[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සාමණේර භික්ෂූන් වහන්සේ 300 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වැනි ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවය පසුගියදා මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුªමා විසින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නා හිමිපාණන් වහන්සේ වෙත "දර්ශන විශාරද උපාධි" ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්ලයේ රන්දෝලි පෙරහර

ගෞතම බුදුරදුන් ඇසුරු කළ සමීපතම ශ්‍රී ලාංකිකයා වූයේ සුමන සමන් දෙවිඳුන් ය. බුදුරදුන් මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී සබරගමු ප්‍රදේශාධිපතියකුව සිටි හෙතෙම එහි ගොස් එදා ඇසූ බණ පද තුළින් සෝවාන් ඵලයට පත් විය. තථාගතයන් වහන්සේ සමනොළ ගිරිහිස සම්බුදු සිරිපා සටහන පිහිටුවන්නේ සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයට අනුව එහි වැඩම කොට වදාළ අවස්ථාවේ දී ය. සමන් දෙවිඳුන්ට කරන ගෞරවණීය පුද සත්කාරයක් වශයෙන් පොලොන්නරු යුගයේ මහා පැරකුම්බා රජු කල ශ්‍රී පාදස්ථානයේ සමන් දෙවොලක් ඉදිකර තිබූ බව රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ “සපරගමු දර්ශන” නමැති මාහැඟි ග්‍රන්ථයෙහි සඳහන් වේ. දඹදෙණියෙහි රාජ්‍ය කළ දෙවැනි පැරකුම්බා රජ සමයෙහි ශ්‍රී පාදස්ථානයේ සමන් දෙවොලක් ඉදි කරවූ බව මහාවංශයේ සඳහන් ව ඇත. එම අවධියෙහි දේවප්‍රතිරාජ නම් අමාත්‍ය ගම්පල සිට සමන් දෙවිරුවක් ශ්‍රී පාදස්ථානයට වැඩම කර වූ බව ද එහි සඳහන්ව තිබේ. දඹදෙණිය රාජ්‍ය සමයේ මැණික් ගැරීම සඳහා මෙම පෙදෙසට පැමිණි “ආර්යකාමදේව“ නමැති අමාත්‍යවරයා මැණික් සුලභව ලැබීම හේතුවෙන් සමන් දෙවිඳුන්ට වූ බාරයක් ඔප්පු කරමින් සමන් දෙවොල ඉදි කළේ ය. කෝට්ටේ හත් වැනි බුවනෙකබාහු රජ සමයේ රචිත “සමන් සිරිත” නමැති කවි පොතෙහි සඳහන් වන අන්දමට සිරිපා මළුවේ සිට සබරගමු විහාරය දක්වා සමන් දෙව් රුවක් වැඩම කරවා තිබේ. එසේ සමන් දේව රූපය වැඩම වීමෙන් පසු එය “සමන් විහාරය” බවට පත් විය. සමන් විහාරයත්, සමන් දේවාලයත් අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂා වූ අතර, සමන් විහාරයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, නුවර ආදී රාජ්‍ය සමයවලදීත් විහාරස්ථානය ආරක්ෂා කරමින් දේවාලයේ වැඩවලටත් උපදෙස් දුන්හ. ඒ අතර, ප්‍රබල භික්ෂූන් වැඩසිටි කාලවල දී සබරගමුවේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ද දියුණුූ විය. එහි අධිපතිත්වය දරා ඇත්තේ ධම්මාලංකාර නම් වියත් මහ තෙර නමකි. උන්වහන්සේ දෙල්ගමුව රජමහ වෙහෙරේ අධිපති මහින්දාලංකාර නාහිමියන්ගේ පැවිදි සහෝදර හිමිනමකි. උන්වහන්සේ මහනුවර මහා විහාරය හා සබඳතා පැවැත්වු මහ තෙරවරු වෙති. මේ නිසා සමන් දේවාලය සහ සමන් විහාරය සබරගමුවේ ප්‍රධාන පූජනීය ස්ථානය බවට පත්වී තිබුණි.


ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]