ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ පොසොන් පුර අටවක පෝදා 2024 ජුනි 14 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
“සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති - අථ නිබ්බින්දති දුක්ඛෙ - ඒස මග්ගො විසුද්ධියා ” සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එය ප්‍රඥාවෙන් දැනගත් කල්හි දුක ගැන කළකිරීමට පත්වේ. එම කළකිරීම ම කෙලෙස්වලින් දුරුවී පරම විසුද්ධියට හෙවත් නිර්වාණාවබෝධයට මාර්ගය වන බව බුදුරජාණන් වහන්සේ ධම්ම පදයෙහි මග්ග වග්ගයෙහි දේශනා කොට ඇත. සංස්කාර යන වචනය බුදුරජාණන් වහන්සේ අර්ථ කිහිපයක් ඔස්සේ විග්‍රහ කොට තිබේ. අප එය වටහාගත යුත්තේ ඒ ඒ තැනට අදාළවයි. ඒ අනුව පටිච්ච සමුප්පාද විග්‍රහයේ දී “අවිජ්ජා පච්චයා සංඛාරා” යනුවෙන් පෙන්වා දෙන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන තුනයි. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ගොඩනැඟෙන බව එමඟින් අවබෝධ කර ගත හැකි ය. දැනීම වනාහී ඇති සැටියට ම දැනීම ය, වරදවා දැනීම ය යනුවෙන් දෙවැදෑරුම් වේ. තණපත් ආදියෙන් කළ මිනිස් රුවක් දැක එය සැබෑ මිනිසකු වශයෙන් නොව මිනිස් රුවක් සැටියට ම දැනීම ඇති සැටියට දැනීම ය. තණපත් ආදියෙන් කළ මිනිස් රුව දෙස දුරින් බලා එය මිනිසෙකැයි සිතා ගැනීම වරදවා දැනීමයි. මේ දෙවැදෑරුම් දැනුම අතුරෙන් ඇති සැටියට නොවරදවා දැනීම “විද්‍යා” නම් වේ. ඇති සැටිය හැර අන් ආකාරයකින් වරදවා දැනීම “අවිද්‍යා” නම් වේ. මෝහය යනු ද එයට නමකි. තත්ත්වාකාරයෙන් දැනුම වූ විද්‍යාවට විරුද්ධ වූ බැවින් වරදවා දැනුමට නොදැනීම යැයි ද කියනු ලැබේ. අවිද්‍යාව කවරක් ද යන බව විභංග පාලියෙහි, “තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධ ගාමිනීය පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා” දුක නොදැනීම ය, දුක් ඇතිවීමේ හේතුව නොදැනීම ය, දුක්ඛ නිරෝධය නොදැනීම ය, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාව නොදැනීම ය, යන කරුණු සතර අවිද්‍යාව බව එයින් පැහැදිලි කෙරේ.
ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ. 14 සිකුරාදා සිල්
පුර අටවක
ජුනි 14
පසළොස්වක
ජුනි 21
අව අටවක
ජුනි 28
අමාවක
ජූලි 05
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]