චතුරාර්ය සත්‍ය න්‍යායෙන් විසඳා ගත හැකි සමාජයීය ප්‍රශ්න
කැලණිය විශ්ව විද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
තෙල්හවඩිගම පියරතන හිමි
නිර්මල වූ බුදු දහම මූලික ඉගැන්වීම් කිහිපයක් දක්නට ලැබේ. පටිච්චසමුප්පාදය,
ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, ස්කන්ධ ධාතු ආයතන, චතුරාර්ය සත්‍ය යන්න යි.
ඒ අතර චතුරාර්ය සත්‍යය ප්‍රමුඛස්ථානයෙහිලා ගනු ලබයි.
දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය, ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ
නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යන්න චතුරාර්ය සත්‍යය යි. මෙය ලෝකයේ පවතින පරම
සත්‍ය යි. බෞද්ධයාගේ පරම නිෂ්ටාව වන නිර්වාණය ද, නිර්වාණගාමී ප්‍රතිපදාව ද ඇතුළත්
වන්නේ චතුරාර්ය සත්‍ය තුළට ය.
සච්ච සංයුත්තයේ දී චතුරාර්ය සත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ
“මහණෙනි මෙම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නො කිරීම හේතුවෙන් මටත්, ඔබටත් බොහෝ කලක්
සසර සැරිසරන්නට සිදුවී යැයි වදාළහ”.
බුදුරදුන් තරම් ප්‍රායෝගික ව දහම් දෙසූ මුනිවරයෙක් නැති තරම් ය. ඒතරමට උන්වහන්සේ
සත්වයා ට මනාව වටහා ගැනීමට හැකි අයුරින් ඉතාමත් ප්‍රායෝගික ලෙස දහම් දෙසුහ.
ප්‍රායෝගික දහමක් ලෙස බුදු දහම සැලකීමේ දී චතුරාර්ය සත්‍යයේ ප්‍රායෝගික භාවය
බෙහෙවින් වැදගත් වේ.
දුක -ගැටලුව, දුකට හේතුව - ගැටලුවට හේතුව,දුක නැති කිරීම - ගැටලුව නැති කිරීම, දුක
නැති කිරීමේ මාර්ගය - ගැටලුව නැති කිරීමේ මග. එදිනෙදා ජීවිතයේ දී අප හැම දෙනාට ම
සන්ථානගත වශයෙන් වගේම සමාජීය වශයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව නො රහසකි. එසේ
ගැටලු ඇතිවීම ලෝක ස්වභාවය යි. ගැටලු ඇති වීම සමාන්‍ය ස්වභාවය වුවත් එකී ගැටලු සඳහා
මුහුණ දෙන ආකාරය වැදගත් ය.
උක්ත සඳහන් අයුරින් සන්ථානගත හෝ සමාජීය වශයෙන් හෝ ඇතිවන ගැටලු විසඳීමෙහි ලා
චතුරාර්ය සත්‍ය න්‍යාය ප්‍රායෝගික ව භාවිත කරන අයුරු පිළිබඳ විශේෂ අවධානය යොමු කර
ඇත.
ප්‍රමුඛ පද - චතුරාර්ය සත්‍යය, චතුරාර්ය සත්‍ය න්‍යාය, චතුරාර්ය සත්‍යයේ
ප්‍රායෝගිකත්වය. චතුරාර්ය සත්‍යය හැඳින්වීම.
අන්‍යයකුගේ උපදේශයක් නොමැති ව තමන් වහන්සේ ම අවබෝධ කර ගත් බැවින් බුදුරජාණන් වහන්සේ
සම්මා සම්බුද්ධ නම් වෙති. උන්වහන්සේ අවබෝධ කර ගත් ඒ ධර්මය බරණැස ඉසිපතන මිගදායේ දී
පස්වග තවුසන්ට දේශනා කළහ. එම ආර්ය සත්‍ය සතර පිළිබඳ පැහැදිලි කිරීම ධම්මචක්කපවත්තන
සුත්‍රයෙ හි ඇතුළත් වෙයි. එම ආර්යය සත්‍ය මෙසේ ය.
දුක්ඛ ආර්ය සත්‍යය - දුක
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය - දුකට හේතුව
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය - දුක නැති කිරීම
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය දුක නැති කිරීමේ මාර්ගය යනුවෙනි.
