[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්ලයේ රන්දෝලි පෙරහර

ගෞතම බුදුරදුන් ඇසුරු කළ සමීපතම ශ්‍රී ලාංකිකයා වූයේ සුමන සමන් දෙවිඳුන් ය. බුදුරදුන් මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී සබරගමු ප්‍රදේශාධිපතියකුව සිටි හෙතෙම එහි ගොස් එදා ඇසූ බණ පද තුළින් සෝවාන් ඵලයට පත් විය. තථාගතයන් වහන්සේ සමනොළ ගිරිහිස සම්බුදු සිරිපා සටහන පිහිටුවන්නේ සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයට අනුව එහි වැඩම කොට වදාළ අවස්ථාවේ දී ය. සමන් දෙවිඳුන්ට කරන ගෞරවණීය පුද සත්කාරයක් වශයෙන් පොලොන්නරු යුගයේ මහා පැරකුම්බා රජු කල ශ්‍රී පාදස්ථානයේ සමන් දෙවොලක් ඉදිකර තිබූ බව රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ “සපරගමු දර්ශන” නමැති මාහැඟි ග්‍රන්ථයෙහි සඳහන් වේ. දඹදෙණියෙහි රාජ්‍ය කළ දෙවැනි පැරකුම්බා රජ සමයෙහි ශ්‍රී පාදස්ථානයේ සමන් දෙවොලක් ඉදි කරවූ බව මහාවංශයේ සඳහන් ව ඇත. එම අවධියෙහි දේවප්‍රතිරාජ නම් අමාත්‍ය ගම්පල සිට සමන් දෙවිරුවක් ශ්‍රී පාදස්ථානයට වැඩම කර වූ බව ද එහි සඳහන්ව තිබේ. දඹදෙණිය රාජ්‍ය සමයේ මැණික් ගැරීම සඳහා මෙම පෙදෙසට පැමිණි “ආර්යකාමදේව“ නමැති අමාත්‍යවරයා මැණික් සුලභව ලැබීම හේතුවෙන් සමන් දෙවිඳුන්ට වූ බාරයක් ඔප්පු කරමින් සමන් දෙවොල ඉදි කළේ ය. කෝට්ටේ හත් වැනි බුවනෙකබාහු රජ සමයේ රචිත “සමන් සිරිත” නමැති කවි පොතෙහි සඳහන් වන අන්දමට සිරිපා මළුවේ සිට සබරගමු විහාරය දක්වා සමන් දෙව් රුවක් වැඩම කරවා තිබේ. එසේ සමන් දේව රූපය වැඩම වීමෙන් පසු එය “සමන් විහාරය” බවට පත් විය.

අසිරිමත් සෝමවති පුදබිමේ ශ්‍රී දකුණු දළදා පෙරහර පුණ්‍ය මහෝත්සවය

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයා අභියස සිට ශ්‍රී දකුණු දළදා පෙරහර 18 වැනි වරටත් අද වීදි සංචාරය කෙරේ. ක්‍රි.පූර්ව දෙවැනි සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සෝමවතී චෛත්‍ය රාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශීර්වාද ලබා ගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට “යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය” යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ “ගාමිණී අභය යුදජී රජඅඩියගම මණි අගිය විහරට දිනි” (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට “ගාමිණී අභය යුදජී” (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇලක් සාදවා එම ඇලෙන් වැඩ කරන කුඹුරු සියල්ල ම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බවත් එම සෙල්ලිපියේ සඳහන් වෙයි. 

 

අනුන්ගේ දොස් දකින්නට පෙර ...

