[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොහුවල ධාතුමළු විහාරය ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

කෙලෙස් ගින්නෙන් දැවුණු දන හද අමා දහමින් නිවා සැනසූ අපේ අනුබුදු මිහිඳු මා හිමි

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජු ව සිටි දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසකභාවය අප රජතුමාට ලබා දුන් සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදු සසුන බබළන දඹදිව් තලය සෙයින් ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේගෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය. පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන් ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝරත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය. තවද ඉතා සිල්වත් වූ, ගුණවත් වූ, මනා නුවණින් යුක්ත වූ, මහා ත්‍යාගී වූ, බුද්ධ සාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකාද්වීපය බැබළී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරිය ව, සිටි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුල කාන්තාවන්ට ද මේ ගෞතම බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබා දුන් සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ, උතුම් ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය සිංහල භික්ෂුන් වහන්සේ හට කටපාඩම් කරවා එහි අර්ථකථාවන් දීප භාෂාවෙන් උගන්වා උතුම් සසුන් මඟ නො සිඳී පවත්වනු පිණිස භාණක පරම්පරාවන්ට භාර කොට ශ්‍රී ගෞතම සම්බුදු සසුන සුරැකීමේ මහා සසුන් බර සිංහල භික්ෂූන් වහන්සේ හට උරුම කොට වදාළ සේක.

සියලු සංස්කාරයෝ නැසෙනසුළු ය

“සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති - අථ නිබ්බින්දති දුක්ඛෙ - ඒස මග්ගො විසුද්ධියා ” සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එය ප්‍රඥාවෙන් දැනගත් කල්හි දුක ගැන කළකිරීමට පත්වේ. එම කළකිරීම ම කෙලෙස්වලින් දුරුවී පරම විසුද්ධියට හෙවත් නිර්වාණාවබෝධයට මාර්ගය වන බව බුදුරජාණන් වහන්සේ ධම්ම පදයෙහි මග්ග වග්ගයෙහි දේශනා කොට ඇත. සංස්කාර යන වචනය බුදුරජාණන් වහන්සේ අර්ථ කිහිපයක් ඔස්සේ විග්‍රහ කොට තිබේ. අප එය වටහාගත යුත්තේ ඒ ඒ තැනට අදාළවයි. ඒ අනුව පටිච්ච සමුප්පාද විග්‍රහයේ දී “අවිජ්ජා පච්චයා සංඛාරා” යනුවෙන් පෙන්වා දෙන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන තුනයි. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ගොඩනැඟෙන බව එමඟින් අවබෝධ කර ගත හැකි ය. දැනීම වනාහී ඇති සැටියට ම දැනීම ය, වරදවා දැනීම ය යනුවෙන් දෙවැදෑරුම් වේ. තණපත් ආදියෙන් කළ මිනිස් රුවක් දැක එය සැබෑ මිනිසකු වශයෙන් නොව මිනිස් රුවක් සැටියට ම දැනීම ඇති සැටියට දැනීම ය. තණපත් ආදියෙන් කළ මිනිස් රුව දෙස දුරින් බලා එය මිනිසෙකැයි සිතා ගැනීම වරදවා දැනීමයි. මේ දෙවැදෑරුම් දැනුම අතුරෙන් ඇති සැටියට නොවරදවා දැනීම “විද්‍යා” නම් වේ. ඇති සැටිය හැර අන් ආකාරයකින් වරදවා දැනීම “අවිද්‍යා” නම් වේ. මෝහය යනු ද එයට නමකි. තත්ත්වාකාරයෙන් දැනුම වූ විද්‍යාවට විරුද්ධ වූ බැවින් වරදවා දැනුමට නොදැනීම යැයි ද කියනු ලැබේ. අවිද්‍යාව කවරක් ද යන බව විභංග පාලියෙහි, “තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධ ගාමිනීය පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා” දුක නොදැනීම ය, දුක් ඇතිවීමේ හේතුව නොදැනීම ය, දුක්ඛ නිරෝධය නොදැනීම ය, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාව නොදැනීම ය, යන කරුණු සතර අවිද්‍යාව බව එයින් පැහැදිලි කෙරේ.

