ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝ දා 2026 ජනවාරි 03 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළහ. මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇති, සර්පයන් සොයමින් ඇවිදින පුරුෂයකු මහත් වූ සර්පයකු දකියි. ඔහු ඒ සර්පයා එළුකුරයක් වැනි දණ්ඩකින් තද කරගෙන බෙල්ලෙන් අල්ලා ගනී. එවිට ඒ සර්පයා ඔහුගේ අත හෝ බාහුව හෝ ශරීරයේ වෙනත් කොටසක් හෝ වෙළා ගනී. එසේ වුවත් ඒ හේතු කොටගෙන ඔහු මරණයට හෝ මරණ මාත්‍ර දුකකට හෝ පත් නොවේ. කවර හෙයින්ද? සර්පයා මැනවින් අල්ලාගත් බැවිනි.
මහණෙනි එසේ යමෙක් ධර්මය මැනවින් ඉගෙන, නුවණින් පරීක්ෂා කරමින් කල් ගෙවන්නේ නම් ඒ ධර්මයාගේ ඒ ඒ ඵලයන් ලබති. ඒවා දිගු කලක් හිත පිණිසත්, සුව පිණිසත් පවතී.
මහණෙනි, එබැවින් මා දෙසූ ධර්මයෙහි අර්ථය දන්නේ නම් එය එසේම දරන්න. අර්ථය නොදන්නේ නම් එහි අර්ථය මගෙන් අහන්න. නො එසේ නම් ව්‍යක්ත වූ භික්ෂූහු වේ නම් ඔවුන්ගෙන් හෝ විමසන්න.
මජ්ඣිම නිකායේ අලගද්දූපම සූත්‍රය ඇසුරිනි
ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ. 03 සෙනසුරාදා සිල්.
පසළොස්වක
ජනවාරි 03
අව අටවක
ජනවාරි 10
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]