[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඌරල ශ්‍රී ක්ෂේත්‍රරාම සුමංගල

ඌරල ශ්‍රී ක්ෂේත්‍රරාම සුමංගල පිරිවෙන් විහාරස්ථානය

ඌරල ශ්‍රී ක්ෂේත්‍රරාම සුමංගල පිරිවෙන් විහාරස්ථානය පොළොන්නරු යුගයට අයත් විහාරස්ථානයකි. විහාරස්ථානයේ ආදි කර්තෘන් වහන්සේ වනුයේ වදුරඹ සිද්ධාර්ථ මා හිමියන් ය. ඌරල සුමංගල සෝභිත හිමියන් ද විහාරාධිපති පදවිය දරා ඇත. උන්වහන්සේගෙන් පසුව විහාරාධිපති පදවියට පත් ගාලු ගඟබඩපත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක වැලිවිටියේ ශ්‍රී සරණතිස්ස නාහිමියන් වහන්සේ මෙම විහාරය සකලාංග පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන්නට ක්‍රියා කළහ.

උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති පදවියට පත්වන්නේ ගාල්ල මාතර හම්බන්තොට තෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ සරණතිස්සාභිධාන ශාස්ත්‍රවේදී වඳුරඹ අනෝමදස්සි නාහිමියන් වහන්සේ ය. උන්වහන්සේ ශාසනික ආගමික සමාජ සේවාවන් රැසක් සිදු කළ අතර විහාරාංගයන්ගෙන් සමන්විත දැකුම් කළු විහාරස්ථානයක් බවට ද පත් කළහ. සරණතිස්ස දහම් පාසල ද ආරම්භ කරමින් ගුණ නැන දෙකින් පිරිපුන් දරු පිරිසක් සමාජගත කරන්නට ද ගත් මෙහෙය අගය කළ යුතුයි.

1978 දී ආරම්භ කළ ශ්‍රී සුමංගල පිරිවෙන එදා ප්‍රදේශයේ ගිහි පැවිදි සිසු දරුවන්ට තක්ෂිලාවක් විය. මෙම ඓතිහාසික විහාරස්ථානයේ වර්තමාන ආධිපත්‍ය දරන්නේ ඌරල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති ඌරල චන්දිම හිමියන් ය. උන්වහන්සේ බද්දේගම ඉදුරුපන්විල විද්‍යානන්ද විද්‍යායතන පිරිවෙනේ ද පරිවේණාචාර්යයන් වහන්සේ නමක් ලෙස ද ක්‍රියා කළහ. චන්දිම හිමියන්ගේ පැවිදි සහෝදරයන් වහන්සේ වනුයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පොරවගම නාලක හිමි, වදුරඹ රතනසාර හිමියන් ය.

වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති ඌරල චන්දිම හිමියන් විහාරාධිපති පදවියට පත්ව දස වසර සම්පූර්ණ වන මේ මොහොතේ ධාතු මන්දිරය ඉදිකිරීම, චෛත්‍ය රාජයාණන් වහන්සේට චූඩාමාණික්‍ය පැළඳවීම ආදී සකලාංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට පත් එම විහාරාංගයන් විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පරිත්‍රාණ ධර්ම දේශනය සමඟ මේ මස 22 වැනි දා ශතාදික මහා සංඝරත්නය විෂයයෙහි දන් පූජා කර අපවත් වී වදාළ නා හිමිවරු ඇතුළු මිය ගිය දායක කාරකාදීනට පින් දීමට කටයුතු කර තිබුණි.

ඌරල චන්දිම හිමියන් විශාරද බහුශ්‍රැත යතිවරයන් වහන්සේ නමක් ලෙසත්, දක්ෂ ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙසත් ගිහි පැවිදි සැමගේ ගෞරවයට ලක්ව වැඩ සිටින අතර උන්වහන්සේගේ ජන්ම දිනය ද මේ මස 20 වන දිනට යෙදී තිබුණි. අපේ ඌරල ක්ෂේත්‍රරාම පුරාණ විහාරාධිපති නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති ඌරල චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ලෝක ශාසනික සේවාවන් ශක්තිමත්ව බලවත්ව සිදුකරන්නට සියලු ශක්තිය සැලසේවා’යි සෙත් පතමු.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]