ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ පොසොන් පුර අටවක පෝදා 2024 ජුනි 14 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මොණරාගල හුලංදාව දකුණ සිරි ගැමුණුතිස්ස විහාරවාසී මාගන්දාඔයේ නන්දසාර සහ වනාතවිල්ලුවේ ධම්මාලෝක යන සාමණේර ස්වාමීන් වහන්සේ ජුනි මස 12 වෙනි දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවන ලදී. දොඹගහවෙල මාගන්දාඔය ජනපදයේ අංක 40 පදිංචි නැසීගිය ආර්.එම්. මුතුබණ්ඩා සහ කේ.ඒ. සීලවතී යන යුවළගේ පුතණුවන් වන මාගන්දාඔය නන්දසාර හිමි සහ පුත්තලම වනාතවිල්ලුව විජයපුර බටහිර අංක 10 පදිංචි නැසීගිය ජී.ඒ.එම්. ගුණරත්න සහ නැසීගිය ජේ.ඒ. පේමවතී යන යුවළගේ පුතණුවන් වන වනාතවිල්ලුවේ ධම්මාලෝක යන සාමණේර ස්වාමීන් වහන්සේ සිරි ගැමුණුතිස්ස විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී විනයාලංකාර ශාස්ත්‍රවේදී අරාවත්තේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදා සීලයෙහි පිහිටුවීම සිදු කෙරිණි. එම ස්වාමීන් වහන්සේ දෙනම ජුනි 12 උපසම්පදා සීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ජුලි මස (20) වැනි දින පිළිගැනීමේ උත්සවය සහ මංගල ධර්ම දේශනය මොණරාගල හුලංදාව දකුණ සිරි ගැමුණුතිස්ස විහාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ.
ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ. 14 සිකුරාදා සිල්
පුර අටවක
ජුනි 14
පසළොස්වක
ජුනි 21
අව අටවක
ජුනි 28
අමාවක
ජූලි 05
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]