ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ උඳුවප් අමාවක පෝදා 2024 දෙසැම්බර් 30 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලෝකයේ විශාලතම හිටිපිළිම වහන්සේ ලෙස සැලකෙන "තියන් තිං" ප්‍රතිමා වහන්සේ පිහිටා ඇත්තේ චීනයෙහි විශේෂ පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන හොංකොං පාලන කලාපයට අයත් වන ‘ලං තෝ’ දිවයිනෙහි “නොං පෙන්” පළාතෙහි ය. උසින් මීටර් 34ක් ද බරින් මෙට්‍රික්ටොන් 250කින් ද යුත් ප්‍රතිමාව ලෝකඩ කැබිලි 202ක් යොදා ගනිමින් නිර්මාණය කොට ඇත. එහි බර දරා ගැනීම සඳහා ශක්තිමත් ලෝහයන්ගෙන් සැකසු සැකිල්ලක් වෙයි. අලංකාර අත්වැට සහිත ශෛලමය පියගැටපෙළ 268ක් නැඟීමෙන් ප්‍රතිමාව අබියසට යා හැකි වන අතර, ආබාධිතයන් සඳහා වාහනයකින් ගමන් කළ හැකි පටු මාවතක් ද වෙයි. හොං කොං දේශයේ සුරක්ෂිත භාවයත්, චීනයෙහි සෞභාග්‍යයත්, ලෝක සාමයත් උදෙසා මෙම පිළිම වහන්සේ ඉදිකොට ඇත. මෙම ප්‍රතිමා වහන්සේ විවිධ පාර්ශ්වයන්ගේ තාක්ෂණික මූල්‍ය හා ශ්‍රම දායකත්වය ලබා වසර 12ක කාල සීමාවක් තුළ නිර්මාණය කොට 1993 වසරේ වෙසක් පොහෝ දින දී ලෝක බෞද්ධ නායකයන්ගේ සහභාගිත්වයෙන් මහජනයා වෙත විවෘත කොට ඇත. නූතන තාක්ෂණ ක්‍රමවේද හා සාම්ප්‍රදායික හා නූතන බෞද්ධ කලා සම්ප්‍රදායන් ඒකාබද්ධ කොට ඉදිව ඇති මෙම ප්‍රතිමා වහන්සේ “පෝ ලිං” විහාරයෙහි වැඩ සිටි හිමිවරුන් තෙනමකගේ සංකල්පයක් මත ඉදිකොට ඇත. උන්වහන්සේ ජපානයේ කමකුරාහි පිහිටි සුවිසල් බුද්ධ ප්‍රතිමාවත් තායිවානයේ ‘චන්හුවා’ හිදී දුටු සුවිසල් බුද්ධ ප්‍රතිමාවත් දැකීමෙන් ලද ප්‍රහර්ශය මත ඉදිකොට ඇත. උන්වහන්සේ ජපානයේ කමකුරාහි පිහිටි සුවිසල් බුද්ධ ප්‍රතිමාවක් තායිවානයේ ‘චන්හුවා’ හි දී දුටු සුවිසල් බුද්ධ ප්‍රතිමාවත්, දැකීමෙන් ලද ප්‍රහර්ශය මත ඉදිකොට ඇති අතර ලෝ වැසියන් මෙම පිළිම වහන්සේ හඳුන්වනු ලබන්නේ ‘තියන්තං’ බුද්ධ ප්‍රතිමාව නමිනි. ලෝකයේ සුවිශාලතම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමේ අදිටනින් යුතු ව චීනයේ ‘ලන්මෙන්’ හා තුන්හුවන් ප්‍රතිමා කලා නිර්මාණයන් පිළිබඳ පූර්ව අධ්‍යයනයන් සිදුකොට පිළිමය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත.
දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04.02 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 ගෙවේ. 30 සඳුදා සිල්
අමාවක
දෙසැම්බර් 30
පුර අටවක
ජනවාරි 07
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]