අප විසින් කලක සිට විමසුමට ලක් කරමින් පවතින බුදුසරණ දහම් පුවත්පත මඟින් පින්වත් ඔබ වෙත පත් කරමින් සිටින කරණිය මෙත්ත සූත්‍රයෙහි සඳහන් ඉතා වැදගත් කරුණක් අද අපේ විමසුමට ලක් කරනවා. “න ච ඛුද්දං සමාචරෙ කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං” මෙයින් ඉදිරිපත් කරන අදහස් ටික ගිහි පැවිදි අප හැම දෙනාට ම අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. මෙහි දී සඳහන් වූ පළමු කොටසෙන් කියවෙන්නේ ( න ච ඛුද්දං සමාචරෙ ) ඉතා කුඩා වූ වරදක් වුවත් ගිහි පැවිදි අප කවුරුත් නො කළ යුතු යන අදහස යි. ඉතින් වරද දිහා බලන විට එය කුඩා ද? ලොකු ද? යන්නට වඩා වැදගත් වන්නේ වරද වරද ම ය කියා සිතා කටයුතු කිරීම යි. කුඩා දරුවකු වුව ද ඉතා බාල වියේ දී පාසලේ දී කුඩා පෑනක්, පැන්සලක් වැනි දෙයක් සොර සිතින් තවත් දරුවකුගෙන් පැහැර ගෙන තම ගෙදරට ගිහින් නැති බැරිකම්වලින් පෙළෙන තම අම්මාට දුන්නහම එම ක්‍රියාව වරදක් බව නො කියා හෝ නිහඬ ව සිට එහි ආදිනව දරුවාට කියා දී දරුවා වරදින් මුදවා ගන්නට ක්‍රියා නොකළොත් ඒ දරුවා අනාගතයේ මහා දරුණු හොරෙකු බවට පත් වී සිරබත් කා මෙලොව ම දුකට පත් වෙනු දැකීමට ඒ අම්මාට වුව ද සිදු වෙනවා. එවැනි කොතෙකුත් නිදර්ශන සමාජයෙන් අපට ලබා ගන්ට පුළුවන්.

 

මේ උතුම් වස්සානය යි

බුද්ධ ශ්‍රාවකයන් ආගමික වශයෙන් අත්විඳින ආගමික නිදහස අසාමාන වූවකි. අදට යෙදී ඇති ඇසළ පුර පොහොය දිනයෙහි සිදු කෙරෙන ඉතා වැදගත් ආගමික චාරිත්‍ර ධර්මයක් ද මතු නොව මහා පින්කමක් ද වන වස්විසීමට අදාළව වූ වස්සූපනායික ශික්ෂා පදය පැනවීම තථාගතයන් වහන්සේගේ මහජන මතයට ගරු කිරීමේ උතුම් ගුණය ප්‍රකට වන අවස්ථාවකි. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වූ භාරතයෙහි තත්කාලීනව ආගමික ඉගැන්වීම් දෙසැටක් පමණ වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කරනු ලැබේ. මෙම ආගම් හා ඉගැන්වීම් අතර සුවිශේෂී ඉගැන්වීමක් වූ බුදු දහම මූලික වශයෙන් ම තරුණ පිරිසක් ඒකරාශී කොට ගෙන ව්‍යාප්ත වූවකි. සාම්ප්‍රදායික වෙනත් ඉගැන්වීම් අතර බුද්ධ ධර්මය නව මඟක් ගත් දහමක් විය. ඒ අනුව තම ශ්‍රාවකයන්ගේ අවබෝධය පිණිස, හික්මීම පිණිස, ශාන්තභාවය පිණිස, කෙලෙස් මල දුරු කිරීම පිණිස තම ධර්මය දේශනා කරන බව පමණක් නොව “පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති” යනුවෙන් සියලු කෙලෙස් මලින් පිරිනිවුන පරම සංසිඳීමේ සුවය ළඟා කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් තම ධර්මය දේශනා කරන ලදහ. බුදු දහම පහළවීමෙන් එළැඹි මුල් කාලපරිච්ඡේදය වන මෙම වකවානුවෙහි පැවති විවිධ ආගමික මතවාද පිළිබඳ අපි මුලින් සඳහන් කළෙමු.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]