අධිමානය
නවතින තැන
බුදු හිමියන් බුද්ධත්වයෙන් නව මසකට පසුව කිඹුල්වත්පුරයට කාළුදායි හිමියන්ගේ ආරාධනයට
අනුව වැඩම කළ සේක. එම වැඩමවීමෙන් පසුව නන්ද කුමරු ඇතුළු භද්දිය, අනුරුද්ධ, ආනන්ද,
භගු, තිම්බිල, දේවදත්ත යන කුමාරවරුන් ද විශාල පිරිසක් විටින්විට පැවිදි වූහ.
මේ අතර සිදුහත් බෝසතාණන් වහන්සේ හා එකට උපන් ඡන්න ඇමැතිවරයා ද බුදු හිමි සොයා පැමිණ
පැවිදි විය. පැවිදි බව ලැබූ දා පටන් උන්වහන්සේ අධික මානයකින් කටයුතු කළහ. බුදු
සසුනේ අග්‍රස්ථාන තනතුරු පිරිනැමීමේ දී ද ගිහි කල කරණවෑමියෙක් ලෙස කටයුතු කොට
පැවිදි වූ උපාලි හිමියන්ට විනයධර භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම ගැන ද සැරියුත්,
මුගලන් මහ රහතන් වහන්සේ වෙත අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබීම ගැන ද, සිත තුළ නොසන්සුන්
භාවයක් ඇති කොටගෙන සිත ක්‍රෝධයෙන් පුරවා ගෙන නිරතුරුව වෛරයෙන් පසුවූහ. අනෙක්
ස්වාමීන් වහන්සේ සමඟ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට නිතර පරිභව කරමින් කටයුතු
කළහ.
“මම අපේ ආර්ය පුත්‍රයන් වහන්සේ සමඟ මහභිනික්මන් කොට මෙහි ආවෙමි. ඒ කාලයේ වෙන
කිසිවෙක් සිටියේ නෑ. “කියමින් එහෙ මෙහෙ ඇවිදිති.
මෙවැනි බස් කියමින් නිරතුරුව අගසව්වන්ට අක්‍රෝෂ පරිභව කළහ. අනෙක් භික්ෂූන් වහන්සේ
මේ ගැන බුදු හිමියන් දැනුම්වත් කිරීමෙන් පසුව බුදුපියාණෝ තෙවරක් ඡන්න තෙරුන් කැඳවා
අවවාද කළහ. නමුත් ඡන්න හිමියෝ කිසිවිටෙක එම අවවාද පිළිගෙන ජීවිතය ධර්ම මාර්ගයට
අවතීර්ණ කර නොගත්හ. නිතර නිතර ම එම වරදෙහි ම බැඳුණේ ය.
දිනක් ආනන්ද හිමියන් ඡන්න තෙරුන් පිළිබඳ ගැටලුවට ලබා දෙන විසඳුම පිළිබඳ බුදු
හිමියන්ගෙන් විමසූ මොහොතක බුදුරදුන් පවසා සිටියේ ඡන්න තෙරුන් බුදුරදුන් පිරිනිවන්
පාන තුරුම මෙම වැරැද්ද සකස් කර නොගන්නා බවත්, බුදුරදුන් පිරිනිවන් පෑ පසුව ඡන්න
හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවන ලෙසටත් ය. පසුව ඡන්න හිමියන් වැරැද්ද අවබෝධ කොටගෙන
ධර්ම මාර්ගයට එළඹෙන බවත් ය.
ටික කලකින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළහ. පසුව ආනන්ද හිමියන් මූලික වී
ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනෙව්වේ ය. එ පුවත් අසා ඡන්න හිමියෝ දුක්වී සිතේ
වේදනාව ඇතිවී තෙවරක් ම
“ස්වාමීනි මා නොතැකුව මැනවයි” ඉල්ලා සිටියේ ය. පසුව සීලාදී ගුණධර්මයන්ගේ පිහිටා
නොබෝ කලකින් සියලු කෙලෙසුන් ප්‍රහීණ කොට උතුම් වූ අරහත් ඵලයට පත්වූහ.
මේ දේශනාව තුළින් බුදු හිමියෝ මිත්‍රත්වයේ වටිනාකම පෙන්වූහ. තව ද මෙම ගාථාව තුළින්
බුදු හිමියෝ පෙන්වන්නේ පුද්ගලයකු අපගේ ප්‍රාණය හා බඳු මිතුරෙකු වන අයුරු ය.
- ඔලබොඩුවේ සෝභිත හිමි |