අසිරිමත් සෝමවති පුදබිමේ
ශ්‍රී දකුණු දළදා පෙරහර
පුණ්‍ය මහෝත්සවය
සෝමවති රාජමහා විහාරාධිපති,
මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ
මල්වතු මහා විහාර
පාර්ශ්වයේ
ප්‍රධාන ලේඛකාධිකාරී,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
විශ්‍රාමික කථිකාචාර්ය
වැඩබැලූ අංශාධිපති
ආචාර්ය
පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ
ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයා අභියස සිට ශ්‍රී දකුණු දළදා පෙරහර 18 වැනි වරටත් අද
වීදි සංචාරය කෙරේ.
ක්‍රි.පූර්ව දෙවැනි සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදු රජාණන්
වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා
අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සෝමවතී චෛත්‍ය රාජයා අභියස දළදා පූජා
හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශීර්වාද ලබා ගන්නා මොහොතේ දී සෝමවතී
විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට “යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය”
යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ “ගාමිණී අභය
යුදජී රජඅඩියගම මණි අගිය විහරට දිනි” (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත
ලිපියෙහි රජතුමාට “ගාමිණී අභය යුදජී” (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය
පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇලක් සාදවා එම ඇලෙන් වැඩ කරන කුඹුරු
සියල්ල ම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බවත් එම සෙල්ලිපියේ සඳහන් වෙයි.
මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහර,
පොළොන්නරු යුගයේ අවසානය දක්වා ම පවත්වා ගෙන එන ලදී. නැවත 1947 දී මල්වතු මහා
විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී
ගුණානන්‍ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමග පැමිණ බුද්ධ
රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කණින් අසමින් සොයා ගැනීමෙන්
පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගති. 1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල්
තබා, 1981 දී බුද්ධරශ්මි මාලා මධ්‍යයේ කොත් පැළඳ වීමෙන් පසු නැවතත් ඇති වූ
ත්‍රස්ථතවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සියළු දෙනාම 1986 දී ත්‍රස්තවාදීන් විසින්
ඝාතනය කිරීමත් සමග චූඩා මාණික්‍යය ගැලවූ ත්‍රස්තවාදියාද සිය ගිනි අවිය පත්තු වීමෙන්
මරණයට පත්විය.
චෛත්‍යරාජයා සමීපයෙහි බිම දමා තිබී හමුදා නිලධාරීන්ට හමුවූ මෙම චූඩා මාණික්‍යය නැවත
අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව භාරයේ සුරක්‍ෂිතව තැබිණි.
පසු කලෙක දකුණු දළදා පෙරහර පැවැත්වීමට තීරණය කෙරිණි. එහිදී අලි ඇතුන් රහිතව, සධාතුක
කරඬුව සිය හිසමත හා ඉන්පසුව වාහනයක තබා ගෙන වර්ෂ තුනක් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව
බෝධීන් වහන්සේගේ රන්මල් හා රන්දළු හටගත් අතරම, 04 වැනි දළදා පෙරහර පැවැත්වීමට තීරණය
කරන ලදි.
එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේදී චෛත්‍ය රාජයා
දෙසින් බෙරහඬක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කරඬුවක් තබා ගත් අලි ඇතුන් සහිත
පෙරහරක් එන බව පෙනිණ. මෙම අවස්ථාව ඡායාරූප ගතකිරීමට ද හැකි විය.
මේ අවස්ථා නිසා පෙරහර සඳහා ඇතෙක්ම යොදා ගත යුතු යැයි තීරණය කොට මහනුවර ශ්‍රී දළදා
මාළිගාවේ පෙරහරේ කරඬුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වැනි
දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්‍ෂිණා කොට ගෙවදීමත් සමගම රාත්‍රී 11.00 ට
පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැළයට ගියේ ය.
මෙවර 18 වැනි වරටත් පවත් වන මෙම පෙරහර ද පෙර අයුරින් ම අද (01) ඇසළ පුර පසළොස්වක
පොහෝ දින රාත්‍රී 08 දළදා පෙරහර සහිත දේව පෙරහර ද වීදි සංචාරය කෙරේ.
එදිනම අභිනවයෙන් ඉදි කරන ලද ඝණ්ඨාර කුළුණ ද විවෘත කරමින් මහා සංඝරත්නයට වස්විසීම
සඳහා කෙරෙන ආරාධනා කිරීම් ආදී පින්කම් මාලාවක් සිදු කෙරේ.
මේ පින්කම සඳහා සම්බන්ධ වීමෙන් ජනාධිපති තුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් ඇතුළු සකල
ලාංකික ජනතාවට ශ්‍රී දකුණු දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබීමෙන් නිසිකලට වැසි ලැබී සකල
ප්‍රාර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක් ම සැලසේවා'යි ප්‍රාර්ථනය කරමි. |