[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගිහියාටත් වස් සමාදන් වීමට පුළුවන්ද?

ගිහියාටත් වස් සමාදන් වීමට පුළුවන්ද?

“අයං වස්සාන කාලෝ” මේ වස් කාලය යි. ලොව පුරා වැඩ සිටින උපසම්පන්න භික්ෂූන් වහන්සේ වස් සමාදන් වන්නේ අද යි.

සෑම වසරක ම ඇසළ පොහෝ දින පෙර වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ පොහොය කිරීම් ආදී විනය කර්ම කොට අද වස් සමාදන් වෙති. මෙය එදා බුද්ධ කාලයේ සිට පැවත එන සිරිතකි. මේ පිළිබඳ සමහරු අද වන විට නොයෙක් වාද විවාද ඇති කර ගෙන සිටින බව පෙනේ. එයට හේතුව භික්ෂූණීන් වහන්සේ ද වස් සමාදන් වීම යි. සමහර ගිහියෝ ද අපිටත් වස් සමාදන් වෙන්න බැරිදැයි අසන බව පෙනේ.

වස් සමාදන්වීම බුද්ධාගමට පමණක් ආවේණික වූවක් නොවේ. එදා බුද්ධ කාලයේ නිගණ්ඨයෝ පවා වස් සමාදන් වී වැසි කාලයේ බණ භාවනා කරමින් කාලය ගෙවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ එදා ජනතාවගේ ඉල්ලීම මත භික්ෂූන් වහන්සේට වස් සමාදන් වීම අනිවාර්ය කළ සේක. වස් කාලයේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ හා භික්ෂූණීන් වහන්සේ අනිවාර්යයෙන් ම වස් සමාදන් වී සිටිය යුතු ය. ගිහියන්ට වස් සමාදන් වීමක් නැති වුවත් වැසි කාලයේ දස සිල් හෝ අටසිල් හෝ පන්සිල් සමාදන් ව සිල්වත් ව කාලය ගෙවීමේ හැකියා ව ඇත.

කාර්ය බහුලත්වයෙන් තොර, ගෘහ බැදීම් අඩු ගිහි පිරිස් වස් කාලයේ ස්වාමීන් වහන්සේ ඇසුරු කරමින් වස් තුන් මාසයේ ස්වාමීන් වහන්සේටත් ඇප උපස්ථාන කරමින් අටසිල් හෝ දස සිල් සමාදන් වී කාලය ගෙවූ කතා පුවත් අසන්නට ලැබේ.

වස් කාලයේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ මාතික මාතා නම් උපාසිකාවක් ස්වාමීන් වහන්සේටත් ප්‍රථම අනාගාමී වී ඇත. අපේ පැරැණි දායක පිරිස් වස් කාලයේ සිල් සමාදන් වී ස්වාමීන් වහන්සේ සේ ම සිල්වත් ව වස් කාලය ගෙවා ඇත. වස් සමාදන් වීම භික්ෂූන් වහන්සේට අයිති විනය කටයුත්තකි. එය උන්වහන්සේ සිදුකරන අතර ගිහි ඔබටත් වස්කාලයේ ධර්මනුකූල ව සිල්වත් ව මේ වස්කාලය ගත කොට සසර කෙටි කර ගැනීමට උත්සාහ දරන්න.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]