සදාතනික
ප්‍රතිඥාව
ආචාර්ය
රාජකීය පණ්ඩිත
බළන්ගොඩ රාධ
ස්වාමීන් වහන්සේගේ
සදහම් දෙසුමකිනි
ශ්‍රී සද්ධර්මය පහළ වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ විරාගී හදමඬලින්. බුදුරජාණන්
වහන්සේ, ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය කියන මේ තිසරණය අපට ලැබුණු පිළිසරණක්. ඒ
පිළිසරණ එක වැකියකින් ලෝකයට හඳුන්වා දෙන්නට පුළුවන් නම්, ඒ තමයි ‘ඉතිපි සො භගවා
අරහං සම්මා සම්බුද්ධො......’ ආදි වශයෙන් අප සජ්ඣායනය කරන ගාථාරත්නය.
එමඟින් කියැවෙන්නේ මෙබඳු ධර්මයක් අවබෝධ කළ, මෙබඳු වීතරාගී ගුණ දරන, උතුම් නිර්වාණය
පසක් කළ මෙබඳු මුනිවරයෙක් ලොව පහළ වුණා. ඒ මුනිවරයාණන්ගේ හදවත ගැන, අවබෝධය ගැන,
ගමන්මඟ ගැන, ඒ මුනිවරයාණන් පිහිටා සිටි යම් ධර්මය නමැති පොළොවක් වේ නම් ඒ ධර්මය
ගැන, ඒ වගේම අවබෝධ කළ ධර්මයෙන් දෙවි මිනිසුන්ට සලසා දුන් සදාතනික පිළිසරණ පිළිබඳ, ඒ
ධර්මය ශ්‍රාවකයන්ටත් වෙන්වෙන් වශයෙන් පසක් කළ හැකි බව, සෑම දුකකට ම, සෑම විපතකට ම
එකම පිළිතුර එය ම බව ඉතිපිසෝ ගාථාවෙන් කියවෙනවා.
තවත් ලෙසකින් කියනවා නම් මේ ගාථා රත්නය මුළු ත්‍රිපිටක ධර්මය පිළිබඳ පටුනක් වගේ.
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන තමයි කියවෙන්නේ. නමුත් ඒ භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයේ ඇති උළාරත්වය, විශේෂත්වය, අනූපමත්වය ඒ තුළින්
ඉස්මතු වෙනවා. මේ උතුම් ධර්මය ගැන ඒ ධර්මය අනුව සුපිළිපන් මහා සංඝරත්නය ගැන,
දැවැන්ත ධර්ම ජීවයක් පිළිබඳ, ධර්ම ජීවයකින් යුතු පරපුරක් පිළිබඳවයි ඉතිපිසෝ ගාථාව
ලොවට හඬගා කියන්නේ.
ඒ වගේම ලෝකයේ සත්‍යය පිළිබඳ සදාතනික ප්‍රතිඥාව, සිහනද, අනුරාවය තමයි බුදුරජාණන්
වහන්සේගේ ජීවිතය පිළිබඳ කෙටි සටහනක් වන මේ ඉතිපිසෝ ගාථාවෙන් කියවෙන්නේ.
සාමාන්‍ය ජීවිතය ගත්තත් මේ ගාථා ධර්මයේ තේරුම දැනගෙන, අරුත් වශයෙන් උකහාගෙන
සජ්ඣායනය කරනවා නම්, මෙනෙහි කරනවා නම් ඒ ශ්‍රාවකයාට පුදුම විදිහේ ආධ්‍යාත්මික
පිළිසරණක් ලැබෙනවා. භෞතික ලෝකයේදීත් විශාල රැකවරණයක් සැලසෙනවා. ඒ විතරක් නොවෙයි. මේ
ඉතිපිසෝ ගාථාවෙන් යම් කෙනෙක් තම කමටහන දියුණු කරනවා නම්, බුදුරජාණන් වහන්සේ
ගැන හිතන්න පෙළඹෙනවා නම් ඒ ශ්‍රාවකයාට හිතාගන්නටත් බැරි මට්ටමක ආශ්චර්යවත්
පිළිසරණක් ලැබෙනවා. කෙටියෙන් කියනවා නම්, අපේ සිතට, කයට එල්ලවන සියලුම වාගේ පීඩා
නිවාරණය කරන්නට ඉඳුරාම එකම ඖෂධයක් වෙනවා,
බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමේ ඉතිපිසෝ ගාථාව ගැන සුළුවෙන්, පටුවෙන් සිතන්න
එපා.
ධර්ම ඥානය වැඩිවෙත්ම, දහම පසක් වෙත්ම, ධර්මාර්ථ පැහැදිලිවෙත් ම මේ ගාථාව නැවුම්
අරුතකින් අපට වැටහෙන්න පටන් ගන්නවා.
සුබැසි |