ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සියලු සත්ත්වයා පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍ය දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්‍ෂණ අතුරින් දෙ වැන්න වන්නේ දුක්ඛතාව හෙවත් දුකයි. භයට්ඨේන දුක්ඛං යනුවෙන් සිදු කෙරෙන විග්‍රහයට අනුව සත්ත්වයා සහ ලෝකය වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වන නිසා බිය වන්නේ ය යන අරුතින් දුක නම් වේ යැයි කියනු ලැබේ. දුක්ඛ යන පදයේ විරුද්ධ පදය සුඛ යන්න යි. නමුත් දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ යන්නෙන් පැවසෙන පරිදි ලෝකය දුකෙහි පිහිටා ඇත යන්නෙන් දාර්ශනික අර්ථයක් ප්‍රකාශ වෙයි. ජීවිතය හා ලෝකය ගැන බුදුහිමියන්ගේ අදහස පළ කෙරෙන චතුරාර්ය සත්‍යයන් අතුරින් පළමු වන දුක්ඛ ආර්ය සත්‍යය තුළ දුක්ඛ යන පදයෙන් අපරිපූර්ණතාව, අනිත්‍යතාව, තුච්ඡතාව, අසාරතාව, හිස් බව යනාදි ගැඹුරු අරුත් ද ගෙන දෙයි. අනන්ත ලක්ඛණ හෙවත් අනාත්ම ලක්‍ෂණ සූත්‍රයේ දී බුදුහිමියන් දේශනා කර ඇත්තේ යමක් අනිත්‍ය නම් එය දුක් සහිත බව ය. සංයුක්ත නිකායේ 5 (1) 128 පිටුවේ ඇතුළත් දුක්ඛතා සූත්‍රයට අනුව දුක තෙ වැදෑරුම් බව මෙසේ දක්වා ඇත. දුක්ඛ ස්වභාවයන් තුනකි. එනම්, සග දුක්ඛ දුක්ඛතා, සසග සංඛාර දුක්ඛතා සසසග විපරිණාම දුක්ඛතා යනු යි. මෙය ම සංයුක්ත නිකායේ 4 හි 484 පිටුවේ දුක්ඛ සූත්‍රයේ ද දේශනා කර තිබේ. එහි දී සැරියුත් හිමියන් බුදුහිමියන්ගෙන් විමසා සිටින වැදගත් කරුණ වන්නේ මේ දුක්ඛ ස්වභාවය මුළුමනින් ම අවබෝධ කර ගැනීමට මඟක් තිබේ ද කියා යි. එවිට බුදුරදුන් දේශනා කර ඇත්තේ දුක්ඛතාව මුළුමනින් වටහා ගැනීමට මඟක්, පිළිවෙතක් ඇති බවත්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් ය. බුදුහිමියන් ඉහත දැක්වූ සූත්‍ර දෙකින් ම දක්වා ඇති පරිදි දුක්ඛ ස්වභාවයේ පළමු ප්‍රභේදය දුක්ඛ දුක්ඛතාව යි. මේ කොටසට ගැනෙන්නේ ඕනෑ ම කෙනකුගේ සිතට සහ කයට දැනෙන දුකයි.
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]