ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ පොසොන් පුර අටවක පෝදා 2024 ජුනි 14 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජු ව සිටි දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසකභාවය අප රජතුමාට ලබා දුන් සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදු සසුන බබළන දඹදිව් තලය සෙයින් ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේගෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය. පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන් ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝරත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය. තවද ඉතා සිල්වත් වූ, ගුණවත් වූ, මනා නුවණින් යුක්ත වූ, මහා ත්‍යාගී වූ, බුද්ධ සාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකාද්වීපය බැබළී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරිය ව, සිටි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුල කාන්තාවන්ට ද මේ ගෞතම බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබා දුන් සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ, උතුම් ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය සිංහල භික්ෂුන් වහන්සේ හට කටපාඩම් කරවා එහි අර්ථකථාවන් දීප භාෂාවෙන් උගන්වා උතුම් සසුන් මඟ නො සිඳී පවත්වනු පිණිස භාණක පරම්පරාවන්ට භාර කොට ශ්‍රී ගෞතම සම්බුදු සසුන සුරැකීමේ මහා සසුන් බර සිංහල භික්ෂූන් වහන්සේ හට උරුම කොට වදාළ සේක.
ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ. 14 සිකුරාදා සිල්
පුර අටවක
ජුනි 14
පසළොස්වක
ජුනි 21
අව අටවක
ජුනි 28
අමාවක
ජූලි 05
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]