මොහොතක කම්සැපයට ගිජු ව අහිමි කර ගන්නා අමිල සැපය

සංසාර ගමන ඉතා දිගුයි. දුක් සහිත යි. සතර අපාය මහ ගෙදර කර ගෙන බොහෝ දෙනා සසර ගමනක් යයි. කලාතුරකින් කෙනෙක් මනුස්ස ලෝකයට එයි. ඊටත් කලාතුරකින් දෙවියන් අතරට යයි. ඊටත් කලාතුරකින් කෙනෙක් අරි අටඟි මඟ ගමන් කර දුක්ඛිත සසරින් එතෙරට යයි. මේ මනුස්ස ලෝකයට පැමිණි අපි දවසින් දවස මිනිස් ආයුෂ ගෙවා දමමු. මොහොතින් මොහොත වියැකෙන්නේ කාලය යි. කුමන කාර්යයක් කරමින් සිටිය ද, කො තැනක නැවතී ගිමන් හැරිය ද, ආයුෂයට නැවතුමක් හෝ වෙහෙසක් හෝ කොයින් ද? අප සැමගේ ජීවිතය ද මේ රැල්ලට හසු වී ගසාගෙන යයි. මවුකුසින් බිහිවන සිඟිත්තා ඒ අවදිය පසු කර ළදරුවියට යයි. ළදරුවිය පසුකර ළමාවියට ද, ළමාවිය පසුකර තරුණ වියට ද, තරුණ විය පසුකර මහලු වියට ද, මහලු විය පසුකර මරණය කරා ද යයි. ලොව පහළ වූ බුදු, පසේ බුදු මහරහත් උතුමන්ගේ පටන් සත්වයන්ගේ ඉරණම මෙයයි. මෙවැනි ඉරණමක් ඉදිරියේ දුක් වෙමින්, පසුතැවෙමින්, හඬා වැටෙමින් ඇති ඵලය කුමක් ද? ඉපදෙන මැරෙන ලෝකයේ උපන් අපගේ සැප, දුක තීරණය කරන්නේ තම තමන් රැස්කළ පින සහ පවයි. පව් කළ පුද්ගලයා ඉතා දුක සේ ජීවිතය ගැටගසා ගන්නා අතර පින් කළ තැනැත්තා ඉතා සුව සේ සැපවත් ජීවිතයක් ගත කරයි. උපන් මොහොතේ සිට සෙවණැල්ල සේ තමා පසුපස හඹා එන පින ජීවිතයට සැප උදාකර දෙයි. ඉපදීමේ සිට මරණය දක්වා කාලය තුළ ලබන්නා වූ සියලු සැපයන් පෙර ජීවිතයක හෝ මේ ජීවිතයේ හෝ තමා විසින් ම රැස් කර ගත් පුණ්‍ය සංස්කාරවල ඵලයන් ය. ඒ වගේම යම් කෙනෙක් යම් දුකක් විඳී ද, එය ද ඔහු විසින් කර ගත් සංස්කාරක ඵලයක් ම යි. යමෙක් මේ ජීවිතයේ සතුන් මරනවා නම්, ඔහු අහිමි කර ගන්නේ මතුවට ලැබීමට තිබූ දීර්ඝායුෂ නම් සැපය යි. සොරකම් කරනවා නම් තමන් අහිමි කර ගන්නේ තම වස්තුව දේපළ ආරක්ෂා වීමේ සැපය යි. කෙනෙක් වැරැදි කාම සේවනය කරනවා නම් ඔහු අහිමි කර ගන්නේ විශ්වාසවන්ත ස්වාමි, භාර්යාවක සමඟ ගත කරන විශ්වාසනීය පවුල් ජීවිතයක් ලැබීමේ සැපය යි. බොරු කියනවා නම් අහිමි කර ගන්නේ අභූත චෝදනාවලට ලක් නොවීමේ සැපයයි. මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම්, අහිමි කර ගන්නේ හොඳ සිහියත්, නුවණත්, ප්‍රඥාවත් ලැබීමේ සැපය යි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]