[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් බිබිල තැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙනේ දී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. පිරිවෙනේ කෘත්‍යාධිකාරි බිබිල, මොණරාගල කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති කන්දඋඩපංගුවේ සුගතානන්ද ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් පැවැති මෙම රුක් රෝපණ වැඩසටහනේ දී පිරිවෙන් පරිශ්‍රයේ නා පැළ රෝපණය කරන ලදි.
 

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරාමවල වැඩවසන දසසිල් මාතාවන්ට පුහුණු වැඩසටහනක් ඉකුත් (27) වැනිදා තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
 

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දෝපේ, බෙන්වෙහෙර ගනේපුරාණ මහා විහාරයේ දී මැටි පහන් ලක්ෂයක් දල්වා ආශීර්වාද ආලෝක පහන් පූජා පින්කමක් විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කළ සතිමත් භාවනා වැඩසටහනක් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනවාසී රත්නපුරේ විමලවංශ ස්වාමීන් වහන්සේ මෙම භාවනා වැඩසටහන මෙහෙයවූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවෝ භාවනා වැඩසටහනට එක්ව සිටියහ.
 

සම්බුදු තෙමඟුල මුල්කොට, මහනුවර බෞද්ධ සංගමය ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සීල සමාදානයේ පිහිටුවා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට ඔවුන් වෙත වියළි ආහාර හා ගමන් වියදම් දීමනාවක් ද ප්‍රදානය කළේ ය.

ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ , අලුත්ගම තුසිත කුමාර ද සිල්වා, මධ්‍යම පළාත් සමූහ - නිහාල් ජයවර්ධන

 

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]