[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නාපමාව දැනගත යුතු සංසාරයේ ආපදාව

“මහණෙනි, එය යම් සේ ද?. පුරුෂයකුට හුලකින් විදිනවා. ඒ සමීපයට ම දෙවැනි හුලකිනුත් විදිනවා. එසේ වූ කල මහණෙනි, ඒ පුරුෂයා හුල් දෙකකින් ම යි වේදනා විඳීන්නේ.” ස්වභාවික විපතක් හේතුවෙන් අප රට මහා ව්‍යසනයකට ලක් විය. ගංවතුර, නාය යෑම හේතුවෙන් මිනිසුන්, සතා සිව්පාවුන්, ගෙවල් දොරවල්, යාන වාහන භව භෝග සම්පත් විනාශ විණි. මෙය වැදුන උලකි. අනෙක් උල වන්නේ ‘අනේ අපොයි මා ජීවිතය පුරාවට රැස් කළ සබ්බ සකල මනාව සියලු දේ විනාශ වුණා නේ ’ද යන පසුතැවිල්ලයි. බොහෝ ඇසූපිරූ තැන් නැති අශ්‍රැතවත් පෘථග්ජනයෝ දුක් වේදනාවක් ඇති වූ කල හඬති, ක්ලාන්ත වෙති, වැළපෙති, පපුවට අතින් ගසා ගනිති. සිහි කල්පනා නැති කර ගනිති. ඔවුහු කායික වශයෙන් හා මානසික වශයෙන් වේදනා දෙකක් විඳිති. ඔවුහු පසුතැවීම නිසා සිත දූෂ්‍ය කර ගනිති. සිත තුළ වෛරය ඇති කර ගනිති. වෛරය නිසා රාගාදි වූ කෙලෙස් උපදවා විවිධ වැරැදි කරති. ඔවුහු හට ගැනීම නොදකිති. නැතිවීම නොදකිති. ආස්වාදය, ආදීනවය, නිස්සරණය නොදකිති. අවබෝධ කර නොගනිති. පළමු උලෙහි වේදනාවෙන් වේදනාවට ලක් වූ පුද්ගලයා තවත් උලක් වැදීමෙන් තවත් වේදනාවට ලක් වෙයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති සත්පුරුෂයෝ එසේ නොවෙති. ආපදාවක දී ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය,රෝග හට ගැනීම, සීල ව්‍යසනය, දිට්ඨි ව්‍යසනය සිදුවන බව අංගුත්තර නිකායෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කරති. ඤාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය යන මේ විනාශයන්ට වඩා සීල හා දිට්ඨි ව්‍යසනය භයානක විනාශයන් බව දක්වයි. විනාශය හමුවේ සිත සකස් කර ගෙන නැඟී සිටින අයුරු බුදු දහම හොඳින් දක්වයි. උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනො - සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ - අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති. උත්සාහවන්ත වීම, සතිමත් බව, යහපත් කටයුතුවල නිරත වීම, විමසා බලා කටයුතු කිරීම, ඉන්ද්‍රිය සංවරය, ධාර්මික ව ජීවත් වීම, නොපමා බව කෙනකුගේ ජීවිතය තුළ ගොඩනඟා ගැනීම මෙහි දී ඉතා වැදගත් ය. විනාශ වූ දේ පිළිබඳ සිත සිතා කනගාටුවීම බුදු දහම අනුමත නොකරයි.


දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]