ඔබගේ
දරුවාත් අකීකරු ද?
ඌවේ සියම් මහා නිකායේ
මහා ලේඛකාධිකාරි,
ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
පුංචිම පුංචි කතාවක් වෙයි. එක්තරා පුංචි කුමාරයෙක් සිටියි. මේ කුමාරයා දෙමව්පියන්ට
කීකරු නැත. දෙමව්පියන් කියන දේ නො අසයි. හරිම හිතුවක්කාරයි. පොත පත බලන්න කී විට එය
නො කරයි. නිදා ගනියි. එසේ නැතහොත් යහලුවන් සමඟ සෙල්ලම් කරයි. අර්ථයක් නැති කතා
කරමින් සිටියි.
තම දරුවාගේ අකීකරුකම නිසා දෙමාපියෝ කනගාටු වූහ. ඔවුහු දරුවා පිළිබඳ තාපසයකුට කියා
දරුවා කීකරු කර දෙන ලෙසට ඔහුට දරුවා බාර කළහ.
තාපසයාත් දරුවාගේ අතින් අල්ලා ගෙන තාපසාරාමයේ ඇවිදින්නට විය. තාපසාරාමයේ ඇති මල්,
පොකුණු, අවට ගස්වල ඇති කුරුල්ලන් පෙන්වමින් දරුවා සමඟ ඇවිදියි. ආරාම බිමෙහි කුඩා
කොහොඹ ගසක් විය. එයින් කොළයක් කඩා කන ලෙස දරුවාට තාපසයා කියයි. දරුවා එයින් කොළයක්
කයි. එහි වූ තිත්ත රස නිසා කෝප වන දරුවා කොහොඹ ගස පයින් පාගා පොඩිකර දමා උගුල්වා
විසි කරයි.කුමක් නිසා එසේ කළේ දැයි තාපසයා අසයි. මෙ තරම් කුඩා ගසක් ව මෙය මේ තරම්
තිත්ත නම්, ලොකු ගහක් වූ විට තවත් තිත්ත වන නිසා විනාශ කළ බව කියයි.
එවිට තාපසයා කියන්නේ කුඩා කලම අකීකරු වූ විට ඒ අකීකරුකම් ලොකු වෙද්දි පුරුදු බවට
පත්ව විනාශ වන බවයි. එවිට දරුවාට කීකරුවීමේ අගය දැනිණි.
වර්තමානයේ දෙමව්පියෝ, ගුරුවරු දරුවන්ට, සිසුන්ට අවවාද දීමේ ගැටලුවට මුහුණ දෙති.
අවවාද කළ විට නිවසින් පැන යයි. එසේ නැතිනම් සියදිවි හානි කර ගනියි. දරුවෝ
මුරණ්ඩුකම, මෝඩකම, මානය නිසා අවවාද පිළිනොගනිති. මේ නිසා වර්තමාන දරු පරපුර, සිසු
පරපුර විනාශ වෙති.
පත පොත නො ඉගෙන ජංගම දුරකථනයට ඇබ්බැහිව එහි ඇති ඨචථඥඵ සෙල්ලම් කරයි. ජ්චජඥඡධධඬ,
රධභබභඡඥ යයි. මේ නිසාම සමහර දරුවන් හොරකම් වැනි වෙනත් වැරැදි කරයි. ඇතැම් දරුවන්,
සිසුන් හොරකම් කොට ගන්නේත් ජංගම දුරකථනයි. වෙනත් කාම අපරාධවලට යොමු වෙයි. දවසම
සින්දු අසයි. නාට්‍ය චිත්‍රපටි බලයි. නිකරුණේ ගත කරයි. අවවාද කළොත් කේන්ති ගනියි.
බුදු දහම තුළ වන අදහස වන්නේ තම වරද දැක, එයට නිග්‍රහ කොට, අවවාද දෙන්නා නැණවතෙකි.
එවන් නැණවතුන් ඇසුරු කරන්න යන්නයි. ඒත් දරුවන්ට පෙනෙන්නේ තමන්ට අවවාද දෙන්නන්
තමන්ගේ හතුරන් ලෙසයි. අවවාදයක් දඬුවමක් දුන් කල තම වරද හදා ගන්නවාට වඩා අවවාද,
දඬුවම් දුන් අයට වෛර කරයි.
මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ අනුමාන සූත්‍රයේ දී අවවාද දිය යුතු හා නොදිය යුතු
අය පිළිබඳ දක්වා තිබේ. අවවාද දීමට අකැමැති, අවවාද නො ඉවසන, නොරිස්සන කෙනකු වේ නම්
ඔහුට අවවාද නොකළ යුතුයි. ඔහුගේ අකීකරු බව ඇති කරන ධර්ම දහසයක් පවතියි.
