ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝ දා 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පාද වීථිහාර පූජාව ඇරඹුණ වගයි...
සේයාරුව - අන්තර්ජාලයෙනි
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ නිරිත දිග් භාගයේ සමනොළ කන්ද පිහිටා තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩපත්තුවට අයත් සමනොළ කන්ද පරිවාර කඳුවැටි සමූහයකින් වට වී කේතු රූපාකාර ව දර්ශනය වන ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි. පුරාතනයේ පටන්ම සමනොළ කන්ද ආකර්ෂණයට ලක් වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොව ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි ශිඛරය මත පිහිටුවා තිබීම නිසා ය. එම පුවත මහාවංසයෙහි දැක්වෙන්නේ මෙසේ ය. තත්ථ ධම්මං දෙසයිත්වා සත්ථා ලොකානුකම්පකො - උග්ගත්ත්වා සුමනෙ කූටෙ පදං දස්සෙසි නායකො. ලෝකානුකම්පාවෙන් යුත් ශාස්තෘන් වහන්සේ එතැන්හි (කැලණිය) ධර්ම දේශනා කොට සමන්ත කූට පර්වතය මතුයෙහි පා සටහන දැක්වූ සේක. තස්මිං පබ්බත පාදම්හි - සහසංසො යථා සුඛං - දිවාවිහාරං කත්වාන දීඝවාපිමුපාගමි. භික්ෂුන් වහන්සේ සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සුව සේ දිවා විහරණය කොට දීඝාවාපියට වැඩි සේක. එදා මෙදාතුර සැදැහැවත් ජනී ජනයා සිරිපා වන්දනාව සිදු කරනුයේ අපමණ භක්ත්‍යාදරයකින් යුතුවයි. උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම සිරිපා වන්දනා සමය ඇරඹෙන අතර ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොයෙන් එය නිමාවට පත් කෙරෙයි. වන්දනා සමය ආරම්භයේ දී මෙන්ම අවසානයේ දී ද සාම්ප්‍රදායික චිරාගත ආගමික වතාවත් රාශියක් ඉටු කෙරෙයි.
‘සත්තාහකරණ’ යනු වස් සමාදම් වූ භික්ෂුව හෝ භික්ෂුණිය විසින් පිළිපැදිය යුතු වූ විනය ප්‍රඥප්තියකි. දින හතක් ඇතුළත යම් කළ යුතු කටයුත්තක් වේ ද එය ‘සත්තාහකරණ’ නම් වන බව සමන්තපාසාදිකාව පෙන්වා දෙයි. “සත්තාහබ්භන්තරෙ යං කත්තබ්බං තං සත්තාහකරණීයං” අටවන දින අරුණෝදගමනය වීමට පෙර එය නිම කළ යුතු ය. “අට්ඨමො අරුණො තත්ථෙව න උට්ඨාපෙතබ්බොති අත්ථො.” වස් සමාදන් වූ භික්ෂුව එම ස්ථානයෙන් කිසියම් වූ අනුමත කටයුත්තක් සඳහා බැහැරට යන්නේ නම්, අටවැනි දින අරුණෝද්ගමනයට පෙර වස් සමාදන් වූ එම ආරාමයට නැවත පැමිණිය යුතු ය. මෙනිසා වස් සමාදන් වූ භික්ෂුව වස් සමාදන් වූ සීමාවෙන් පිට වී යෑමට පෙර “මගේ ජීවිතයට අනතුරන් නො වේ නම් සත් දිනක් ඇතුළත එමි‘යි අධිෂ්ඨාන කොට යා යුතු ය. මුලින් සිහි කොට ගමන සඳහා ආරාමයෙන් පිටවන මොහොතේ දී සිහි නො කළ ද ඇවැත් නො වන බව විනයාලංකාර ටීකාවේ සඳහන් වෙයි. “පුරිමක්ඛණෙ ආභොගං කත්වා ගමනක්ඛණෙ විසරිත්වා ගතෙපි දොසො නත්ථි” මෙකල කොසොල් ජනපදයෙහි උදේන නම් උපාසකතුමා සංඝයා උදෙසා විහාරයක් ඉදි කොට තිබුණි. එතුමා භික්ෂූන් වහන්සේ සමීපයට දූතයකු යවා දන්වා සිටියේ තමා දන් දීමට, බණ ඇසීමට, භික්ෂූන් වහන්සේ දැකීමට කැමැති නිසා තම විසින් ඉදි කරන ලද විහාරස්ථානයට වැඩම කරවන ලෙසයි.
