[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිත අපිරිසුදු කරන මනසිකාර

සිත අපිරිසුදු කරන මනසිකාර

ජීවිතය විවිධාකාර සිද්ධීන්ගෙන් ගහන ව පවතී. එය ජීවිතයේ දී මුහුණ දුන් කටුක අත්දැකීම් විය හැකියි. වේදනාකාරී අත්දැකීමක් විය හැකියි. එසේ නැති නම් සුන්දර පි‍්‍රය ජනක සිදුවීමක් විය හැකියි. එහෙත් ඒ සියලු මනසිකාරයන් ඔබගේ පවිත්‍ර සිත අපවිත්‍ර කරයි. ආවරණය කරයි.

සිත අපිරිසුදු කරන රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, සැකය, පසුතැවිල්ල, සිතේ අකර්මන්‍ය බව, මුළාව වැනි සිතිවිල්ලක් එම සිද්ධිය ආවර්ජනයත් සමඟ ඵලයක් ලෙස හට ගනියි. මේ සිතිවිලි ඔබේ සිත අපිරිසුදු කරන බව ඔබට නො වැටහේ. එයට හේතුව එම අතීත සිද්ධියකට ඔබ දැහැන්ගත ව සිටින නිසා ය. එහිදී සිත අපිරිසුදු වූ බව වටහාගත හැකි චෛතසිකයක් ලෙසට කෝපය නිදසුනකට ගත හැකි ය. කෝපය ඇති කළ සිද්ධිය සිහි කරන විට කෝපයට ලක්වන තැනැත්තාට කිසියම් හෝ නපුරක් කිරීමට සිතෙනු ඇත. එය සිත කිළිටි වීමෙන් සිදුවන්නෙකි.

වර්තමානය තුළ සිත මෙහෙයවීම වඩා වැදගත් වේ. එයට හේතුව අතීතයටත්, අනාගතයටත් වගකියන මොහොත වර්තමානය මත පිහිටා ඇති නිසා ය. ඔබ වර්තමානයට සිත ගෙන යන විට මේ මොහොතේ පවතින සුන්දරත්වය විඳිය හැකි ය. වර්තමානය පිවිතුරු තත්ත්වයකි. වර්තමානයේ දී ඔබට අකැමැති දෙයක් විය හැකි ය. ඇසිය හැකි ය. එහෙත් ඒ ක්ෂණයකින් වෙනත් දෙයක් දැකීමෙන්, වෙනතකට කන් යොමු කිරීමෙන් ප්‍රසන්න දෙයක් දැකිය හැකි ය. ඇසිය හැකි ය. අවශ්‍ය වන්නේ සිහිය නැමති ප්‍රබල ශක්තිය මෙහෙයවීම පමණි.

අප්‍රසන්න දේ අතර ද ප්‍රසන්න දේ කොතෙක් නම් ඇත් ද? අපගේ පුරුද්ද වී ඇත්තේ අපහසුවෙන් හෝ අප්‍රසන්න දේ දැකීමට ය. ඇසීමට ය. එය මොනතරම් පීඩාකාරී වුවත්, ආතතියක් ඇති කරන්නක් වූවත් එය හොරොන් හෝ දැකීමට, හොරෙන් හෝ එය ඇසීමට පොළඹවයි. එය එසේ වන්නේ මේවා පුරුදු බවට පත්ව ඇති නිසා ය. පුරුද්ද බලවත් ශක්තියකි. මේ නිසා මේ නරක පුරුදු නතර කිරීමට අවධානය යොමු කළ යුතුයි.

මජ්ක්‍ධිම නිකායේ භද්දෙකරත්ත සූත්‍රය පෙන්වා දෙන පරිදි වර්තමානයේ ජීවත්වන අප සතුටින් ජීවත්වීමට කටයුතු කළ යුතුයි. සිත, කය, වචනයෙන් තමාටත්, අන් අයටත් යහපතක් වන දේ කළ යුතුයි. තමාගේ දියුණුව සේ ම අන් සමාජයේ ද යහපත සිතිය යුතු ය. තමා සුවපත් වනවා සේ ම අන් සත්වයෝ ද සුවපත් වේවා'යි යන ආකල්පය ඇති කර ගැනීම යහපත් ය.

පුද්ගල මනස අපිරිසිදු වන දේ වැඩි වශයෙන් වර්තමානයේ දක්නට තිබේ. රාග, ද්වේෂ, මෝහ ඊට පෙරමුණ ගනී. මේ අකුසල සිතිවිලි පාලනය කර ගැනීමට නම් අප ඊට ප්‍රතිවිරුද්ධ ව කටයුතු කළ යුතු වෙයි.

ලොව්තුරා දහමට අනුව දුක නැති කිරීමේ ප්‍රතිඵලය ලෙස සැප උදා වනු ඇත. එය වර්තමානයේ ලබාගත යුත්තකි. සත්‍යය දැකිය යුතුයි. සත්‍යය දැකීමට නම් යථාර්ථය දැකිය යුතුයි. සංසාර ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගත යුතු ව තිබේ. යථා ස්වභාවය අවබෝධ වූ විට දුකින් මිදීමට උත්සාහ කරනු ඇත. එය විය යුත්තේ ළමා කාලයේ සිට යි. ක්‍රමයෙන් වයස මුහුකුරා යන විට ගැඹුරු දහමට එළඹෙයි. ජීවිත අත්දැකීම් මීට හේතු වේ. ප්‍රඥාව, බුද්ධිය, නුවණ දියුණු වන විට අන්ධකාරය පහව ගොස් ආලෝකය උදාවනු ඇත. පුද්ගල ජීවිතයට සේ ම සමස්ත ලෝකයට ම අඳුර නැති වී ආලෝකය උදාවනු ඇත.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]