[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

අසිරිමත් සෝමවති පුදබිමේ ශ්‍රී දකුණු දළදා පෙරහර පුණ්‍ය මහෝත්සවය

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයා අභියස සිට ශ්‍රී දකුණු දළදා පෙරහර 18 වැනි වරටත් අද වීදි සංචාරය කෙරේ. ක්‍රි.පූර්ව දෙවැනි සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සෝමවතී චෛත්‍ය රාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශීර්වාද ලබා ගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට “යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය” යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ “ගාමිණී අභය යුදජී රජඅඩියගම මණි අගිය විහරට දිනි” (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට “ගාමිණී අභය යුදජී” (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇලක් සාදවා එම ඇලෙන් වැඩ කරන කුඹුරු සියල්ල ම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බවත් එම සෙල්ලිපියේ සඳහන් වෙයි.  මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහර, පොළොන්නරු යුගයේ අවසානය දක්වා ම පවත්වා ගෙන එන ලදී. නැවත 1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන්‍ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමග පැමිණ බුද්ධ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කණින් අසමින් සොයා ගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගති. 1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල් තබා, 1981 දී බුද්ධරශ්මි මාලා මධ්‍යයේ කොත් පැළඳ වීමෙන් පසු නැවතත් ඇති වූ ත්‍රස්ථතවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සියළු දෙනාම 1986 දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග චූඩා මාණික්‍යය ගැලවූ ත්‍රස්තවාදියාද සිය ගිනි අවිය පත්තු වීමෙන් මරණයට පත්විය. චෛත්‍යරාජයා සමීපයෙහි බිම දමා තිබී හමුදා නිලධාරීන්ට හමුවූ මෙම චූඩා මාණික්‍යය නැවත අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව භාරයේ සුරක්‍ෂිතව තැබිණි.


ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]