ලාමක පහත් ආශාවන්ගෙන් ද, අදහස් වලින් ද යුතු වූයේ, ඒවායෙහි වසඟයට පත් වූ පුද්ගලයාට,
තමා ම උසස් යැයි සිතා කටයුතු කරන, අන්‍යයින් හෙළා දකින අත්තුක්කංසන පරවම්භන
පුද්ගලයාට, ක්‍රෝධයට වසඟ වූ,
ක්‍රෝධයෙන් මඩනා ලද පුද්ගලයාට,
ක්‍රෝධයෙන් වෛර බැඳ ගන්නා පුද්ගලයාට,
ක්‍රෝධයෙන් ම නිතර නිතර අන්‍යයන් හා ගැටෙන්නාට,
ක්‍රෝධ සහගත වචන භාවිත කරන්නාට,
යම් චෝදනාවක් කරන කල්හි එයට ප්‍රතිවිරුද්ධ ව කටයුතු කරන්නාට,
යම් චෝදනාවක් කරන කල්හි චෝදනාව කරන්නාට ම පෙරළා ගරහන්නාට,
චෝදනාවක් කරන කල්හි චෝදකයාට ප්‍රතිචෝදනා කරන්නාට,
චෝදනා කරන කල්හී වෙනත් කතාවකින් එය වසා දමන්නට උත්සාහ කරන්නාට,
චෝදනාවක් කරන කල්හි තමාගේ චරිතයෙහි පිරිසුදු බව දක්වමින් එය ප්‍රතික්ෂේප කරන්නට
උත්සාහ දරන්නාට,
චූදිතයා ගුණමකුවකු ව, චෝදකයාට ම චෝදනා කරන්නාට ,
ඊර්ෂ්‍යාවෙන් මඩනා ලද පුද්ගලයාට,
කපටි කෛරාටිකයාට,
තදගති සහිත අධික මාන්නාධිකයාට,
තමන්ගේ ම මතයෙහි දැඩිව එල්බගත් පුද්ගලයාට කිසිදා කිසි ලෙසකින් හෝ අවවාද නොකළ යුතුය.
මෙම ගතිවලින් තොර වූ පුද්ගලයා සුවච කීකරු කෙනකු වන බවත් ඔහුට කවරාකාරයෙන් වුව අවවාද
කිරීම සුදුසු බවත් අනුමාන සූත්‍රයේ දක්වයි.
මිනිසා අනුකරණශීලි සතෙකි. ඔහු අනෙක් සතුන් මෙන් හැදෙන්නේ නැත. හැදිය යුතු ය. හදන්නට
නම් දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් අවවාද කළ යුතුයි.ඒ අවවාද පිළිගෙන කටයුතු
කිරීම සුවචකමයි. එසේ සුවච වීම දියුණුවට හේතුවන බව කරණීයමෙත්ත සූත්‍රය, මංගල සූත්‍රය
වැනි සූත්‍රවල දක්වයි. පරාභව සූත්‍රවල එසේ නොකිරීම පරිහානියට හේතුවක් බව දක්වයි.
එසේ අවවාද නො පිළිගෙන හිතුවක්කාරව කටයුතු කිරීම විනාශයට හේතුවක් බව ඛරාදිය ජාතකයෙහි
දක්වා ඇත.
ඛරාදිය යනු මුවකුගේ නමයි. ඛරාදිය මුව පැටියාගේ මව මෙම මුව පැටියාට මුව මායම් උගන්වන
ලෙස තම සොහොයුරාට දැන්වීය. මුව මායම් නම් වැද්දන්ට හසු වූ කළ එයින් බේරී යන
ක්‍රමවේදයි. මුව පැටියා මුව මායම් ඉගෙන ගන්නට මාමා ළඟට නොයයි. අනෙක් මුව පැටියන්
සමඟ සෙල්ලම් කරමින්, කතා බහ කරමින්, කළහ කරමින්, නිදමින් ඔහු ඒ කාලය ගත කරයි. මෙසේ
කටයුතු කරන ඛරාදිය එක් දිනක් වැද්දකුගේ උගුලකට හසුවිණි. ඔහු මුව මායම් නොදනී. ඒ
නිසා උගුලෙන් ගැළවීමක් නොවිණි. වැද්දා පැමිණ ඌ මරා මස් කරන ලදී. අවවාද පිළි නො
ගැනීම විනාශයට හේතුවන බව මෙයින් දක්වයි.
තමන්ගේ අනාගතය දියුණු කර ගන්නට කැමැති අය වැඩිහිටියන්, දෙමාපියන්, ගුරුවරුන් දෙන
අවවාදවලට සවන් දිය යුතුයි. සවන් දී තම වරද හදා නිවැරැදි විය යුතු ය. එසේ නොමැති
වුවහොත් ජීවිතය පසුකාලීනව පසුතැවිලිවීමට සිදු වෙයි. |