[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

උඳුවප් අමාවක

 දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ.
 30 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

චතුරාර්ය සත්‍ය න්‍යායෙන් විසඳා ගත හැකි සමාජයීය ප්‍රශ්න

නිර්මල වූ බුදු දහම මූලික ඉගැන්වීම් කිහිපයක් දක්නට ලැබේ. පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, ස්කන්ධ ධාතු ආයතන, චතුරාර්ය සත්‍ය යන්න යි. ඒ අතර චතුරාර්ය සත්‍යය ප්‍රමුඛස්ථානයෙහිලා ගනු ලබයි. දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය, ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යන්න චතුරාර්ය සත්‍යය යි. මෙය ලෝකයේ පවතින පරම සත්‍ය යි. බෞද්ධයාගේ පරම නිෂ්ටාව වන නිර්වාණය ද, නිර්වාණගාමී ප්‍රතිපදාව ද ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍ය තුළට ය. සච්ච සංයුත්තයේ දී චතුරාර්ය සත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ “මහණෙනි මෙම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නො කිරීම හේතුවෙන් මටත්, ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදුවී යැයි වදාළහ”. බුදුරදුන් තරම් ප්‍රායෝගික ව දහම් දෙසූ මුනිවරයෙක් නැති තරම් ය. ඒතරමට උන්වහන්සේ සත්වයා ට මනාව වටහා ගැනීමට හැකි අයුරින් ඉතාමත් ප්‍රායෝගික ලෙස දහම් දෙසුහ. ප්‍රායෝගික දහමක් ලෙස බුදු දහම සැලකීමේ දී චතුරාර්ය සත්‍යයේ ප්‍රායෝගික භාවය බෙහෙවින් වැදගත් වේ. දුක -ගැටලුව, දුකට හේතුව - ගැටලුවට හේතුව,දුක නැති කිරීම - ගැටලුව නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය - ගැටලුව නැති කිරීමේ මග. එදිනෙදා ජීවිතයේ දී අප හැම දෙනාට ම සන්ථානගත වශයෙන් වගේම සමාජීය වශයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව නො රහසකි. එසේ ගැටලු ඇතිවීම ලෝක ස්වභාවය යි. ගැටලු ඇති වීම සමාන්‍ය ස්වභාවය වුවත් එකී ගැටලු සඳහා මුහුණ දෙන ආකාරය වැදගත් ය.  උක්ත සඳහන් අයුරින් සන්ථානගත හෝ සමාජීය වශයෙන් හෝ ඇතිවන ගැටලු විසඳීමෙහි ලා චතුරාර්ය සත්‍ය න්‍යාය ප්‍රායෝගික ව භාවිත කරන අයුරු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත. ප්‍රමුඛ පද - චතුරාර්ය සත්‍යය, චතුරාර්ය සත්‍ය න්‍යාය, චතුරාර්ය සත්‍යයේ ප්‍රායෝගිකත්වය. චතුරාර්ය සත්‍යය හැඳින්වීම. අන්‍යයකුගේ උපදේශයක් නොමැති ව තමන් වහන්සේ ම අවබෝධ කර ගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙති.

අති පූජනීය වන්දනීය සර්වඥ ධාතුන් වහන්සේගේ ඉතිහාසය

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනයාගේ පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවගේ ම අසහාය පූජනීය වස්තුව වනාහි සෙංකඩගල පුරවරයේ වැඩ වසන සිරි දළදා වහන්සේ ය. “දළදා හාමුදුරුවෝ” යන භාවාත්මක ගෞරවාදර වදනින් වහරන දන්ත ධාතූන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වශයෙන් එදා සිට පවත්නේ ය. බුදුරජාණන් වහන්සේ අසූවියේ දී මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ඉතිරි වූ ශාරීරික කොටස් ධාතූන් වහන්සේ නම් වෙති. මෙහිලා දළ යනු දත් ය. ‘දා’ යනු ධාතු ය. එබැවින් දළදා වහන්සේ නම් බුදුරජාණන් වහන්සේගේ දන්තයෝ ය. පාලි භාෂාවෙන් දන්ත ධාතු වන අතර, එහි සංස්කෘතික වචනය දංෂ්ට්‍රා ධාතු ය. ධාතූන් වහන්සේගේ පැරැණි ම මූලාශ්‍රය, ත්‍රිපිටක පාලියට අයත් දීඝ නිකායේ මහා වග්ගයේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි අන්තර්ගත වන්නේ ය. ඒ පිළිබඳ සංක්ෂිප්තය පහත සඳහන් ය. මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්වනයේ දී බුදුරජාණන් වහන්සේ නිරුපධිශේෂ පරිනිර්වාණයට පත්වූ සේක. එබැවින් කුසිනාරානුවර මල්ල රජවරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අලුත් වස්ත්‍රයකින් වෙළූහ. ඉන්පසු නෙළූ පුළුන්වලින් වෙළූහ. නැවත අලුත් වස්ත්‍රයකින් වෙළා නෙළූ පුළුන්වලින් වෙලූහ. මෙසේ යුගල පන්සියයකින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය වෙළා යකඩ (අයසාව) තෙල් දෙනක බහා, යකඩ දෙනකින් වසා සියලු වර්ගයේ සුවඳ දරින් චිතකයක් තනවා ශ්‍රී දේහය එහි තැන්පත් කළහ. අසිරිමත් පූජා පවත්වමින් දින සතක් ගත වූ පසු ශ්‍රී දේහයට ගිනි දැල්වීමට මල්ල රජදරුවන් උත්සුක වුවත් නොහැකි විය. පාවා නුවර සිට වැඩම කළ මහාකාශ්‍ය මහරහතන් වහන්සේ දොහොත් නඟා තුන්වටක් චිතකය පැදකුණු කොට වැන්දාහ.

