[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කරුණා ගඟුලේ මෙත් දිය දහරේ සැනසී නමදිමු සිරිපා පද්මේ

සිරිපා වඳින්නට පළමු වරට යන්නෝ කිරිකෝඩු ය. බැලූ බැල්මට ඉතා සුළු පිරිසකට රැස් විය හැකි කුඩා මළුවේ ඉඩ ප්‍රමාණය කො තරම් ජනතාව රැස් වුව ද පිරී ඉතිරී නො යන බවටත්, තදබදයක් ඇති නො වන බවටත් විශ්වාසයක් ඇත. කොපමණ බර වූවත් බඩු බාහිරාදිය ගෙන යන ඔලගුව හැඳින්වෙන්නේ “සැහැල්ලුවේ” යන ප්‍රතිවිරුද්ධ තේරුමක් ඇති වචනයකිනි. ‘යනවා, එනවා’ වෙනුවට ‘කරුණා කරනවා’ යන වචන භාවිත කරන නිසාදෝ කොතරම් දරදඬු සිතක වුව ද ගලා යන ගඟුලක් සේ කරුණාව, මෛත්‍රිය පිරී ඉතිරී යයි. සිරිපා ගමනේ දී සීත ගඟුල ද වැදගත් ස්ථානයකි. බැතිමතුන් සිසිල් දිය නා සුදු පිරුවට හැඳ පේවෙන්නේ මෙහි දී ය. අසීමිත සිසිලස දනවන ගඟුලැල්ල, කායික විඩා නිවන අමා වතුරක් මෙනි. තවත් ස්ථානයකි, ඉඳිකටුපාන. බුදුරජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ සිටිමින් බුදු සිවුර මැසූවේ යැයි විශ්වාසයක් පවතී. ඒ අවස්ථාවේ මාරයා සුවිශාල වර්ෂාවක් වැස්ස වුව ද, මහා බුද්ධ තේජසින් උන්වහන්සේ වැඩ සිටි ස්ථානයට වැසි දිය බිඳකුදු නො වැටුණි. මේ පුවත සිහි කර ඉදිකටුවක් අමුණා නූල් ඇද යාම විශේෂයෙන් සිදු කළ යුත්තේ කිරිකෝඩු බව කියැවේ. භගවා ලෙන ගැන පුරාවෘත්ත රාශියකි. දිවාගුහාව ලෙස ද මෙයට ව්‍යවහාර වේ. සිරීපාදයට වැඩි ගමනේ දී බුදුරජාණන් වහන්සේ දහවල් කල වැඩ සිටි තැන මෙය යැයි විශ්වාස කෙරේ. නිශ්ශංකමල්ල රජතුමා සිරිපා වැඳ එන අතරතුර මෙම ස්ථානයේ රැඳී සිටි බවට ද මතයකි. මේ රජතුමා විසින් කළ ශිලා ලේඛනයක් වර්තමානයේ භගවා ලෙන යැයි විශ්වාස කරන ස්ථානයේ පිහිටා ඇත. එතුමා සිරිපා වන්දනාවේ ගිය අයුරු දැක්වෙන සෙල් ලිපි අටක් ද එහි ඇත. ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන්ට හමුවන තවත් ස්ථානයකි හැරමිටිපාන. මේ ස්ථානයේ දී බුදුරජාණන් වහන්සේ හැරමිටියක් වාරු කර ගෙන වැඩම කළ බවට පිළිගැනීමක් ද ඇත. උපද්‍රවයක් නැති ව ශ්‍රී පාදස්ථානය වන්දනා කර ගැනීම සඳහා හැරමිටියක් බාර වීම අරමුණු කර ගෙන දෙවියන්ට බාරයක් වීම මෙහි දී කෙරේ. මහගිරිදඹය ද මෙම මාර්ගයේ ඉතාම දුෂ්කර කොටසකි. ‘දඹේ’ යන්න “උස් වූ කඳු මුදුන’ යන අරුත දෙයි. ශ්‍රී පාද වන්දනාවේ දී ධර්මරාජගල ද තවත් විශේෂ ස්ථානයකි. ‘ධර්මරාජ’ නම් තාපසයකු බුදුබව පතා කළේ යැයි විශ්වාස කරන, සිරිපා වන්දනාව පහසු කරනු පිණිස ගලින් ම කපා ඇති පඩි පෙළකි මෙහි ඇත්තේ. වන්දනාකරුවෝ පඩි ගණන් කරන නමුත් ස්ථිර ගණනක් සැමට නො ලැබෙන බව කියති.


දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]