සිතිවිල්ලකි.
විචිකිච්ඡාව යනු අභිධර්ම විවරණය අනුව අකුසල චෛතසිකයක් බව සඳහන් වේ. සෝවාන් වීමේ දීි
මෙම අකුසලය සහමුලින් ම නැති වෙයි. ධම්ම සංගණිප්පකරණයේ විචිකිච්ඡාව අට වැදෑරුම් කොට
දක්වා තිබෙනවා. එනම්,
බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරයි. ධර්මය කෙරෙහි සැක කරයි, සංඝරත්නය කෙරෙහි සැක
කරයි, ශික්ෂාපද ගැන සැක කරයි, පෙර සසර සිටීම පිළිබඳ සැක කිරිම, මතු සසර ඉපදීම
පිළිබඳ සැක කිරීම, පෙර මතු සසර ඉපදීම පිළිබඳ සැක කිරීම, පටිච්ච සමුප්පාදය පිළිබඳ
සැක කිරීම,
මේ ආකාරයේ සැකයක්, සැකයට පත්වීමක්, සැකයට පැමිණි බවක්, විමතියක්, වැරැදි හැඟීමක්,
විචිකිච්ඡාවක්, ද්වේළහකයක්, ද්විධාසථයක් ( දෙමන්සන්ධියකට පැමිණීමක්) නොයෙක් අන්තයන්
ගැනීම, පසුබැසීමක්, චිත්තයාගේ තද බවත්, මනසේ සැකයක් (මනෝවිලේඛනයක් වේ නම් ද එය
විචිකිච්ඡා සංයෝජනය නම් වෙයි.
සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ මෙම විචිකිච්ඡාව දහසය වැදෑරුම් ව
දේශනා කර තිබේ. තවද මෙම සැකය නැත්නම් විචිකිච්ඡාව අනුසය ධර්ම වශයෙන් ද, නීවරණ ධර්ම
වශයෙන් ද, සංයෝජන ධර්ම වශයෙන් ද, ක්ලේශ ධර්ම වශයෙන් ද ආදි වශයෙන් දේශනා කර තිබෙන
සූත්‍රපිටකයෙහි එන සූත්‍ර ධර්මයන්ගෙන් අවබෝධ කර ගත හැකිය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී පවා දෙවිදත්, චිංචිමානවිකා වැනි අයත් තවත් බොහෝ
බමුණොත් උන්වහන්සේ පිළිබඳ සැක ඇති කර ගත්හ. බුදුහාමුදුරුවෝ කවුදැයි ඒවාගේ අයට
හඳුනාගන්නට නොහැකි විය. ඒ බව මජ්ක්‍ධිම නිකායේ සෝණදණ්ඩ සූත්‍ර වැනි දේශනාවලින්
පෙනෙයි. ඇතැම් අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ කෙබඳු උතුමෙක් දැයි සැක කරයි.
බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඤාණ පිළිබඳ, බුදුරජාණන්
වහන්සේගේ ඉපදීම පිළිබඳ, බුදුවීම පිළිබඳ පිරිනිවන් පෑම පිළිබඳ ඇතැම් අයට සැක සංකා
ඇති වෙනවා නේද? නිතර නිතර එවැනි “විචිකිච්ඡාවක් ඇති නොවුණත් ඇතැම් අවස්ථාවල දී යම්
හේතුවක් නිසා ඇති විය හැකියි. නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති පෘථග්ජනයාට මෙය ඇති වන්නේ
නැත.
ධර්මය ගැන කොතෙකුත් අවස්ථාවල විශ්වාසය පළුදු වී තියෙනව ද? සතර මාර්ග ඵල පිළිබඳ,
නිවන පිළිබඳ, කර්මය පිළිබඳ සැක ඇති වෙනවා නේද? කොපමණ හොඳ වැඩ, පින්කම් කළත් එහි
විපාක ඒ අවස්ථාවට නොලැබෙන විට ඔබගේ සිතේ ඇති වන ස්වභාවය ගැන සිතන්න. “කරන කලට පව්
මීරිය මීසේ කී පරිදි ඇතැම් මිනිසුන් වැරැදි වැඩ කරමින් දියුණුවෙන් දියුණුවට පත් වන
විට ඔබට හිතෙනවා ඇති දිට්ඨධම්ම වේදනීය කර්මයක් නැහැ කියලා. ඒ ආකාරයෙන් ධර්මය පිළිබඳ
මොනතරම් විචිකිච්ඡාවන් අප තුළ ඇති වෙනවා ද?
රත්මලාන ධර්මපර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |