[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක පෝ දා 2025-02-12

ශ්‍රී සද්ධර්මය ජීවිතයට

ගුණධර්ම, යහපත් පැවැත්ම, සුරක්ෂිත බව, සාමය, සතුට සමාජයේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන්වන මාතෘකා බවට පත්ව තිබෙන්නේ ඒ සාධක ඒ තරමට ම පුද්ගල ජීවිතය හා බද්ධව පවතින හෙයිනි. සමාජයක සුරක්ෂිත බව තහවුරු වන්නට නම් එහි දිවි ගෙවන සෑම පුද්ගලයකු ම සුරක්ෂිත විය යුතු ය. සමාජය ගොඩනඟන කුඩා ම ඒකකය, පවුල ආරක්ෂා විය යුතු ය. එහෙත් පුද්ගලයාත්, පවුලත් අනාරක්ෂිත වෙමින් බිඳී විසිරී යන ස්වභාවයක් අපි කලෙක සිට අත්දකිමු. එය කෙටි කාලීන සිද්ධි දාමයක ප්‍රතිඵලයක් නොවේ. කාලාන්තරයක් පුරා අතු ඉති ලා වැඩෙන ආධ්‍යාත්මික පරිහානියක අවලක්ෂණ ය.

අද අපට ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයට, කියවා දැන ගන්නට ඕනෑ තරම් අවකාශය වේ. එහෙත් මානව ධර්මයන්ගේ පරිහානිය නිසා වූ හිඩැස සම්පූර්ණ වනවා වෙනුවට සමාජය තුළ විද්‍යමාන වන්නේ ගුණධර්මයන්ගේ සෝදා පාළුවයි. කුමන හෝ තැනක අපට වැරැදී තිබේ. එහෙත් වරදෙහි ම ගිලීම, අඳුරට ම වැටීම බෞද්ධයාගේ ස්වභාවය විය යුතු නොවේ. වරදින් නිවැරැදි වීම තුළ ජීවිතය බබළන්නේ වළාකුළෙන් මිදුණු පුන්සඳ සේ ය. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ එලෙසයි. මෙලොව උපන් දා සිට මිය යන තුරුත් ජීවිතය සරසවන මිණිමුතු ඕනෑතරම් ශ්‍රී සද්ධර්මය තුළ විස්තර කෙරේ. ඒ අනුව බෞද්ධයකුගේ යම් ගුණධර්ම පරිහානියක් වේ නම් එහි විශාල ප්‍රශ්නයක් වේ. මැණික් ගලේ පය හැපුණත් කණා අහුලා නොගන්නා සේ සදහම් මිණිමුතු ද ප්‍රදර්ශනයට තබනවා මිස ඒවා ජීවිතයට ඔපලා ගන්නට වෑයම් නොකිරීම අභාග්‍යයකි.

බෞද්ධයා යනු බුද්ධිමතෙකි. බුද්ධිමත් බව නම් තමන් ලද සදහම් ඥානය පොතට, දැනුමට පමණක් සීමා නොකොට හොඳින් විමසා බලමින් තමන්ගේ ජීවිතයට අර්ථාන්විත ව ගැළපීමයි. ඒ තුළ සෑම බෞද්ධයකු ම ක්‍රියාත්මක වනවා නම් පෙර කී සාමය, සතුට, සුරක්ෂිත බව අපට දුර නැත.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා මංගල සුතුරෙහි මංගල කරුණු පරිශීලනය කරන කවරකුට වුව ද ලද උතුම් මනුෂ්‍ය ජීවිතය යහපත් දිශානතියකට යොමු කර ගත හැකි ය. ඒ තුළ මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් සුරක්ෂිත කර ගැනීම අපහසු නොවේ.

අසත්පුරුෂ ඇසුර ජීවිතයේ පරිහානියට මිස දියුණුවට නොවේ. කලණ මිතුරා ජීවිතය යහපත තුළ රඳවයි. ජීවත්වීමට සුදුසු පරිසරය අතුරු අන්තරා වළක්වයි. පෙර කළ පින් පලදීම තුළ ජීවිතය වාසනාවන්ත වේ. ජීවත්වීම පහසු වේ.

ඒ යහපත තුළ රැඳෙමින් තව තවත් පින් කුසල් සිදුකර ගැනීම සහ යහ මඟෙහි ම ගමන ජීවිතයේ ප්‍රගමනය යි. අඥානයා සමාජයේ අපකීර්තිය ලබන්නෙකි. අඥානකම තුළ ඔහුට සරු නිසරු දේ හඳුනාගත නොහැකි ය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම අඳුරෙන් ආලෝකය, ආලෝකයෙන් ආලෝකයට යන්නට මේ උතුම් සදහම් පණිවුඩ ජීවිතාදර්ශය කර ගන්නට ඥානවන්ත වීමේ කාලය පැමිණ තිබේ.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]