හෙළ කාන්තාවට විමුක්තිය, අභිමානය ලබා දුන්නේ සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසුව යි. ඒ උතුම් දවස උදාවන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමෙන් පසුව මෙරට භික්ෂු පැවිද්ද ආරම්භ කළ ද, භික්ෂුණී පැවිද්ද ආරම්භ කිරීමට හිමිකම් තිබුණේ නැහැ. එවකට රට පාලනය කළ දේවානම්පියතිස්ස රජුගේ නෑනණ්ඩිය වන අනුලා දේවිය මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් ඵලයට පත් වූවා. අනුලා දේවිය සෝවාන් ඵලයට පත්වූ පළමු කුල කාන්තාව යි. අනුලා බිසව මිහිඳු මහ රහතන් වහන්සේගෙන් සිදුකළ බලවත් ඉල්ලීම මත, මිහිඳු මහ රහතන් වහන්සේගේ නැඟණිය වන ධර්මාශෝක රජතුමාගේ දියණිය සංඝමිත්තා තෙරණිය වැඩමවා මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කළා. ඒ අනුව පළමු භික්ෂුණිය ලෙස අනුලා බිසවගෙන් ශ්‍රී ලාංකීය භික්ෂුණී පැවිද්ද ස්ථාපිත වෙනවා. එතෙක් ස්වාමියා යටතේ නිවස තුළ ජීවත් වූ ශ්‍රී ලාංකීය කාන්තාවට අභිමානයක් ලබා දෙමින් සමාජීය හා සංස්කෘතිය වශයෙන් වැදගත් සමාජ තත්ත්වයක් සංඝමිත්තා තෙරණීන් වහන්සේ වැඩමවීමෙන් පසුව හිමි වූවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බෞද්ධාගමික උතුමන් වහන්සේ ලෙස ගෞරව දැක්වීම ජන සම්ප්රදායක් බවට පත් වූයේ උඳුවප් පුර පුන් පොහොය මූලික කර ගනිමිනි.
එදා සිට අද දක්වා ම ලක්දිව් තලය මහ බෝ අනුහසින් සුරැකුණේ ය. ලක්දිව කතුන්ට අපමණ මෙතින් පැවිදි උපසපන් දායාදය සැලසුවෝ අප මහා සඟමිත් උත්තමාවියෝ ය. උඳුවප් මාසය ලබත් ම ලක් වැසි බොදුනුවන්ට ම විශේෂ වූ අසිරිමත් ශාසන ඉතිහාස ප්‍රවෘත්තීන් කිහිපයක් සිහියට නැඟේ. සියලු පාපි අදමිටු බල සෙන් පරාජය කොට ශ්‍රී සම්බුද්ධත්වයෙන් ලැබූ පාරිශුද්ධ විජයග්‍රහණයේ උත්තරීතර සංකේතය වන ජයශ්‍රී මහා බෝධිරාජයාණන් අපගේ උතුම් මාතෘභූමියට වැඩමවීමත්, කාන්තාවන්ට අවශ්‍ය අත්‍යන්ත නිදහසේ දායාදය හෙළ වැසි කතුන්ට උරුම වීමත් ඒ අතර මුල් තැනක් ගනී. දෙවනපෑතිස් මහ නිරිඳුන්ගේ සොහොයුරුගේ මෙහෙසිය වූ අනුලා දේවියත්, ඇයගේ පරිවාර කන්‍යාවන් පන්සිය දෙනාත්, අන්තඞපුර ස්ත්‍රීන් පන්සිය දෙනකුත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් තථාගත ශ්‍රී සද්ධර්මය අසා මඟ ඵල ලැබ දස සිල් සමාදන් ව කසාවත් පොරවා, පිරිසුදු පැවිදි බව අපේක්ෂාවෙන්, දහම් මඟ පුහුණූු වෙමින් සිටියහ. දෝළ නමැති අමාත්‍යයාගේ නිවෙසෙහි රජු විසින් කරවූ රම්‍ය වූ භික්ෂුණී අසපුවෙහි වසන ඒ බ්‍රහ්මචාරි දසසිල් උපාසිකා මාතාවන් නිසා ම ඒ සොඳුරු අසපුව ‘උපාසිකා විහාරය’ නමින් ලක්දිව පුරා ප්‍රචලිත විය.
විදුලකර යෙළසිය අබිමන් අභිමානයෙන් නිමවෙයි
පල්ලේකන්දේ රතනසාර නාහිමියෝ මහනායක ධුර ලබති
දෙල්මෑල්ලේ සුමනරතන නාහිමි ජන්ම දිනය සමරා පින්කම්
සසුනඹර එකලු කළ තංගල්ලේ අනුුරුද්ධ හිමිපාණෝ
පනානේ සද්ධාතිස්ස නාහිමි අනුනායක පදවි ලබති
ඉතිරිය»
බුදු සමිඳු සෙවණේ ලබන්නට අගතැන්, කල්ප ලක්ෂයක් කල් කළ මහරු පින්කම්
මතවාදයන්හි පැටලී අකුසල රැස් කිරීම
බියකරු සසරට ගෙන යන කර්ම
බියකරු සසර නුවණින් දිනන්න
සාධු දිවිමඟ මිහිර
Realisation of talent abilities or tendencies
සමාජ වගකීමට උරදෙන පරපුරේ රැකවරණයට වගවෙමු
ගෘහිණියගේ නව වසර
පුරපෑලවිය සඳ - 25 කොටස
බූමාටු දෙව්දුවගේ බෝධි වන්දනාව
රාහුල මාතා - 03
කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණඑකසිය පනස් වස් සපුරයි
බුදුදහම තුරුණුවිය සරු කරයි
හෙට ගොඩනඟන අද
තුන් සිත පහදා
සසර ගමනේ
ලොව සුපතළ මහ පින් කෙත
මවු ගුණ සිහිකර ඉදිකළ පැපිලියානේ සුනේත්‍රාදේවි රාජමහා විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]