දුක්ඛ ආර්ය සත්‍යය
චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍යය දුක්ඛ ආර්ය සත්‍යය යි. දුක පිළිබඳ සත්‍යයය මෙයින්
ගම්‍ය වේ. සාමාන්‍ය දුක යන්නෙ හි කරදරය, විපත වැනි අරුත් ගැන්වෙයි. දාර්ශනික වශයෙන්
හිස්බව, අසාරත්වය වැනි ගැඹුරු අරුත් දුක්ඛ යන්නෙහි ඇත.
“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා,ව්‍යාධි පි
දුක්ඛෝ, මරණම්පි දුක්ඛං,අප්පියෙ හි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛො,
යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”(රජයේ
මුද්‍රණාලය, 2015) ‘මහණෙනි, මේ වනාහි දුක්ඛාර්ය සත්‍ය යි, ජාතිය දුකයි, ජරාව දුකයි,
ව්‍යාධිය ද දුකයි, මරණය ද දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්
වීම දුකයි. යමක් කැමති නම් එය නොලැබීම දුකයි, සැකෙවින් උපාදානස්ඛන්ධය ම දුකයි.
මෙම සත්‍යය ආකාර තුනකට බෙදා වෙන් කළ හැකි ය. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා,
සංස්කාර දුක්ඛතා යනුවෙනි.
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය
චතුරාර්ය සත්‍යයේ දෙවැනි සත්‍යය නම් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යි. මෙම සත්‍යය තුළ දී
දුකට හේතුව කුමක්ද යැයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්වන සූත්‍රයේ දී මෙසේ වදාළහ,
“ ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං සමුදයං අරිය සච්චං යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා
තත්‍ර තත්‍රාභි නන්දනී සෙය්‍යථීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ”
මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය නම් එයයි. ඒ තණ්හාව යි. තණ්හාව පුනර්භවය ඇති කරයි
නන්දිරාගය හා එක් වේ. ඒ භවයෙහි ඇලෙයි. එය කාම තණ්හා, බව තණ්හා, විභව තණ්හා යන
ප්‍රභේදයෙන් යුතුවෙත් යනුවෙන් වදාළහ.
දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය
චතුරාර්ය සත්‍යයේ තුන්වන සත්‍යය නම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යි. නිරෝධ යනු නිරුද්ධ
වීම, ප්‍රහාණය වීම, නැවතීම යන්නයි. පස්වග තවුසන් අමතා බුදුරදුන් මෙසේ වදාළහ,
“ඉදං ඛෝ පණ භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සච්චං යෝ තස්සායෙ ච තණ්හාය
අසේස විරාග නිරෝධා චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ ” (රජයේ මුද්‍රණාලය, 2015)
”මහණෙනි දුක් නැති කිරීමේ ආර්ය සත්‍ය නම් මෙයයි. එනම්, තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත්
කිරීම, නැති කිරීම, අත්හැරීම, මුළුමනින් ම ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නො ඇලීම යි.
බුදුරජාණන් වහන්සේ මෙම සත්‍යය පිළිබඳ මෙසේ ද වදාළහ.“
“යථාපි මුලේ අනුපද්දවේ දළ්හෙ
ඡින්නෝපි රුක්ඛො පුනරේව රූහති
ඔවම්පි තණ්හානුසයේ අනුහතේ
නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං”
මුල ශක්කිමත් ව තිබිය දී යම් ගසක් කපා දැමුව ද නැවතත් ලියලන්නාක් මෙන් අනුසය සහිත
තෘෂ්ණාවන් නො නැසූ කල්හි පඤ්චස්කන්ධ දුක නැවත නැවතත් හට ගනී.
දුක්ඛ නිරෝධ ගාමිණී
පටිපදා ආර්ය සත්‍යය
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව, සිව්වන ආර්ය සත්‍යය නම් මෙය යි. කාමසුඛල්ලිකානුයෝගී
හෙවත් කාමයන්හි ඇලී ගැලී විසීමත්, අනර්ථදායක අත්ථකිලමතානුයෝගය හෙවත් විවිධ වෘතවලින්
කයට දුක් දීමත් යන අන්ත දෙකට ම අයත් නො වන මේ මධ්‍යම ප්‍රතිපදාව දම්සක් පැවැතුම්
සූත්‍රයේ ආරම්භයේ දී ම බුදුරදුන් පස්වග මහණුන්ට හඳුන්වා දුන්හ. මෙම ප්‍රතිපදාව නෙත්
පාදවන (චක්ඛු කරණී) ඥානය ගෙනදෙන (ඥාණකරණීය) උපසමායටත්, අභිඤ්ඤාවටත්, සම්බෝධායටත්,
නිබ්බානාය නිවන බවත් පස්වග මහණුන්ට පෙන්වා දුන්හ.
මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පහත පරිදි ය.
“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා අරියසච්චං අයමේව අරියෝ අට්ඨංගිකෝ
මගෙගා සෙය්‍යථිදං සම්මා දිට්ඨි,සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා
ආජිවො,සම්මා වායාමෝ,සම්මා සති,සම්මා සමාධි.” (රජයේ මුද්‍රණාලය, 2015)
“මහණෙනි මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
කෙසේද යත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ,සම්මා කම්මන්ත, සම්මා ආජීව,
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.”
සමාජයීය ගැටලු හැඳීන්වීම
සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් බැලීමේ දී සමාජ ප්‍රශ්න ප්‍රධාන වශයෙන් දෙ කොටසකි.
පුද්ගල ප්‍රශ්න හා සමාජිය ප්‍රශ්න ය. සමාජ ප්‍රශ්නයක ලක්ෂණ කිහිපයක් පහත පරිදි ය.
එක් පුද්ගලයකුට නොව මුළු සමාජයට ම බලපෑම
සමාජය තුළින් උපත ලැබීම
සමාජයට අයහපත් ලෙස බලපෑම
සමාජයේ වැඩි දෙනෙක් තුළ එය පිළිබඳ සාමූහික අවබෝධයක් තිබීම සමාජීය ප්‍රශ්නය විසඳාලිය
හැකි ය යන අවශ්‍යතාව හා විශ්වාසය සමාජයේ වැඩි දෙනකු තුළ පැවතිය යුතු ය යන කරුණු ය.
සරල වශයෙන් ම සමාජ ගැටලුවක් කියන්නේ සමාජයේ පුද්ගලයින් හෝ කණ්ඩායම් අතර හෝ සමාජ
පද්ධති තුළ හෝ ඇති වන ආරවුල්, අසාධාරණය තුළින් ඇති වන ගැටලු ය.
සමාජීය ගැටලු වර්ග පහත පරිදි ය
ආර්ථික ගැටලු, අධ්‍යාපන හා සෞඛ්‍ය ගැටලු, ජාතික හා ශාස්කෘතික ගැටලු, පරිසර ගැටලු
වශයෙනි. සමාජයීය ප්‍රශ්න විසඳීමට රජයේ ප්‍රතිපත්ති සංවිධාන හා වැඩසටහන් දියත්
කිරීම බෙහෙවින් උපකාරී වනු ඇත.
චතුරාර්ය සත්‍ය න්‍යාය ප්‍රායෝගික භාවිත කිරීම
නිදසුන -
තරුණ පරපුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම
චතුරාර්ය සත්‍යය න්‍යාය නම්
ගැටලුව,
ගැටලුවට හේතුව,
ගැටලුව නැති කිරීම,
නැති කිරීමේ මාර්ගය
මෙකී න්‍යාය භාවිත කිරීම තුළින් මානසික හෝ සමාජයීය ගැටලුවක් විසඳා ගත හැකියි. අප
දැන් එකී චතුරාර්ය සත්‍ය න්‍යාය මඟින් උක්ත සඳහන් තරුණ පරපුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි
වීම යන ගැටලුව විසඳා ගනිමු.
