[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ නවම් පෝදා

නවම් මහේ එළඹෙන නවම් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහි ලා සදානුස්මරණීය සිදුවීම් සතරකට මුල් වූ දිනයකි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහොය දිනෙක සිදුවී තිබේ. බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේගෙන් ආරම්භ කළ සඟ පරපුර වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුව දලු ලා වැඩුණු වෘක්ෂයක් සේ බබළන්නට විය. විවිධ දර්ශනවාද පිළිගනිමින් සත්‍ය ගවේෂණයෙහි යෙදී සිට පසුව බුදු සමය කෙරෙහි පැහැදී යථාර්ථය අවබෝධ කර ගැනීම් වස් පැවිදි වූ නා නා වර්ගික භික්ෂූන් වහන්සේගෙන් සංඝ සමාජය ජනාකීර්ණ තත්ත්වයකට පත් කෙරිණි. මෙසේ සකස් වූ භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිල භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ දහසක භික්ෂු පිරිස ද, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ දෙසීය පනහක භික්ෂු පිරිස ද යන 1250ක් වූ මහා සංඝ සන්නිපාතයකින් එදා රජගහනුවර වේළුවනාරාමය බබළන්නට විය.

සියලු දුකෙන් එතෙරවීමේ අසිරිමත් මඟට පිවිසෙමු

සියලු සත්ත්වයා පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍ය දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්‍ෂණ අතුරින් දෙ වැන්න වන්නේ දුක්ඛතාව හෙවත් දුකයි. භයට්ඨේන දුක්ඛං යනුවෙන් සිදු කෙරෙන විග්‍රහයට අනුව සත්ත්වයා සහ ලෝකය වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වන නිසා බිය වන්නේ ය යන අරුතින් දුක නම් වේ යැයි කියනු ලැබේ. දුක්ඛ යන පදයේ විරුද්ධ පදය සුඛ යන්න යි. නමුත් දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ යන්නෙන් පැවසෙන පරිදි ලෝකය දුකෙහි පිහිටා ඇත යන්නෙන් දාර්ශනික අර්ථයක් ප්‍රකාශ වෙයි. ජීවිතය හා ලෝකය ගැන බුදුහිමියන්ගේ අදහස පළ කෙරෙන චතුරාර්ය සත්‍යයන් අතුරින් පළමු වන දුක්ඛ ආර්ය සත්‍යය තුළ දුක්ඛ යන පදයෙන් අපරිපූර්ණතාව, අනිත්‍යතාව, තුච්ඡතාව, අසාරතාව, හිස් බව යනාදි ගැඹුරු අරුත් ද ගෙන දෙයි.

 

ලක් ඉතිහාසය බැබළවූ අමරණීය නාමය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

පත්තර කලාවේ මහ ගෙදර ලෙස විරුදාවලිය ලද, ශ්‍රී ලාංකේය මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ රන් අකුරින් නම රැන්දූ ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘවර, ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දිනය මෙම 23 වැනි දිනට යෙදී තිබේ. මේ කෘතෝපහාරය එතුමාණන්ගේ උත්කෘෂ්ට ව්‍යායාමය වෙනුවෙනි. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මාතෘ භූමියට නිදහස ලබා ගැනීම පිණිස උරදුන් කණ්ඩායමේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකි. උගතුන්, බුද්ධිමතුන් තම දේශයට දායාද කළ මෙරට ප්‍රථම හා විශාලතම තොරතුරු විකිණීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාණන් ය. අදින් වසර 139කට පෙර වර්ෂ 1886 පෙබරවාරි 23 වැනි දා සේදවත්තේ විසූ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙස ජන්ම ළාබය ලබා ඇති දොන් රිචඩ් විජයවර්ධනයන් මෙරට ජනතා සිත්හි වීරවරයකු වන්නේ ය.

 

පටිච්ච සමුප්පාදය ගැටලු විසඳීමේ න්‍යායකි

සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ බුදුරජාණන් වහන්සේ, බෝමැඩ අභියස ම වැඩ සිටිමින්, සමාපත්තිවලට සමවැදුන බවත්" පටිච්ච සමුප්පාදය හෙවත් ආර්ය න්‍යාය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ බවත්, විනය පිටකයෙහි මෙන් ම උදානපාලියෙහි ද සඳහන් වේ. ආර්යයන් වහන්සේ විසින් අවබෝධ කර ගත් නිසා ද, පෘථග්ජන පුද්ගලයන් ආර්ය භාවයට පමුණුවන නිසා ද පටිච්චසමුප්පාදය, ආර්ය න්‍යාය වශයෙන් හඳුන්වනු ලැබේ. ඕනෑම ගැටලුවකට හේතුව වන මූලික සිද්ධාන්තය පටිච්ච සමුප්පාදය යි. මෙම මූලික සිද්ධාන්තය අවබෝධ කොට වදාළ බෝසතාණන් වහන්සේ තවදුරටත් පඤ්චඋපාදානස්කන්ධයෙහි ඇතිවීම, නැතිවීම දකිමින් වාසය කරන විට සියලු ආස්‍රව ක්ෂය වූ බව දේශනාවල සඳහන් වේ. මේ අනුව මූලික සිද්ධාන්තය අවබෝධ කිරීමත්, එය සියලු ගැටලුවලට හේතුව වන මූලික කාරණය බව නුවණින් විමසා බැලීමත් නිසා ආස්‍රව ක්ෂය වීම සිදු වූ බව පැහැදිලි වේ.

 

සමන්තකූට වණ්ණනා

පරිච්ඡේද විසිහතරකින් පරිමිත සමන්තකූට වණ්ණනා නම් වූ පාලි පද්‍ය ඓතිහාසික කාව්‍ය සිරිපා කරුණා කරන මෙම සමයේ ශ්‍රී පාද පද්මධාතුව පිළිබඳ ව දැන, දැක සතුටු වන කාගෙත් ගෞරවාදරයට පාත්‍ර වන්නකි. භාග්‍යවතුන් වහන්සේගේ පාරිභෝගික සහ උද්දේසික උභය චේතියස්ථානයක් වූූ ශ්‍රීපාදය ලෝකයා ලද මහත් ලාභයක් ම ය. තථාගත ගෞතම ශ්‍රීපාද ලාඤ්ඡන සතරක් මේ පෘථිවි තලයේ පිහිටි බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාථ වේ. සංයුත්ත නිකායට්ඨකතාවෙහි දැක්වෙන පරිදි බුදුරදුන්ගේ එක් ශ්‍රී පාද ලාඤ්ඡනයක් ඉන්දියාවේ නර්මදා නදී තීරය අසල විසූ නා රජුගේ ඇරයුමෙන් එහි තබන ලදී. තවත් පා සටහනක් දකුණු ඉන්දියාවේ මදුරාසිය සමීපයෙහි සච්චබද්ධ පර්වතය මුදුනෙහි පිහිටා තිබේ. අද එම ස්ථානය ශීවනඩි පාදය ලෙස සලකා හින්දු ලබ්ධිකයින් විසින් අයත් කොට ගෙන මහත් ගරු බුහුමන් පවත්වනු දක්නට ලැබේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ විසින් ස්ථාන දෙකක තබන ලද ශ්‍රීපාද ලාඤ්ඡන පිළිබඳ ව සමන්තකූට වණ්ණනාවේ සඳහන් වේ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]