[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුනඹර එකලු කල පොරවගම සුමනසිරි නාහිමියෝ

සසුනඹර එකලු කල පොරවගම සුමනසිරි නාහිමියෝ

මාලබේ ශ්‍රී සුසිලාරාම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන ලද්දේ මෙයට වසර විසි තුනකට පෙර අපවත්වී වදාළ හේවාගම් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී පොරවගම සුමනසිරි නායක මාහිමියන් වහන්සේ, ලෝ සසුන් දෙකට අපිරිමිත සේවාවන් රැසක් ඉටු කරන ලද සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි.

සසුනඹර ආලෝකවත් කළ සඟ පරපුරක් වූ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ, කළුතර තොටමුණේ උප ප්‍රධාන සංඝනායක ව වැඩ විසූ අපවත් වී වදාළ ගෞරවාර්හ දෙදියවල දේවසුමනාභිධාන හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1947 වර්ෂයේ පොරවගම සුමනසිරි නමින් උතුම් පැවිදි බිමට පත් වූහ.

විසිවයස් සම්පූර්ණ වීමෙන් 1955 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පදාව ලැබීය. වර්ෂ 1962 වර්ෂයේ මාලබේට වැඩම කළහ. අද මාලබේ ග්‍රාමයට නව ආලෝකයක් ගෙන දෙන ශ්‍රී සුසිලාරාම විහාරස්ථානය, ආගමික, ශාසනික හා ජාතික වශයෙන් විශාල මෙහෙවරක් ඉටුකරන විහාරස්ථානයක් බවට පත්ව ඇත. ඊට අමතරව විහාරස්ථාන ගණනාවක් අප නා හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම හා අවවාද අනුශාසනා පරිදි ආරම්භ විය.

අපවත් වී මේ මස 18 වැනි දිනට වසර 23කි. ඒ වෙනුවෙන් 75 නමක් උදෙසා පිරිනමන මහා සාංඝික දානමය පින්කම පසුගිය ජනවාරි 18 වැනි දින දහවල විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පොරවගම විමලරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරිණි.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]