[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සම්බුදු සිරිපා පහසින් මහියංගණය ඒකාලෝක වූ වගයි

මේ ආරම්භ වූයේ දුරුතු මාසය යි. හේමන්තයේ දෙවැනි මාසය මෙන්ම හිතකර නො වූ කාලගුණයකින් යුක්ත වන දුරුතු මහ තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් යුක්ත ය. රාත්‍රිය දැඩි සීතල ය. දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය හා වැදගත් වන ඓතිහාසික හා පූජනීය සිදුවීම් රැසක් පවතියි. බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලක්දිවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම, කේශ ධාතු නිධන් කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේ ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජබවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකිය හැකි ය. බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කරවීමේ පුවත මහාවංසයෙහි ලියැවෙන්නේ එය ලක්දිව පරම පවිත්‍ර කරනු පිණිස ම හේතු වූ බව සඳහන් කරමිනි. බොධිතො නවමෙ මාසෙ - ඵුස්සපුණ්ණමියං ජිනො - ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි පසුව මහාවංස කතුවරයා අනුක්‍රමයෙන් මෙම පුවත මෙසේ විස්තර කරයි. සර්වඥයන් වහන්සේ මතු ලක්දිව බුදු සසුන සුරක්ෂිත වන බව දැන යකුන් විසින් පිරුණු ලක්දිව යකුන් බැහැර කළ යුතු යැයි දැන වදාළහ. ලංකා ද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුලුල් වූ රම්‍ය මහානාග වන නම් උයනෙහි යකුන්ගේ යුද බිම තුළ පැවැත්වෙන ලක්දිව් වැසි යකුන්ගේ මහා සමාගමය (සමුළුව) ප්‍රසිද්ධ විය. එම යක්ෂ සමාගමයට වැඩම වූ සර්වඥයන් වහන්සේ එම සමාගම මැද ඔවුන් ගේ හිස් මතුයෙහි මහියංගණ ථූපය පිහිට වූ ස්ථානයෙහි අහස් කුස වැඩසිටි සේක.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]