ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝ දා 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ බොහෝ ශෝභාවත් ය. ප්‍රියමනාප ය. ඉවසිලිවන්ත ය. සාමකාමී ය. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දේව පුත්‍රයෙක් ඒ භික්ෂූන් වහන්සේ ගැන පැහැදුණු සිතින්
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස. සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ බොහෝ ප්‍රසන්න වෙති. දිනකට එක් ආහාර වේලක් පමණ වැළඳුවද උන්වහන්සේගේ ශරීරය ශෝභාවත් ය. එහෙත් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය, නිතර මිහිරි ආහාරපාන ගන්නා ගිහියෝ අවලස්සන ය. ඉල්පුණු නහර ඇත්තෝ ය. පීඩාවෙන් කල් ගෙවන්නෝ ය. මෙයට හේතුව කුමක් ද”? යි විමසීය.
එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ අතීතයේ වූ සිදුවීම් පිළිබඳ සිහි කරමින් නොහඬන බව ය. නොවැළපෙන බව ය. එමෙන් ම උදාවී නැති අනාගතයක් ගැන සිහින මවන්නේ නැති බව ය. උන්වහන්සේ වර්තමානයේ ජීවත් වන බව ය. තථාගතයන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම ගිහියන් වන අපට ද උගන්වන පාඩම මනරම් ය. උන්වහන්සේ දේශනා කොට වදාළේ ජීවිතය පිළිබඳ ව සිහින ලෝකයක් මවා නොගන්නා ලෙසට ය.
කෙනෙක් පීඩාවට පත්වන්නේ අතීතයේ වූ වැරැදි ගැන සිහි කරනවා මිස, පසුතැවෙනවා මිස නිවැරැදි වීමට උත්සාහ නොකිරීම නිසා ය. අනාගතය ගැන අනවශ්‍ය සිහිනවල ජීවත්වීම නිසා ය. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අද ජීවත්වන ලෙසට ය. මේ මොහොතේ ජීවත්වන ලෙසට ය. අද ජීවත්වනවා නම් අදට නියමිත දේ අදම කරන ලෙස ය. එවිට හෙට ගොඩනැඟෙනු ඇත. මේ මොහොතේ ජීවත් වනවා නම් ඒ අදාළ දේ ඒ මොහොතේම කරන ලෙස ය. එවිට ඊළඟ මොහොත ගොඩනැඟෙනු ඇත.
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]