ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ උඳුවප් අමාවක පෝදා 2024 දෙසැම්බර් 30 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නිර්මල වූ බුදු දහම මූලික ඉගැන්වීම් කිහිපයක් දක්නට ලැබේ. පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, කර්මය හා පුනර්භවය, ස්කන්ධ ධාතු ආයතන, චතුරාර්ය සත්‍ය යන්න යි. ඒ අතර චතුරාර්ය සත්‍යය ප්‍රමුඛස්ථානයෙහිලා ගනු ලබයි. දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය, ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යන්න චතුරාර්ය සත්‍යය යි. මෙය ලෝකයේ පවතින පරම සත්‍ය යි. බෞද්ධයාගේ පරම නිෂ්ටාව වන නිර්වාණය ද, නිර්වාණගාමී ප්‍රතිපදාව ද ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍ය තුළට ය. සච්ච සංයුත්තයේ දී චතුරාර්ය සත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ “මහණෙනි මෙම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නො කිරීම හේතුවෙන් මටත්, ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදුවී යැයි වදාළහ”. බුදුරදුන් තරම් ප්‍රායෝගික ව දහම් දෙසූ මුනිවරයෙක් නැති තරම් ය. ඒතරමට උන්වහන්සේ සත්වයා ට මනාව වටහා ගැනීමට හැකි අයුරින් ඉතාමත් ප්‍රායෝගික ලෙස දහම් දෙසුහ. ප්‍රායෝගික දහමක් ලෙස බුදු දහම සැලකීමේ දී චතුරාර්ය සත්‍යයේ ප්‍රායෝගික භාවය බෙහෙවින් වැදගත් වේ. දුක -ගැටලුව, දුකට හේතුව - ගැටලුවට හේතුව,දුක නැති කිරීම - ගැටලුව නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය - ගැටලුව නැති කිරීමේ මග. එදිනෙදා ජීවිතයේ දී අප හැම දෙනාට ම සන්ථානගත වශයෙන් වගේම සමාජීය වශයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව නො රහසකි. එසේ ගැටලු ඇතිවීම ලෝක ස්වභාවය යි. ගැටලු ඇති වීම සමාන්‍ය ස්වභාවය වුවත් එකී ගැටලු සඳහා මුහුණ දෙන ආකාරය වැදගත් ය. උක්ත සඳහන් අයුරින් සන්ථානගත හෝ සමාජීය වශයෙන් හෝ ඇතිවන ගැටලු විසඳීමෙහි ලා චතුරාර්ය සත්‍ය න්‍යාය ප්‍රායෝගික ව භාවිත කරන අයුරු පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත. ප්‍රමුඛ පද - චතුරාර්ය සත්‍යය, චතුරාර්ය සත්‍ය න්‍යාය, චතුරාර්ය සත්‍යයේ ප්‍රායෝගිකත්වය. චතුරාර්ය සත්‍යය හැඳින්වීම. අන්‍යයකුගේ උපදේශයක් නොමැති ව තමන් වහන්සේ ම අවබෝධ කර ගත් බැවින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙති. උන්වහන්සේ අවබෝධ කර ගත් ඒ ධර්මය බරණැස ඉසිපතන මිගදායේ දී පස්වග තවුසන්ට දේශනා කළහ. එම ආර්ය සත්‍ය සතර පිළිබඳ පැහැදිලි කිරීම ධම්මචක්කපවත්තන සුත්‍රයෙ හි ඇතුළත් වෙයි. එම ආර්යය සත්‍ය මෙසේ ය.
දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ. 30 සඳුදා සිල්
අමාවක
දෙසැම්බර් 30
පුර අටවක
ජනවාරි 07
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]