මෙතැන දී ගැටලුව බවට පත්ව ඇත්තේ තරුණ පරපුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමයි. හෙට රට
භාර ගන්න, රටේ හිමිකාරීත්වය හා රට නවමු මාවතට රැගෙන යන්නට ශක්තිය තිබෙන තරුණ පරපුර
මත්ද්‍රව්‍ය රකුසාට බිලි වීම නිසා රටේ සංවර්ධනයට අහිතකර බලපෑමක් සිදුකරයි. ඕනෑම රටක
සංවර්ධනයට නවමු අදහස් අවශ්‍ය ය. එසේම කාය බලය අවශ්‍යය. තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය
රකුසාට අකාලයේ බිලි වීම රටේ ඉදිරි අනාගතය කුමක් වේ ද යන්න ගැටලුවකි. “ඉමස්මිං සති
ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං
උප්පජ්ජති ”යන පටිච්චසමුප්පාද න්‍යායට අනුව යම්කිසි ඵලයක් ඇතිවීමට නම් හේතුවක්
තිබිය යුතු ය. එසේ නම් තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමටත් හේතුවක් තිබිය
යුතු ය. එකී හේතු පහත පරිදිය
තරුණ පරපුරට නිසි උපදේශන සේවා නොමැති වීම
මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති භයානකකම පිළිබඳ ව ඔවුන්ට නිසියාකාර ව සන්නිවේදනය නොවීම,
තරුණ පරපුරට නරක මිතුරන් ඇසුර ලැබීම, ආතතිය, පවුල් සන්දර්භයේ බලපෑම, සමාජ කුසලතා
නොමැතිකම, කම්පන සහගත අත්දැකීම් සහ කුතුහලය
උක්ත කරුණු ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වන කරුණු ය. මත්ද්‍රව්‍යයට
ඇබ්බැහි වීමට බලපාන මේකී හේතු නැති කිරීම නිසා තරුණ ප්‍රජාව උක්ත ගැටලුවෙන් මුදවා
ගත හැකි ය. එසේ මුදවා ගන්නා ක්‍රමවේදය හෙවත් ගැටලුව නැති කර ගන්නා මාර්ගය පිළිබඳ ව
පහත කරුණු ඔස්සේ විමසා බලමු.
පළමුව පවුල ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු ය.
සෑම විටෙක දී ම එකට එකතු වී ක්‍රීඩා කිරීම
එදිනෙදා විස්තර සිදුවීම් පවුලේ අය සමඟ එකට වාඩි වී කතා කිරීමට කාලයක් වෙන් කර ගැනීම
තුළින් අනවශ්‍ය දේ කෙරෙහි යොමු වීමට තිබෙන ඉඩකඩ සීමාවේ.
දරුවන්ගේ ගැටලුව, අනිසි බිය සහ අත්දැකීම් බාධාවකින් තොරව සාකච්ඡා කිරීමට ඔවුන්ට
පරිසරය සාදා දී ඔවුන්ට හොඳීන් සවන් දිය යුතු ය.
ඔවුන්ගේ හැඟීම්, දැනීම්, අත්දැකීම් විවෘත ව කතා කළ යුතු ය. දරුවන් සමඟ විවෘත
සන්නිවේදන මාර්ගය ඇති කර පවත්වා ගෙන යාම තුළින් ඔවුන්ගේ සිතට වඩාත් සමීප විය හැකි
අතර, ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් මනා පැහැදිලි කිරීමක් ද කළ හැකි වේ.
තම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී ඇති බව නිරීක්ෂණ වුවහොත් සෞඛ්‍ය සේවා
වෘත්තිකයකුගෙන් නිසි උපදෙස් ලබාදීම
තරුණ පරපුර උදෙසා නිසි උපදේශන සේවාවන් සැපයීම
සෞඛ්‍ය සම්පන්න තරුණ පරපුරක් ගොඩනැඟීමට පූර්ණ වගකීම පැවරී ඇත්තේ මවුපියන් ට ය.
දෙමාපියන් දරුවන් පිළිබඳ ව අවධානයෙන් යුක්ත වීම තුළින් ඇතිවන ගැටලු නිරාකරණය කළ
හැකි ය.
උක්ත ගැටලුව නිරාකරණය කර ගන්නා මාර්ගය ලෙස මෙකී කරුණු ගොනු කළ හැකි ය.
චතුරාර්ය සත්‍ය න්‍යාය ප්‍රායෝගික ව භාවිත කළ හැකි ද යන්න පර්යේෂණ ගැටලුවයි. එකී
න්‍යාය තුළින් සමාජිය ප්‍රශ්න විසඳන අයුරු පෙන්වා දීම පර්යේෂණයේ සමාජීය ප්‍රශ්නයක්
විසදීමෙහි ලා චතුරාර්ය සත්‍යය න්‍යාය භාවිත කළ හැකි බව පර්යේෂණයේ
සොයා ගැනීම යි. උක්ත කරුණු විමර්ශනාත්මක ව අධ්‍යයන කිරීම තුළින් ඒ බව සනාථ වේ.
ආශි‍්‍රත ග්‍රන්ථ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,(2015). බෞද්ධ ධර්මාචාර්ය විභාගය. පාදුක්ක රජයේ මුද්‍රණාලය.
රාහුල හිමි,වල්පොල. (2018) බුදුන් වදාළ ධර්මය. |