සසර නිවන දුලබ සම්පත්ති

බුද්ධ කාලයේ වජ්ජි ජනපදය පාලනය කළේ බෞද්ධ සාහිත්‍යයේ පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රශංසාවට ලක් වූ ලිච්ඡවී රජ දරුවන් ය. හත්දහස් හත්සිය හත් දෙනකුගෙන් සමන්විත ඔවුන්ගේ පාලනය සමාජයට උචිත දැහැමි පිළිවෙතක් බවට පත් වූයේ “සප්ත අපරිහානීය” ධර්මවලට අනුකූලව පාලනය ගෙන ගිය බැවිනි. දිනක් ඔවුන් සාකච්ඡා මණ්ඩපයට එක්රැස් වී මේ ලෝකයේ තිබෙන දුර්ලභ කරුණු ගැන සාකච්ඡා කරන ලදී. මනුසත් බවේ දුර්ලභම කාරණාව ලෙස ඔවුන් ඉදිරිපත් කළේ සක්විති රජ පදවිය පිළිබඳව යි. මෙහිදී සක්විති රජකම ලැබුවකුට ලැබෙන දුර්ලභ කරුණු හත පිළිබඳ ව ද ඉදිරිපත් කරන ලදී. එය “සප්ත රත්නය” යනුවෙන් හඳුන්වා ඇත. චක්ඛ රත්නය - කරත්ත රෝදයක් සේ විශාල අතර රජු යන අවස්ථාවල ඒ පිළිබඳ දැන්වීමට ශබ්දයක් නිපදවයි. එය රජුට ආවේණිකම කරුණකි. හත්ථි රත්නය - කිසිම කෙනකුගෙන් පාලනය නොවන, සක්විති රජතුමා සිතන දේ පමණක් සිදු කරන සුවිශේෂී ඇත් රජෙකි. අශ්ව රත්නය - කළු ඔලුවක් හා ස්වේත වර්ණ ශරීරයක් සහිත රජු සිතන දේ පමණක් සිදු කරන සුවිශේෂී අශ්වයෙකි. මනි රත්නය - මැණිකක් හා සමාන උපකරණයක් වන අතර, එය උපයෝගී කර ගෙන සිතන පතන දෑ ලබා ගත හැකි ය. ඉත්ථි රත්නය - සක්විති රජු වෙනුවෙන් ම සසරේ ආ, රජු සිතන අයුරින් ම ඔහුට ලෙන්ගතු ව, පති භක්තියෙන් යුතු ව ක්‍රියා කරන අග්‍රමහේසිකා තනතුරට පත්වන විශේෂිත ස්ත්‍රී රත්නයකි. ගහපති රත්නය - සක්විති රජුට හිතෛෂී, මුදල් පරිපාලනයට සහය වන, භාණ්ඩාගාරය භාර භාණ්ඩාගාරික කෙනෙක්. පරිපාලක රත්නය - සක්විති රජුගේ සෙවණැල්ල සේ පින්වන්ත ව ලැබෙන දෙවැනියෙක් (යුව රජකු සේ) මේ දේ පිළිබඳ ව සාකච්ඡා කරමින් සිටින විට ඒ පිළිබඳ ව වැඩිදුර දැන ගැනීමට රිසියෙන් ලොව්තුරු බුදු හිමියන්ගෙන් විමසීමට ඔවුන් අදහස් කළහ. කූඨාගාර ශාලාවේ සිට පිණ්ඩපාත චාරිකාවේ යෙදී සිටි බුදුරජාණන් වහන්සේ මොවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ස්ථානයට වැඩම කළහ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]