[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අර්ථ පූර්ණ අත්පොතක විසිතුර

අර්ථ පූර්ණ අත්පොතක විසිතුර

ධම්මපදය සිංහල රජකාලේ බෞද්ධයාගේ අත්පොත ය. එය හරවත් ය. අර්ථ පූර්ණ ය. කාලානුරූප ය. විද්‍යාත්මක ය. උපදෙස් හා මඟපෙන්වීම්වලින් ද යුක්ත ය. මුළුමහත් මානව සංහතියේත්, භෞතික ලෝකයේත් ප්‍රගමනය සඳහා මෙතරම් ප්‍රාණවත් වූ ද, ප්‍රගතිශීලි උපදෙස් ලබා දෙන වෙනත් ධර්ම ග්‍රන්ථයක් ඇත්දැයි යන්න පවා සැක සහිතය.

1818 කැරැල්ලේ දී ඉංගී‍්‍රසින් විසින් අල්ලාගත් කැප්පෙටිපොළ මොනරවිල දිසාවගේ හිස ගසා මරා දැමීමට තීරණය විය. එතුමන් සැබෑ වීරයකු ලෙස සිය ඉණෙහි සඟවාගෙන සිටි ධම්මපදය අත්පොත ගෙන පාළි ගාථා කීපයක් කියවා “වදකය මගේ හිස එක කඩු පහරින් වෙන්කරව“ යනුවෙන් අණ දුන්හ. කැප්පෙටිපොලගේ හිසද, ධම්මපදය අත්පොත ද ඉංගී‍්‍රසින් එංගලන්තයට ගෙන යන ලදී. එය කියවා බැලූ ඉංගී‍්‍රසි බුද්ධිමතුන් විදේශ භාෂා ගණනාවකට පරිවර්තනය කළේ ය. අද ලෝක බලවතා වී සිටින අමෙරිකාව පවා අද දියුණුවේ හිණිපෙත්තට නැඟුණේ “ධම්මපදය” උගත් ජෝර්ජ් වොෂින්ටන් වැනි උගතුන් නිසාය. කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව සියල්ල අනිත්‍යය ය. කොපමණ දියුණු වුවත් අමෙරිකාවේ මෑතක දී ඇතිවූ ලැව්ගින්න නිවා ගැනීමට ඔවුන් අසමත් විය.

එහෙත් ධම්මපදයෙන් ප්‍රකාශිත අදහස ශ්‍රාවකයාට ලබා දෙන්නේ ශක්තිමත් අත්තිවාරමක් මත තැනූ සුවිසල් ගොඩනැඟිල්ලක ස්වභාවය යි. ගොඩනැඟිල්ලේ අත්තිවාරම ද වෙන් කළ නොහැකි සේ උපමා උපමේයයන් ඒකාබද්ධ වී ඇති ආකාරය අපට මැනවින් ප්‍රදර්ශනය වෙයි.

“යථා සංකාර ධානස්මිං - උජ්ක්‍ධිතස්මිං මහා පථෙ
පදුමං තත්ථ ජායෙථ - සුචිගන්ධං මනොරමං

එවං සංකාර භුතෙසු - අන්ධ භුතෙ පුථුජ්ජනෙ
අතිරොචති පඤ්ඤාය - සම්මා සම්බුද්ධ සාවක

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]